Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව

ප්‍රාදේශිය පාලන අංශය

දැක්ම

මහජනයාට උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි ප්‍රාදේශිය පරිපාලනය ශක්තිමත් කිරීම.

මෙහෙවර

මහජනයාගේ අපේක්ෂාවන් ඉටු කිරීම පිණිස, මනා අධීක්ෂණය හා කළමනාකරණය තුලින් කාර්යක්ෂම හා ඵලදායී ප්‍රාදේශිය පාලන ව්‍යුහයක් ගොඩනැගීමෙන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මනාව සම්පත් කළමනාකරණය.

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ කටයුතු සම්බන්ධීකරණය හා ඒ සඳහා මඟ පෙන්වීම.
  • ප්‍රාදේශිය ලේකම්වරුන් හා සහකාර ‍ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ පත්වීම් හා ස්ථානමාරු.
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ගොඩනැගලි ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය.
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාල අධීක්ෂණය කිරීම.
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සඳහා වඩා යහපත් කළමනාකරණ පද්ධතීන් හඳුන්වා දීම හා පවතින පද්ධතීන් හා පරිපාටීන් සංශෝධනය කිරීම.
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාල අතර කළමනාකරණ තරඟ පැවැත්වීම.
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා අනෙකුත් අමාත්‍යංශ විසින් සිදුකරනු ලබන කටයුතු සම්බන්ධීකරණය.
  • ස්වදේශ කටයුතු අංශයේ යටතේ ක්‍රියාත්මක සංචාරක නිවාස රජයේ සේවකයන් සඳහා වෙන් කිරීම හා එම සංචාරක නිවාස කළමනාකරණයට අදාළ කටයුතු.
  • ප්‍රාදේශිය පරිපාලන කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා පියවර ගැනීම.

නෛතික රාමුව

ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ බලතල වල කේන්ද්‍රිය මුලාශ්‍රය වනුයේ 1992 අංක 58 දරණ බලතල පැවරීමේ (ප්‍රාදේශිය ලේකම්වරු) පනතයි.

ස්වදේශ කටයුතු සංවිධාන ව්‍යුහය

ප්‍රාදේශිය ලේකම් කාර්යාල

ප්‍රාදේශිය පාලන අංශයට අයත් වන ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගණන 313 ක්ද, උප දිසාපති කාර්යාල ගණන 16 ක්ද, උප කාර්යාල ගණන 3 ක් ද වේ.

සංචාරක නිවාස

ස්වදේශ කටයුතු අංශයට අයත් සංචාරක නිවාස ගණන 12යි. එම සංචාරක නිවාස පහත දැක්වෙන ස්ථාන වල පිහිටා ඇත.

  • අනුරාධපුරය
  • මහනුවර
  • ගාල්ල
  • හම්බන්තොට
  • බදුල්ල
  • පුත්තලම
  • පොලොන්නරුව
  • නුවරඑළිය
  • මාතර
  • කතරගම
  • කුරුණෑගල
  • යාපනය

මෙම සංචාරක නිවාස අමාත්‍යංශයේ ප්‍රාදේශිය පාලන අංශය මගින් හෝ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වෙන් කරවා ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අප්‍රේල් 23 වෙනි සදුදා, 05:51  

යාවත්කාලීනය : 21-10-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter