Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ මූල්‍ය අංශය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

 

 

ඉහත පනත යටතේ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

 

තොරතුරු නිලධාරියා

නම: බී.එම්.එම්.එම්. බස්නායක මිය
තනතුර: අතිරේක ලේකම් (විමර්ශන, පර්යේෂණ හා මෙහෙයුම්)
ලිපිනය: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: +94 11 2676433 , +94 11 2696211 (දිගුව - 165)
ෆැක්ස්: +94 11 2692489
විද්‍යුත් තැපෑල: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
  7. මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

 

නම් කළ නිලධාරියා

නම: ජේ.ජේ. රත්නසිරි මයා
තනතුර: ලේකම්
ලිපිනය: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: +94 11 2695738 , +94 11 2696211-13 (දිගුව - 120)
Fax: +94 11 2695279
විද්‍යුත් තැපෑල: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

අමාත්‍යාංශයේ එක් එක් අංශ නියෝජනය කරන තොරතුරු නිලධාරින්ගේ විස්තර

 

නම අංශය දුරකථන අංකය
එස්. ආලෝක බණ්ඩාර මහතා
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ II
ඒකාබද්ධ සේවා අංශය +94 11 2682972
සමන්ති සේනානායක මෙය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
තොරතුරු තාක්ෂණ අංශය +94 11 2689414
මානව සම්පත් අංශය +94 11 2698464
ඒ.ජී.එන්.පී. කරුණාරත්න මිය
සහකාර ලේකම්
විශ්‍රාම වැටුප් අංශය +94 11 2682460
යු.පී.ඒ.ටී. දිලුම් කරුනායක මිය
සහකාර අධ්‍යක්ෂ
ශ්‍රී.ල.ප.සේ. අංශය +94 11 2698147
එම්.ආර්.එෆ්. සෆ්රා මෙය
සහකාර අධ්‍යක්ෂ
විද්‍යාත්මක සේවා අංශය +94 71 2789600
පී.එස්. හෙට්ටිගේ මිය
නියෝජ්‍ය ප්‍රධාන ගණකාධිකාරි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව +94 11 2209874
අනෝජා පී. ගුරුගේ මිය
ආයතන අධ්‍යක්ෂ
ආයතන අංශය +94 11 2693374
රෝහණ හපුගස්වත්ත මයා
අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන
ක්‍රමසම්පාදන සේවා අංශය +94 11 2688124
පී. ඕමන්තගේ මහතා
ප්‍රධාන ගණකාධිකාරි
මූල්‍ය අංශය +94 11 2682520
ඕ.වී. මාපටුනගේ මිය
සහකාර අධ්‍යක්ෂ
ඉංජිනේරු සේවා අංශය +94 11 2694035
ජී.සී.ආර්. විජේවර්ධන මෙය
සහකාර ලේකම් (පාලන)
අභ්‍යන්තර පාලන අංශය +94 11 2694913
ටී.එම්.එම්.ඒ. තෙන්නකෝන් මිය
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
අභ්‍යන්තර පාලන අංශය +94 11 2689123
පී.ඊ.එම්.ඩී. පලිපාන මෙය
නීති නිලධාරි
අභ්‍යන්තර පාලන අංශය +94 11 2698431
යූ.එච්.සමන් කුමාර මහතා
සහකාර අධ්‍යක්ෂ
ගණකාධිකාරි සේවා +94 77 5947000

 

කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරිම

  1. නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නියම කරනු ලබන කාලසීමාව තුළ එකී නිලධරයාගෙන් තීරණයක් ගැනීමට අසමත්වීම මත ඕනෑම අභියාචකයෙකුට කොමිෂන් සභාව වෙතට මෙකී රීති වල දැක්වෙන සාම්පල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මගින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.
  2. අභියාචනය කොමිෂන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර, පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මගින් ලබාදිය හැකිය.
  3. අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 2 ක් ඇතුළත ඉදිරිපත් කළයුතුය.
  4. එබදු අභියාචනයක්, සත්‍ය පිටපත් බවට තමන් විසින් සහතික කළ පහත දැක්වෙන ලිකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
    1. පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලීමේ පිටපතක්
    2. තොරතුරු නිලධාරියාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
    3. පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිදුකළ අභියාචනයේ පිටපතක්
    4. නම් කළ නිලධාරියාගෙන් යම් පිළීතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
    5. අභියාචක විසින් සුදුසු යැයි හැ‍‍ඟෙන, ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත්, ඒවායේ සුචියක් සමඟ
  5. අභියාචනයක් අභියාචක විසින් පිටපත් දෙකකින් යුතුව ගොනුකළ යුතුය.
  6. රීති (1-5) දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් පිළිනොගනු ඇත.
  7. මාස දෙකේ කාලපරිච්‍ඡේදය ඉක්මවා යාමෙන් පසුව වුවද, ඔහුගේ/ ඇයගේ පාලනයෙන් බැහැරව හේතුවක් විසින් ඔහු/ ඇය අභියාචනය ඉදිරිපත් කිරිමෙන් වළක්වා ඇතිවිටදී එකී අභියාචනය පිළිගැනීමට කොමිෂන් සභාවට හැකියාව ඇත.

 

කොමිෂන් සභාවේ ලිපිනය

මහින්ද ගම්මන්පිල
සභාපති
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
කොළඹ 07
දුරකථන අංකය. +94 11 2691625

 

ගාස්තු ගෙවීම:

 

1. අයදුම්පත් ගාස්තු

  1. කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදුකිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පතක් සැපයීමේදී කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය
  2. තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අයනොකළ යුතුය

 

2 තොරතුරු සඳහා ගාස්තු

අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරියක් විසින් අයකරනු ලැබිය හැකිය.

(i)ඡායාපිටපත් ගැනීම :

(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසිය සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකෙරේ.

(ii) මුද්‍රිත පිටපතක් ලබාගැනීම

(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු8/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසියක සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අය කෙරේ.

(iii) තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු.20/- බැගින් අයකෙරේ.

(iv) පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම සඳහා සැබෑ වියදම අයකෙරේ.

(v) යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැගින් අයකරනු ලබන අතර,එකී අධ්‍යයනය/පරීක්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේනම් පළමු පැය සඳහා ගාස්තු අයනොකෙරේ. මෙය සිදු කරනුයේ නොමිලයේ එබඳු පරීක්ෂාවක් සිදු කිරීමට ඉඩසැලසූ පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත .

(vi) නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.

(vii) ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකොර්.

 

3. චක්‍රලේඛ හෝ රීති වශයෙන් මීට පෙර නියම කල හෝ නිකුත් කල ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදුඅදිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.

මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කලයුතු අභියාචනයකට විෂය විය හැකිය.

 

4.ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු :

(1) ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අන්තර් ගත හෝ සකසන ලද ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.

(2) සාමාන්‍යෙයන් ගාස්තුවකින් තොරව ලබා දිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.

 

5.ගාස්තු ගෙවීමේ ක්‍රමය :

  1. මෙකී රීති වලට අන් තැනෙක කුමක් සඳහන් වුවද, පොදු අධිකාරයට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අයකළ හැකිය.
    1. තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්
    2. පොදු අධිකාරියේ ගිණුම් නිලධාරයා වෙත යොමු කල බැංකු අණකරයක් මගින්
  2. ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාලව රිසිට්පතක් නිකුත් කළ යුතුය.

 

තොරතුරු පනත පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කිරමට ගත් ක්‍රියාමාර්ග

  1. අභ්‍යන්තර උපදෙස් නිකුත් කිරීම - අභ්‍යන්තර උපදෙස් අංක 01
  2. 2017.03.14 දින අමාත්‍යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීම.
  • ස්ථානය - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  • දේශක - පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක පියතිස්ස රණසිංහ මහතා
අවසන් යාවත්කාලීන කිරීම 2017 මැයි 30 වෙනි අඟහරුවාදා, 04:22  

යාවත්කාලීනය : 24-08-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter