ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථා වලදී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවාගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග ගැනීම් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
අනුමත කාර්ය මණ්ඩලය
- සේවක සංඛ්‍යාව: 45
- වර්තමාන සේවක සංඛ්‍යාව: 33
බඳවා ගැනීම
- බඳවා ගැනීමේ ගැසට් නිවේදනය පලකිරීම.
- තෝරා ගැනීමේ පරීක්ෂණය පැවැත්වීම හා සම්මුඛ සාකච්ඡාවක් මඟින් අයදුම්කරුවන්ගේ සුදුසුකම් තහවුරු කර ගැනීම.
- පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතිය ලබා ගැනීම හා පත්වීම් ලිපි නිකුත් කිරීම.
අයදුම් කිරීම
- ගැසට් නිවේදනයට අනුව ජීව දත්ත පත්‍රිකාවක් සමඟ අයදුම් කිරීම.
මූලික සුදුසුකම්
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවය - අදාළ ක්ෂේත්‍රයේහි සාමන්‍ය උපාධියක්