Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා ඒකාබද්ධ සේවා රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය

සේවක සංඛ්‍යාව - 35500

බඳවා ගැනීම

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක්  විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.

ඉල්ලුම් කිරීම

රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය  පිළිබඳව පළ කරනු ලැබේ.

සේවය සඳහා අවම සුදුසුකම්

  • විවෘත පදනම මත - ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය, අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි විය යුතුය, යහපත් චරිතයකින් යුක්ත විය යුතුය,  අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව එක් වරකදී විෂය හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම සහ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන්ගෙන් එකවර සමත් වීම. (පැරණි විෂය නිර්දේශය යටතේ විෂය 3කින් එකවර සමත්වීම)
  • සීමිත පදනම මත - රජ්‍ය සේවයේ ස්ථිර කණිෂ්ඨ සේවකයකු විය යුතු අතර නියමිත දිනට පුර්වාසන්නව ස්ථිර  පත්වීමක යටතේ අවුරුදු 5 ක් අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු බව අදාල දෙපාර්තමේන්තු  ප්‍රධානියා විසින් සනාථ කර යුතු අතර 2001.11.26 දිනට පසු සේවයේ ස්ථිර කර ඇති  කණිෂ්ඨ සේවකයින් , භාෂාව/සහිත්‍යය හා ගණිතය ඇතුඵව විෂයයන් හයක් ඇතිව අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම.

සේවා ව්‍යවස්ථාවන් හා අදාල චක්‍රලේඛ

වර්ථමාන සේවා ව්‍යවස්ථාව

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1840/34 - 2013.12.11 [ 156 KB ]
පූර්ව සේවා ව්‍යවස්ථාව
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1372/23 - 2004.12.24
[ 716 KB ]
රා.ක.ස.සේ. ව්‍යවස්ථා සංග්‍රහය - සංශෝධන අංක 01 - අංක 1462/25 - 2006.09.14
[ 118 KB ]
රා.ක.ස.සේ. ව්‍යවස්ථා සංග්‍රහය - සංශෝධන අංක 02 - අංක 1529/7 - 2007.12.24
[ 43 KB ]
රා.ක.ස.සේ. ව්‍යවස්ථා සංග්‍රහය - සංශෝධන අංක 03 - අංක 1681/29 - 2010.11.23
[ 63 KB ]

 

රජයේ සරප් සේවා ව්‍යවස්ථා සංග්‍රහය
- අංක 14842 - 1969.02.21

සාමාන්‍ය ලිපිකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 14977/9 - 1971.09.29
රජයේ ලඝුලේඛක සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 15011 - 1972.05.19
රජයේ යතුරු ලේඛක සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 15011/2 - 1972.05.20
රජයේ පොත් තබන්නා සේවා ව්‍යවස්ථා සංග්‍රහය  
- අංක 65 - 1979.11.30
ගබඩා භාරකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය
- අංක301/2 - 1984.06.11


අදාල චක්‍රලේඛ

කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්බන්ධව

සේවා ව්‍යවස්ථාව සම්බන්ධව

වැටුප් සම්බන්ධව

අන්තර්ග්‍රහණ සම්බන්ධව

 

අප අමතන්න

කේ.වී.පී.එම්.ජේ. ගමගේ මිය
දුරකතනය : +94 11 2694560 (දිගුව - 500)
ෆැක්ස් : +94 11 2692254
ඉ-තැපෑල : dgcs[at]pubad.gov.lk

 

 

බුද්ධි එන්. ලියනගේ මෙය
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ - I
දුරකතනය : +94 11 2694300 (දිගුව - 502)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : dcs-i[at]pubad.gov.lk

 

 

පුරප්පාඩු
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ (I ශාඛාව - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I ශ්‍රේණිය)
දුරකතනය : +94 11 2698649 (දිගුව - 510)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-i[at]pubad.gov.lk

 

 

එම්. කරවිට මෙය
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ (රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය-II ශ්‍රේණිය)
දුරකතනය : +94 11 2684404 (දිගුව - 512)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-ii[at]pubad.gov.lk

 

 

එන්.ජී.ඩබ්.එම්.වී.එස්. විජේතිලක මිය
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ (රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය-IIIශ්‍රේණිය,අධිශ්‍රේණිය සහ ප්‍රතිපත්ති ශාඛාව)
දුරකතනය : +94 11 2699400 (දිගුව - 508)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-iii[at]pubad.gov.lk

 

 

කේ.එම්.කේ.කේ. කුලතුංග මිය
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ (IV ශාඛාව - රාජ්‍ය කළමන‍ාකරණ සහකාර සේවය - ස්ථාන මාරුවීම්)
දුරකතනය : +94 11 2693769 (දිගුව - 506)
ෆැක්ස් :+94 11 2692254
ඉ-තැපෑල : adcs-iv[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2017 සැප්තැම්බර් 11 වෙනි සදුදා, 05:31  

යාවත්කාලීනය : 22-11-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter