මෙරට කැනේඩියාණු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා හා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් අද (09දා) ඒම අමාත්‍යංශයේදී සිදුවිණි.සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් සිදුවූ මෙම හමුවේදී මහ කොමසාරිස් වරයා පසුගිය මැතිවරණයෙන් රජය ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් කැනේඩියාණු රජයේ සතුට අමාත්‍යවරයා හා පළකරණ ලදි.ඒමෙන්ම මෙරට ජනතාවගේ සන්නිවේදන ගැටලු වලට විසදුම් ලබා දීම උදෙසා පළාත් මට්ටමින් සිදුකරන භාෂා ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් තම රජයේ සහය ලබා දිමට කැමැත්තෙන් පසුවන බවද මෙහිදි පැවසිය.මෙරට කාන්තාවන් සවිබල ගැන්විම උදෙසා සුලු පරිමාන සංචාරක කර්මාණ්තය නගා සිටුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා හා මහ කොමසාරිස්වරයා අතර අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්වරුන්ද ඒක්ව සිටියහ.