Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව News headline තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකිරීමට අපේ රජය කටයුතු කරනවා.....

තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකිරීමට අපේ රජය කටයුතු කරනවා.....

තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකිරීමට අපේ රජය කටයුතු කරනවා.....

“නිල සෙවන” නිවාස යෝජනා ක්‍රමයට මුල් ගල් තබමින් අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා පවසයි.

“ මෙරට රාජ්‍ය සේවකයා වෙනුවෙන් වැඩිම වැඩකොටසක් කල රජය විදියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මේ රජය ඉතිහාසගත වෙනවා.මේ කාර්යභාරයන් අතර රාජ්‍ය සේවකයින්ගේ නිවාස ගැටළුවට පිළියමක් දීම වෙනුවෙන් අපි පියවර රැසක් අරගෙන තියෙනවා.ඒ කටයුත්තේම තවත් පියවරක් ලෙස තමයි අද මේ මහනුවර, කුණ්ඩසාලේ ඉදිවන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමය අපි අරඹන්න කටයුුතු කරන්නේත්.මේ වැඩ සටහන අපි පෞද්ගලික අංශයත් සමග එකතුව දියත් කරන වැඩසටහනක්.මෙහි පළමු නිවාස යෝජනා ක්‍රමය ගාල්ලෙ ක්‍රියාත්මක කලා.අද අපි අරඹන මේ නිල සෙවන නිවාස ව්‍යාපෘතිය මීට වසර දහයකට දොළහකට මත්තෙන් අරඹන්න යෝජනා වුන නමුත් කර ගන්න නොහැකි වුන වැඩසටහනක්.කොහොම වුනත් පැවති බාධා සියල්ල මග හරවා ගෙන අපි දැන් සූදානම් මේ භූමියේ නිවාස ඒකක 546 ක් ඉදිකිරීමේ කටයුතු අද අරම්භ කරනවා.මේ සියල්ල රජයේ නිලධාරීන්ට විශේෂ සහන පදනමක් යටතේ ලබා දීමටයි අපි බලාපොරොත්තු වන්නේ .මේ වැඩසටහනේදී ඉඩමේ වටිනාකම මුලුමනින්ම රජය දරලා නිවාසේ වටිනාකම පමනයි අයකරන්නෙ.අපි රජයක් විදියට තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකරනවා” යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මහනුවර , කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඉදිවන “නිල සෙවන” නිවාස යෝජනා ක්‍රමයට මුල් ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙම අවස්තාවටඋපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම , මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම , රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු 08 වෙනි බදාදා, 04:02  

යාවත්කාලීනය : 14-11-2018.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter