Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව News headline වෙල්ලස්සේ අභිමන් ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය හා නිල වෙබ් අඩවිය විවෘත කෙරේ...

වෙල්ලස්සේ අභිමන් ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය හා නිල වෙබ් අඩවිය විවෘත කෙරේ...

 

1818 දී මෙරට නිදහස දිනාදීමට ක්‍රියාත්මක වූ වෙල්ලස්ස විමුක්ති අරගලයට වසර 200 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙණ “වෙල්ලස්සේ අභිමන් 200” ජාතික වැඩසටහටනේ ප්‍රගති සමාලෝචනයක් පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ලබන සැප්තැම්බර් මස 5 වනදා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙහි ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 8 වනදා අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සමාප්තියට පත්වේ.වෙල්ලස්සේ විරුවන් පිළිබඳ ජනතාවට යලි සිහිපත් කරලීම වෙනුවෙන් ගරු අමාත්‍යතුමන්ගේ සංකල්පයක් මත මෙම ජාතික වැඩසටහන සංවිධානය කෙරෙන අතර මේ සඳහා සියළු අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල සහභාගීත්වය ලබා ගැනීමට නියමිතයි.අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව වෙල්ලස්සේ අභිමන් 200 නිල වෙබ් අඩවිය වන WWW.Uwa Wellassa.lk වෙබ් අඩවියද අමාත්‍යතුමන් අතින් ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න , අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ,විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන්ද්‍ර බටගොඩ යන මහත්වරුන් මෙන්ම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් එක්ව සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු 08 වෙනි බදාදා, 04:03  

යාවත්කාලීනය : 19-09-2018.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter