Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

රටක් සංවර්ධනය කීරීමේ කාර්යය පැවරෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට.

පාකිස්තානු දූත පිරිසක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා මුණගැසේ.....

අනෙක් සේවාවන් සමග සසඳන විට තාක්ෂණික සේවාවන් සඳහා ගෙවන වැටුප ප්‍රමානවත් නෑ, නව වැටුප් ව්‍යුහයක් සැකසීමේදී විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා....

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරන්න

ලොව දියුණුවූ හැම රටක්ම දියුණු වුණේ යහපත් නායකයෙකු රට පාළනය කරන විටයි.....

වර්තමානයේ රටේ ක්‍රියාත්මක සංහිඳියාව නිසා අපේ රටට ජාත්‍යන්තරයේ පැසසුම් ලැබෙනවා.

රටට අහිමි වූ ජාත්‍යන්තර පිළිගැනීමත් ජනතාවට අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදයත් යලි දිනාදීමට පසුගිය වසර තුල අපේ රජයට හැකි වුනා

ජගත් සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීන ලේඛක චූලානන්ද සමරණායක මහතාට රාජ්‍ය සේවයේ මහගෙදරින් හරසර.

ජාතික ක්‍රීඩා හා ශරීර සුවතා සතියට සමගාමීව රාජ්‍ය සේවකයින් අතර ශරීර සුවතා වැඩසටහන් ප්‍රචලිත කිරීමේ වැඩසටහන

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත් කරන ලද පත්වීම්ලාභීන්ගේ සේවාරම්භක පුහුණුව 2015-09-15 දින සිට.. වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න..

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ සේවා අංශ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා මණ්ඩලය

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා මණ්ඩලය

දැක්ම

දේශයට වඩා යහපත් සේවයක් ලබාදීම සඳහා තෘප්තිමත් ඉංජිනේරු සේවයක්

මෙහෙවර

රට වෙනුවෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටු කෙරෙන සේ තෘප්තිමත් සේවාවක් සහතික කරනු වස්, ඊට අදාළ වන්නා වූ අවධානය ලැබෙනු පිණිස, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය සේවයේ ඉංජිනේරු නිලධාරීන් කළමනාකරණය කිරීම.

අධ්‍යක්ෂ ධූරයේ කාර්යභාරය

රජයේ සේවයේ ඉංජිනේරු නිලධාරීන්ට අදාළ පහත දැක්වෙන කරුණු සම්බන්ධයේන අධ්‍යක්ෂ ධූරය කටයුතු කරයි.

  • පත්වීම් හා උසස් වීම්
  • විශ්‍රාම ගැනීම්.
  • සේවයෙන් ඉල්ලා අස්වීම.
  • පරිවාස කාල සීමාව දීර්ඝ කිරීම.
  • පත්වීම ස්ථිර කිරීම.
  • විනය කටයුතු.
  • ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා හා විදෙස් ණය ආධාර ලැබෙන ව්‍යාපෘති සඳහා සේවයෙන් නිදහස් කිරීම.
  • විදෙස් ශිෂ්‍යත්ව, පුහුණු, රැකියා හෝ අධ්‍යාපනය සඳහා සේවයෙන් නිදහස් කිරීම.
  • අමාත්‍යාංශ අතර ස්ථානමාරු.
  • වෘත්තිය සමිති වෙතින් වන නියෝජනයන්.

පසුබිම

  • විවිධ දෙපාර්තමේන්තු විසින් භාවිතා කරනු ලබන පරිපාටි වල සමරූපීතාවයක් නොවීය. එබැවින්, කුමන දෙපාර්තමේන්තුවක සේවය කලද, රාජ්‍ය සේවයේ සියලු ඉංජිනේරු නිලධාරීන් සඳහා සමාන කොන්දේසි අදාළ වන පරිදි ඉංජිනේරු නිලධාරීන් සඳහා වෙනම සේවයක් සැකසීමට රාජ්‍ය සේවා ඉංජිනේරු නිලධාරීන් විසින් යෝජනා කරන ලදී.
  • ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1971.10.01 දින මධ්‍යගතව ස්ථාපිත කිරීමට පෙර රාජ්‍ය සේවයට අවශ්‍ය ඉංජිනේරුවන් අදාළ දෙපාර්තමේන්තුව විසින් තමන්ගේ අවශ්‍යතාවය පරිදි බඳවා ගනු ලැබීය.

ප්‍රතිඵල- සේවා ව්‍යවස්ථාව

  • අදාළ සේවක සංගම් වලින් අදහස් විමසීමෙන් අනතුරුව රජය විසින් ලංකා ඉංජිනේරු සේවයේ කටයුතු කළමනාකරණය කිරීම උදෙසා පිහිටුවනු ලැබූ මණ්ඩලයක් හා එම මණ්ඩලයට උපදෙස් ලබාදීම සඳහා විධායක අධ්‍යක්ෂ ලෙස I පන්තියේ ජේ‍යෂ්ඨ ඉංජිනේරු නිලධාරියෙකුගෙන් ද සමන්විතව, ලංකා ඉංජිනේරු සේවය සැකසීම සඳහා ව්‍යවස්ථාව අනුමත කරන ලදී.
  • ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව, ලංකා රජයේ අංක 15001/8 හා 1972, මාර්තු 14 වන අඟහරුවාදා දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද අතර (රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින්). 1971 ඔක්තෝබර් මස 1 වන ලංකා ඉංජි‍නේරු සේවය ස්ථාපිත කරන ලදී.

සේවය කළමනාකරණය කිරීම

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ සේවා ව්‍යවස්ථාවට අනුව පෙර කී මණ්ඩලය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විතය. එම සාමාජිකයන් නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, හා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට අයත් නොවන ජේ‍යෂ්ඨ වරලත් ඉංජිනේරුවන් දෙදෙනෙකි. මෙම මණ්ඩලය ඉංජිනේරු සේවා මණ්ඩලය ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් වන දීප ව්‍යාප්ත සමාන්තර සේවා වලින් එකකි. එම ඉංජිනේරු නිලධාරීන් සඳහා පත්වීම් බලධාරියා හා විනය බලධාරියා වනුයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි.

සංවිධාන ව්‍යුහය

වර්තමානයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ඉංජිනේරු අංශවලට අනුව වර්ග කළ සේවා ව්‍යවස්ථාවට අන්තර්ගත විවිධ කාණ්ඩ 10කින්, එනම් සිවිල් -6, යාන්ත්‍රික-2, විදුලි-2 (ලුහු සහ බර විදුලි) කණ්ඩායම් වලින් සමන්විතය.

  • මේ වන විට මුළු ඉංජිනේරු නිලධාරී සේවක සංඛ්‍යාව 1156 කි.

නව ඒකාබද්ධ වැටුප් පරිමාණයන්

එක් එක් පන්තියට /ශ්‍රේණියට අදාළ සංශෝධිත වැටුප් පරිමාණ පහත දැක්වේ.

  • I පන්තිය (රු. 36,255.00)
  • II පන්තිය I ශ්‍රේණියට (රු. 30,175.00)
  • II පන්තිය II ශ්‍රේණියට (රු. 29,935.00-10x645-8x799-17x1050-‍‍‍‍ රු. 53,555)

II පන්තිය II ශ්‍රේණිය සඳහා රු.4,870.00 හා රු. 26,805.00 වැටුප් පියවර වලට ළඟාවීමට පෙර පිළිවෙලින් පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත් විය යුතුය.

කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ

පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

  • ගිණුම් පරිපාටිය
  • දෙපාර්තමේන්තු නීති හා රෙගුලාසි
  • පරිපාලන පරිපාටිය
  • සිංහල/ දෙමළ වාචි

දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

  • ප්‍රඥප්තිය පිරිනමන පිළිගත් වෘත්තීය ආයතනයක් හෝ ආයතනයක ඒකාබද්ධ සාමාජිකත්වයට තේරී පත්වීම ද ඇතුලු ව වෘත්තීය සුදුසුකම්.

සම්පූර්ණ වෘත්තීය සුදුසුකම් සහිතව පත්වීම ලද ඉංජිනේරු නිලධාරීයෙකු II පන්තියේ II ශ්‍රේණියයේ, රු. 26,805.00 ක වැටුප් පියවරෙහි තබනු ලබයි. නමුත්, ඔහුගේ පත්වීම ලැබූ දිනයේ සිට වසර දෙකක් තුල පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය අදාළ නිර්දේශිත විභාගය සමත්වීමට අවශය වේ.

පත්වීම් හා උසස්වීම්

  • II පන්තියේ II ශ්‍රේණියටයේ ඉංජිනේරු පුරප්පාඩු පිරිවීම සඳහා, ඉංජිනේරු උපාධිය හෝ ඒ හා සමාන සුදුසුකම් ඇති පුද්ගලයන්ට සෘජුවම පත්වීම් ලබාදේ. එයට අමතරව, අනුමත බඳවා ගැනීමේ හා උසස්වීම් පටිපාටියට අනුව තාක්ෂණ සේවා නිලධාරීන්ට උසස්වීම් ලබාදීමෙන් පුරප්පාඩු වලින් 25% පිරවීමට විධිවිධාන ඇත.
  • II පන්තියේ II ශ්‍රේණියටයේ ඉංජිනේරු නිලධාරියෙකු ලෙස වසර 10ක සතුටුදායක සේවා කාලයක් සපුරා ඇත්නම්, පළමු කාරයක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් සමත්ව ඇත්නම් හා සම්පූර්ණ වෘත්තීය සුදුසුකම් ලබාගෙන ඇත්නම්, ඔහු වසර 10ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කල දින සිට II පන්තියේ II ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
  • I පන්තියේ පුරප්පාඩු, පිරවීමේදී, අදාළ කාණ්ඩ වල ඇතිවන පුරප්පාඩු වලට අනුව II පන්තියේ I ශ්‍රේණියයේ ඉංජිනේරු නිලධාරීන් මූලිකවම හැකියාව පදනම් කර ගෙන ද, ද්විතිකව ජේ‍යෂ්ඨත්වය පදනම් කරගෙන ද, උසස් කිරීමෙන් පුරවනු ලබයි.

දෙපාර්තමේන්තු ප්‍රධානින්

ආර්.පී. ජයසිංහ මහතා

අධ්‍යක්ෂ 
දුරකතනය : +94 11-2698268 (Extension- 159)
ෆැක්ස් : +94 11-2698268
ඉ-තැපැ : desb[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 20 වෙනි සදුදා, 00:14  

යාවත්කාලීනය : 22-02-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter