Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ රාජ්‍ය පරිපාලන විශ්‍රාම වැටුප් අංශය

විශ්‍රාම වැටුප් අංශය

විශ්‍රාම වැටුප් සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු සම්පාදනය කිරීම, අමාත්‍යාංශයට අයත් සියළු වර්ග වල නිල නිවාස කළමනාකරණය කිරීම හා රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන නිවාස ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම, විශ්‍රාම වැටුප් හා නිවාස ඒකකයේ කාර්යභාරය වේ.

සංවිධාන ව්‍යුහය

 

 

 

ඉලක්කයන්

  • විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ කටයුතු කඩිනමින් හා සාධාරණව ඉටු කිරීම සඳහා අවශ්‍ය ක්‍රම වේද සකස් කිරීම.
  • විශ්‍රාමිකයන්ගේ ජීවන තත්වය වඩා යහපත් කිරීමේ අරමුණින් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම.
  • අවශ්‍ය පරිදි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පහසු කිරීම.‍
  • විශ්‍රාම වැටුප් ගෙවීම සාධාරණ ආකාරයෙන් සිදුවන බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති සංශෝධනය සහ යාවත්කාලීන කිරීම.

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාව සහ විශ්‍රාම වැටුප් හා සම්බන්ධ වෙනත් අණ පනත් වල ඇති ව්‍යවස්ථානුකූල විධි විධාන ක්‍රියාවට නැංවීම.
  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිපාලන හා සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම.
  • විශ්‍රාමිකයන‍් හා ඔවුන්ගේ සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන දුක්ගැනවිලි හා පැමිණිලි විමර්ශනය කිරීම.
  • හිඟ විශ්‍රාම වැටුප්, විශ්‍රාම වැටුප් පැවරීම, හිමිකම් ඉල්ලා නොමැති විශ්‍රාම වැටුප් හා විදේශගත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් හා සම්බන්ධ ගැටළු වලට පිළිතුරු යැවීම.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාව 2:12 හා 2:15 වගන්ති යටතේ විශ්‍රාම යවනු ලැබූ රාජ්‍ය නිලධාරීන් හට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය මගින් රාජ්‍ය පරිපාලන ලේකම් වෙත පවරා ඇති වෙනත් කාර්යයන් ඉටු කිරීම.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය හා විශ්‍රාම වැටුප් හා සම්බන්ධ නොයෙකුත් අණ පනත් සංශෝධනය කිරීම.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අදාල විධි විධාන

  • 1989 අංක 01 දරණ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනත හා එහි සංශෝධන
  • 1983 අංක 24 දරණ වැන්දඹු පුරුෂ අනත්දරු පනත හා එහි සංශෝධන
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය හා එහි සංශෝධන
  • ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ  33 හා 36 වගන්ති
  • අදාල සියළුම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මෙම වෙබ් අඩවියේ චක්‍රලේඛ අඩංගු කොටසින් ද, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ විශ්‍රාම වැටුප් දෙපාර්ත්මේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවියෙන් ද ලබා ගත හැක.

ඇමතුම් තොරතුරු

බී.පී.පී.එස්. අබේගුණරත්න මිය
අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන)
දුරකතන   : +94 11 2691044 (Inter com - 700)
ෆැක්ස් : +94 11 2693546
ඉ-තැපැල adsecta[at]pubad.gov.lk

 

 

ඒ.ජී.එන්.පී. කරුණාරත්න
සහකාර ලේකම්
දුරකතන   : +94-11 2682460 (Inter com - 703)
ෆැක්ස් : +94 11 2693546
ඉ-තැපැල :asp[at]pubad.gov.lk

 

 

ආර්.පී.ඩී.ටී.එස්.කොඩිකාර මිය
පරිපාලන නිලධාරී
දුරකතන   : +94-11 2691032 (Inter com - 704)
ෆැක්ස් :+94 11 2693546
ඉ-තැපැල : ao.ard[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 31 වෙනි සිකුරාදා, 09:36  

යාවත්කාලීනය : 24-08-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter