ලක්ෂ 6 ඉක්මවූ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ගේ වාර්ෂික ජීවිත සහතික කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණය කිරීම මේ වසරේ මුලදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් අරඹන ලදි. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවද නිල වශයෙන් ගිවිසුම්ගතව එක්වීමේ අවස්තාව පසුගියදා සිදුවිය. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත නිලවශයෙන් සිදුවුණි. මෙම අවස්තාවට ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ සභාපතනී කේශලා ජයවර්ධන, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස්, අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.