Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

රටක් සංවර්ධනය කීරීමේ කාර්යය පැවරෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට.

පාකිස්තානු දූත පිරිසක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා මුණගැසේ.....

අනෙක් සේවාවන් සමග සසඳන විට තාක්ෂණික සේවාවන් සඳහා ගෙවන වැටුප ප්‍රමානවත් නෑ, නව වැටුප් ව්‍යුහයක් සැකසීමේදී විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා....

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරන්න

ලොව දියුණුවූ හැම රටක්ම දියුණු වුණේ යහපත් නායකයෙකු රට පාළනය කරන විටයි.....

වර්තමානයේ රටේ ක්‍රියාත්මක සංහිඳියාව නිසා අපේ රටට ජාත්‍යන්තරයේ පැසසුම් ලැබෙනවා.

රටට අහිමි වූ ජාත්‍යන්තර පිළිගැනීමත් ජනතාවට අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදයත් යලි දිනාදීමට පසුගිය වසර තුල අපේ රජයට හැකි වුනා

ජගත් සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීන ලේඛක චූලානන්ද සමරණායක මහතාට රාජ්‍ය සේවයේ මහගෙදරින් හරසර.

ජාතික ක්‍රීඩා හා ශරීර සුවතා සතියට සමගාමීව රාජ්‍ය සේවකයින් අතර ශරීර සුවතා වැඩසටහන් ප්‍රචලිත කිරීමේ වැඩසටහන

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත් කරන ලද පත්වීම්ලාභීන්ගේ සේවාරම්භක පුහුණුව 2015-09-15 දින සිට.. වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න..

අභ්‍යන්තර පාලන අංශය

දැක්ම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ ආදර්ශමත් හා විශිෂ්ඨතම පාලන ඒකකය බවට පත්වීම.

මෙහෙවර

අමාත්‍යාංශයේ සමස්ථ කාර්ය සාධනය ඉහළ ප්‍රමිතියකින් යුක්තව පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යය මණ්ඩලය හා යටිතල පහසුකම් උපරිම හා ඵලදායි ලෙස සැපයීමෙන්ද, ඊට අවශ්‍ය සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය මනා ලෙස පවත්වා ගෙන යාම තුළින් පාලන අංශයේ සේවය ගුණාත්මක ලෙස සැපයෙන බවට වගවීම.

අරමුණු

  • අමාත්‍යාංශයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි භෞතික පරිසරයක් නිර්මාණය කිරීම හා පවත්වා ගෙන යාම.
  • අමාත්‍යාංශය සම්බන්ධ අරමුණු හා කාර්යයන්ට ගැලපෙන උසස් හා ප්‍රශස්ථ කාර්යය මණ්ඩලයක් පවත්වාගෙන යාම.
  • උපයෝගී සේවාවන් (ආරක්ෂාව, සනීපාරක්ෂාව) අඛණ්ඩව හා ඵලදායී ලෙස සපයා ගැනීම හා පවත්වාගෙන යාම.
  • අමාත්‍යාංශයේ අනෙකුත් සේවා පහසුකම් (ප්‍රවාහන, විදුලි, ජල සැපයුම, දුරකථන) කාර්යක්ෂම හා ඵලදායී ලෙස සැපයීම, නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
  • ආයතනය සමඟ ඉහළ සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
  • කාර්යය මණ්ඩල සුභ සාධනය ඉහළ මට්ටමකට ගෙන ඒම.
  • අමාත්‍යාංශයේ සමස්ථ පාලනය, මෙහෙයවීම හා ඇගයීම උසස් මට්ටමකට ගෙන ඒම.

කාර්යයන්

  • පාර්ලිමේන්තු උපදේශ කාරක සභා / මහජන පෙත්සම් කාරක සභා / දේශපාලන පළිගැනීම් ආදී ලිපි ලද දිනයෙහිදිම අදාළ අංශ වෙත යොමු කිරීම සහ නියමිත දිනයට පිළිතුරු ඉදිරිපත් කිරීමට කටයුතු යෙදීම.
  • අමාත්‍යාංශයට බාහිරින් ලැබෙන තැපෑල මෙන්ම අමාත්‍යාංශයෙන් පිටතට යැවෙන තැපෑල දිනපතා කාර්යක්ෂමව බෙදා හැරීම.
  • මාසිකව මාණ්ඩලික නිලධාරී රැස්වීම් පැවැත්වීමේ කටයුතු සංවිධානය කිරීම.
  • ශ්‍රවණාගාර වෙන් කිරිමේ ඉල්ලීම් ලැබෙන පරිදි එම පහසුකම් සැලසීම.
  • සතිපතා බදාදා දිනයන්හි මහජන දිනය සංවිධානය කිරීම.
  • අමාත්‍යාංශය තුළ උත්සව කටයුතු සංවිධානය කිරීම.
  • අවශ්‍ය අවස්ථා වලදී අමාත්‍යාංශ නඩත්තු හා ප්‍රවාහන අංශයට සම්බන්ධ ටෙන්ඩර් කටයුතු සිදුකිරීම.
  • සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හා කමිටු සඳහා නියෝජිතයන් ඉල්ලුම් කර ලිපි ලද විට දින 03ක් තුළ ඒ සඳහා කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට අදාල ආයතනික කටයුතු සිදු කිරීම.
  • නිලධාරීන් සඳහා පුවත්පත් සැකසීම සහ දුරකථන බිල්පත් ලැබී දින 03ක් තුළ පියවීමේ කටයුතු සිදුකිරීම.
  • අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිල හැඳුනුම්පත් ලබාදීම.
  • මැතිවරණ පැවැත්වෙන අවස්ථා වලදී මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • ආරක්ෂාව සනීපාරක්ෂාව වැනි උපයෝගී ගිවිසුම්හි සේවා කාලය අවසන් වීමට මාස 03ට ප්‍රථමයෙන්, නව ටෙන්ඩර් කටයුතු ආරම්භ කර සුදුසු ආයතන හා ගිවිසුම් ගත වීම.
  • අමාත්‍යාංශයේ යටිතල පහසුකම් කාර්යක්ෂමව හා ඵලදායීව සැපයීම, නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම. අවශ්‍ය අවස්ථා වලදී ගොඩනැගිලි හා අනෙකුත් නඩත්තු කටයුතු සඳහා අදාල ආයතන සමඟ සම්බන්ධ වී ඇස්තමේන්තු සකස් කිරීම, මිල ගණන් කැඳවීම, සේවා සපයා ගැනීම, නඩත්තු කටයුතු සිඳුකිරීම.
  • අමාත්‍යාංශයේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලැබෙන ඉල්ලීම් පිළිවෙල හා ප්‍රමුඛතාවය අනුව සංචිත වාහන වෙන්කිරීම.
  • අමාත්‍යාංශයේ සියළු වාහන නියමිත දිනට පෙර ලියාපදිංචිය සහ රක්ෂණය අළුත් කිරීම. එක් එක් නිලධාරීන්ගේ තනතුරු හා ඉල්ලීම් අනුව නිලධාරීන් සඳහා සුදුසු වාහන අනුයුක්ත කිරීම.
  • වාහන අනතුරු සම්බන්ධව මු.රේ. 104 හා 105 අනුව කටයුතු කර ගිණුම් අංශය වෙත දැන්වීම.
  • අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි සඳහා සෑම වරකම ජනවාරි 31ට පෙර වරිපනම් බඳු ගෙවීම.
  • අමාත්‍යාංශයට පත්වීම් ලැබ හෝ ස්ථාන මාරු ලැබ පැමිණෙන නිලධාරීන් පිළිබඳව ලිපි ලද වහාම අදාල අංශ වලට අනුයුක්ත කිරීම.
  • අමාත්‍යාංශයීය කාර්යය මණ්ඩල නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම හා උසස්වීම් , මාරු කිරීම් ආදී ආයතනික කටයුතු සිදුකිරීම.
  • ගරැ අමාත්‍යතුමන්ලාගේ තාවකාලික කාර්යය මණ්ඩලයන් සුඳුසුකම් අනුව සලකා බලා පත් කිරීමේ කටයුතු සිදු කිරීම.
  • මාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අග්‍රහාර රක්ෂණ අයදුම් පත්‍ර දින 03ක් තුළදී අග්‍රහාර රක්ෂණ ඒකකය වෙත යොමු කිරීම.
  • සෑම මසකම අවසානයේ අමාත්‍යාංශ නිලධාරීන්ගේ අතිකාල, ගමන් වියදම් ඉල්ලීම් අනුමත කර ගිණුම් අංශය වෙත යොමු කිරීම.
  • අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඉල්ලුම් කරන අපදා ණය, දේපල ණය, පාපැදි ණය සම්බන්ධ ලේඛණ අනුමත කර අදාල අංශ වෙත යොමු කිරීම.
  • ඉල්ලීම් ලැබෙන අවස්ථා වලදී අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය වෙත පුහුණු අවස්ථා සලසා දීම.
  • පුහුණු අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සහ ඔවුන් සුදුසු අංශ වෙත අනුයුක්ත කිරීම.
  • අනුමත කාර්යය මණ්ඩලය පිළිබඳ තොරතුරු සෑම මසකම අවසානයේදී යාවත් කාලීන කර ගොනු ගත කිරීම.

සංවිධාන ව්‍යුහය

ඇමතුම් තොරතුරු

ආර්.එම්.අයි.රත්නායක මිය
අතිරේක ලේකම්
දුරතනය - +94-11 2695150 (දිගුව - 200)
නිවස - +94-11 2704526
ජංගම - +94-71 4434394
ෆැක්ස් - +94-11 2689407
ඉ-තැපැල - adsecia[at]pubad.gov.lk


.

ශාන්ත වීර්සිංහ මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
දුරතනය - +94-11 2692633 (දිගුව - 205)
නිවස - +94-1123159051
ජංගම - +94-718085410
ෆැක්ස් - +94-11 2697299
ඉ-තැපැල - sas-ia[at]pubad.gov.lk


.

පී.සී.ආර්. විජේවර්ධන මෙය
සහකාර ලේකම් (පාලන)
දුරතනය - +94-11 2694913 (දිගුව - 207)
නිවස - +94-33 3335525
ජංගම - +94-71 8505780
ෆැක්ස් - +94-11 2697299
ඉ-තැපැල - asia-a[at]pubad.gov.lk

 


ටී.සී. ගණේගොඩ මහත්මිය
ඉංජිනේරු
දුරතනය - +94-11 2698431 (දිගුව - 208)
නිවස -
ජංගම - +94 71 8624228
ෆැක්ස් -
ඉ-තැපැල - eng-ia[at]pubad.gov.lk


ඒ.අයි. ‍‍ඕපනායක මෙය
සහකාර ලේකම් (ආයතන)
දුරතනය - +94-11 2697304 (දිගුව - 206 )
නිවස - +94-11 3190378
ජංගම - +94-71 8607427
ෆැක්ස් - +94-11 2697299
ඉ-තැපැල - asia-e[at]pubad.gov.lk

 

යූ.අයි. මුණසිංහ මහත්මිය
පරිපාලන නිලධාරි (ආයතන)
දුරතනය - +94-11 3071134 (දිගුව - 208)
නිවස - +94 11 5685382
ජංගම - +94 71 4942493
ෆැක්ස් - +94-11 2697299
ඉ-තැපැල - ao-ia-e[at]pubad.gov.lk


.

පුරප්පාඩු
පරිපාලන නිලධාරි
දුරතනය - +94-11 2698431 (දිගුව - )
නිවස - +94-11 5685382
ජංගම - +94-71 4942493
ෆැක්ස් - +94-11 2697299
ඉ-තැපැල - as-ia-a[at]pubad.gov.lk


.

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 20 වෙනි සදුදා, 00:40  

යාවත්කාලීනය : 26-02-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter