Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව

ග්‍රාම නිලධාරි පාලන අංශය

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයීය ස්වදේශ කටයුතු අංශයට අදාල ග්‍රාම නිලධාරි පාලන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කරනු වස්, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ට අදාල ග්‍රාම නිලධාරි වසම් 14022 තුල රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් සම්බන්ධ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.

දැක්ම

නව තාක්ෂණය සහිත කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක්

මෙහෙවර

ජනතා අපේෂාවන්ට ජාතික ප්‍රමුඛතාවයන්ට මැනවි ප්‍රතිචාර දැක්විය හැකි කාර්යක්ෂම ඵලදායිනව රාජ්‍ය සේවාවක් සහ ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කිරීම.

ග්‍රාම නිලධාරි පාලන අංශයේ කාර්යභාරයන්

  • නව ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම හා සම්බන්ධ කටයුතු
  • ග්‍රාම නිලධාරීන් සඳහා උසස්වීම ලබාදීම
  • පරිපාලන ග්‍රාම නිලධාරීන් පත්කිරීම
  • ග්‍රාම නිලධාරි පුරවැසි සේවාලාභී ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම
  • ග්‍රාම නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාල කටයුතු
  • ග්‍රාම නිලධාරී විනය සම්බන්ධ කටයුතු
  • ග්‍රාම නිලධාරීන්ට එරෙහිව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • ග්‍රාම නිලධාරීන්ට සේවා පහසුකම් සැපයීම
  • ග්‍රාම නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් සම්බන්ධ කටයුතු
  • ග්‍රාම නිලධාරීන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධ කටයුතු
  • විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම‍
  • ග්‍රාම නිලධාරී දත්ත පද්ධති පවත්වාගෙන යාම
  • ස්වදේශ කටයුතු අංශයට අයත් සංචාරක නිවාස වෙන්කිරීම හා ඊට අදාල ආයතන කටයුතු

සංවිධාන ව්‍යුහය

බාගත කිරීම්

ග්‍රාම නිලධාරි වසම් පිළිබද වැඩිදුර තොරතුරු සදහා පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න

ඇමතුම් තොරතුරු

ඩබ්.එන්.එන්. ද සිල්වා මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
දුරකතනය - +94-11 2696381 (දිගුව - 702)

ෆැක්ස් - +94-11 2696381
ඉ-තැපැල - sas-gn[at]pubad.gov.lk


.
.

ජේ.ඒ.සී.එච්. ජයසිංහ මිය
සහකාර ලේකම්
දුරකතනය - +94-11 2698456 (දිගුව - 703)
ෆැක්ස් -
ඉ-තැපැල - asgn[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2015 ජනවාරි 30 වෙනි සිකුරාදා, 05:22  

යාවත්කාලීනය : 15-12-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter