Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව News headline නවක පත්වීම් ලබන ඇතැම් නිලධාරීන් රාජ්‍ය සේවයට සම්බන්ධ වූ මුල් දිනයේ සිට උත්සාහ කරන්නේ මහජන සේවය ලබා දීමට වඩා තමන්ට වැඩි වැඩියෙන් අධ්‍යයන ශිෂ්‍යත්ව ලබා ගැනීමටයි , එසේ නොවී රටට කළගුණ සලකන්න......

 

නවක පත්වීම් ලබන ඇතැම් නිලධාරීන් රාජ්‍ය සේවයට සම්බන්ධ වූ මුල් දිනයේ සිට උත්සාහ කරන්නේ මහජන සේවය ලබා දීමට වඩා තමන්ට වැඩි වැඩියෙන් අධ්‍යයන ශිෂ්‍යත්ව ලබා ගැනීමටයි , එසේ නොවී රටට කළගුණ සලකන්න......

 

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පවසයි.

“අද වන විට රාජ්‍ය සේවයට එක්වීමට විශාල උනන්දුවක් පෙර කවරදාටත් වඩා ඇති වෙලා තියෙනවා. මේ උනන්දුව විශාල වශයෙන් ඇතිවී තියෙන්නේ රටේ උගත්ම පිරිස වෙන උපාධිදාරීන් අතරේ වීම සතුටට කරුණක්. ඇතැම් අවස්ථා වල පෞද්ගලික අංශයේ විශාල වැටුප් පසෙක දාල රාජ්‍ය සේවයට ඒමට තරුණ පරපුර උත්සුක වෙනවා අපි දැකල තියෙනවා. මේ අතර දකින්න තියෙන අවාසනාවන්ත තත්ත්වයකුත් අභිනවයෙන් පත්වීම් ලබන ඔබට කියන්න ඕන. ඒ තමයි මහා ජනතා මෙහෙවරක් කල හැකි මේ සේවාවට එන සමහර නවක නිලධාරීන් ලබා දිය යුතු ජනතා සේවය පැත්තකින් තියල තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ශිෂ්‍යත්ව ගන්නම කටයතු කිරීම.නමුත් මම විශ්වාස කරනවා අද පත්වීම් ලබන ඔබ හැම දෙනාම ආත්මාර්ථයෙන් ඈත්වෙල පරාර්ථයෙන් තම සේවාව රට වෙනුවෙන් ඉටු කරාවි කියලා” යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කලේ පසුගියදා (02දා) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවාවට නවක නිලධාරීන් 22 කු සඳහා පත්වීම් ලිපි ප්‍රධානයේදීය.

මෙලෙස පත්වීම් ලද නිලධාරීන් 22 ගෙන් 21 දෙනෙකු අපනයන කෘෂි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ), සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) තනතුරු වලට අනුයුක්ත කරන අතර අනෙක් නිලධාරියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යඥ තනතුරට අනුයක්ත කෙරෙණු ඇත. පත්වීම් ලද නිලධාරීන් සඳහා මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ ආයතනයේ සති දෙකක නේවාසික පුහුණුවක් හා ඉන්පසු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මාස තුනක නේවාසික පුහුණුවක් ලබා දීමට නියමිතය.

තවදුරටත් අදහස් පලකල ඒ මහතා “පසුගිය දිනවල උපාධිදාරීන් 20000 ක් බදවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවූ අවස්ථාවේ අයදුම්පත් 48000 විතර ලැබිල තිබුනා. සංවර්ධන නිලධාරීන් 5000 බඳවා ගන්න සුදානම් වන විට 100000 ක් අයදුම් පත් ලැබී තිබුනා. ඉංජිනේරු සේවාවට 358 ක් බඳවා ගන්න උවමනා වුන වෙලාවේ ඒකට ඉල්ලුම් පත් 1000 ට වඩා ප්‍රමානයක් ලැබුනා. මේ උනන්දුවෙන් කියන්නේ රාජ්‍ය සේවයට තියෙන කැමැත්ත. අද මේ පත්වීම් ලබන ඔබව තෝරා ගැනීමේදී තරඟකාරී විභාගයකට වගේම සම්මුඛ පරීක්ෂණයකටත් ඔබට මුහුණ දීමට සිදුවුනා. මෙතුල කිසිම දේශපාලනික මැදිහත්වීමක් නෑ. මේ සියල්ල වඩා විනිවිද භාවයකින් සිදුකර තියෙනවා. දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය වන විදියටයි මේ පත්වීම් දීම අද සිද්ධ වෙන්නෙ. ඔබ හැම දෙනාම නිදහස් අධ්‍යාපනයෙන් මේ තත්ත්වයට පත් වෙච්ච දරු දැරියන්. ඈත ගම් දනව් වල අම්මල තාත්තලගෙ දරුවන් විදියට පත්වීම් ලබන ඔබ හැමදෙනාට විශාල වගකීමක් තියෙනවා අද ලබන පත්වීම තුල රටට, ජනතාවට විශාල වැඩ කොටසක් ඉටු කිරීමට. විශේෂයෙන් මේ පත්වීම් වලින් වැඩි පිරිසක් අනුයුක්ත වන්නේ සුලු අපනයන භෝග දෙපාර්තමේන්තුවට.එයත් ගමත් එක්ක සම්බන්ධ ආයතනයක්. මේ නිසා ඔබට අවස්ථාව උදාවෙලා තියෙනවා ඉතා පහසුවෙන් ගම ගොඩනැගීමේ කාර්යයට ඔබේ දායකත්වය ලබා දෙන්න. සුලු අපනයන බෝග ක්ෂේත්‍රයේ විශාල නියෝජනයක් තියෙන්නේ ග්‍රාමීය ප්‍රජාවගේ. ගැමියා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අද ලබන තනතුර හයියක් කරගන්න. එමගින් ගම හදා රට හැදීමේ පුණ්‍යකර්මයට දායක වන්න.අනෙක් අතට රාජ්‍ය සේවයට බැඳුනු නවක නිලධාරීන් ලෙස ආයතන සංග්‍රහය ගැන මූල්‍ය රෙගුලාසි පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න.

මොකද තමන් වියඳම් කරන හැම සතයකටම වගකීම රැඳිල තියෙන්නේ තමුන් අතේ. මේ නිසා යහපත් අරමුණින් සිදු කරන හැම කටයුත්තක්ම මා මුලින් සඳහන් කල නීති රෙගුලාසි වලට අනුකූලව කරන්න වගබලා ගැනීම මේ හැම දෙනාගේම යුතුකමක්” යැයිද ඒ මහතා කීය.

මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන හ කළමනාකරණ අමාත්‍යතුමන්ගේ උපදේශක නිව්ටන් පෙරේරා මහතා සමඟ විද්‍යාත්මක සේවාවේ අධ්‍යක්ෂ ආර්.එම්.එන්.කේ රණසිංහ මහත්මියද එක්ව සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2017 ඔක්තෝබර් 06 වෙනි සිකුරාදා, 05:18  

යාවත්කාලීනය : 17-10-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter