Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

රටක් සංවර්ධනය කීරීමේ කාර්යය පැවරෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට.

පාකිස්තානු දූත පිරිසක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා මුණගැසේ.....

අනෙක් සේවාවන් සමග සසඳන විට තාක්ෂණික සේවාවන් සඳහා ගෙවන වැටුප ප්‍රමානවත් නෑ, නව වැටුප් ව්‍යුහයක් සැකසීමේදී විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා....

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරන්න

ලොව දියුණුවූ හැම රටක්ම දියුණු වුණේ යහපත් නායකයෙකු රට පාළනය කරන විටයි.....

වර්තමානයේ රටේ ක්‍රියාත්මක සංහිඳියාව නිසා අපේ රටට ජාත්‍යන්තරයේ පැසසුම් ලැබෙනවා.

රටට අහිමි වූ ජාත්‍යන්තර පිළිගැනීමත් ජනතාවට අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදයත් යලි දිනාදීමට පසුගිය වසර තුල අපේ රජයට හැකි වුනා

ජගත් සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීන ලේඛක චූලානන්ද සමරණායක මහතාට රාජ්‍ය සේවයේ මහගෙදරින් හරසර.

ජාතික ක්‍රීඩා හා ශරීර සුවතා සතියට සමගාමීව රාජ්‍ය සේවකයින් අතර ශරීර සුවතා වැඩසටහන් ප්‍රචලිත කිරීමේ වැඩසටහන

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත් කරන ලද පත්වීම්ලාභීන්ගේ සේවාරම්භක පුහුණුව 2015-09-15 දින සිට.. වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න..

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ සේවා අංශ විද්‍යාත්මක සේවා, වාස්තු විද්‍යාඥ සේවා හා තාක්ෂණ සේවා අංශය

විද්‍යාත්මක සේවය, වාස්තු විද්‍යාත්මක සේවා හා තාක්ෂණ සේවා ශාඛාව

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් වුව ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ හා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස් වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග සිදුකරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසිනි. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇති අතර, එම සේවයේ බඳවාගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාවලී යන කාර්යයන් ඔවුන්ගේ ආයතනයට පවරා ඇත. 2010 වසර වන විට මෙම සේවාවන්හි අනුමත සේවක සංඛ්‍යා සහ වර්තමාන සේවක සංඛ්‍යාව පහත දැක්වෙන වගුවේ සාරාංශ කොට ඇත.

අංකය සේවාව අනුමත සේවක සංඛ්‍යාව වර්තමාන සේවක සංඛ්‍යාව
01. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය 407 255
02. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය 45 33

දැක්ම

රාජ්‍ය සේවයේ විද්‍යාත්මක, වාස්තුවිද්‍යාත්මක හා තාක්ෂණ යන සේවාවන්ට අයත් වන නිලධාරීන් සඳහා විශිෂ්ට පරිපාලන සේවාවක් ස්ථාපිත කිරීම.

මෙහෙවර

සැලසුම් හා පර්යේෂණ කටයුතු සඳහා ‍මානව සම්පත මෙහෙයවීම මඟින් විද්‍යා, වාස්තුවිද්‍යා හා තාක්ෂණ සේවා විද්‍යා හා තාක්ෂණයෙන් පෝෂණය වූ, විශිෂ්ට සේවාවන් බවට පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව පරිපාලන කාර්යයන් සැකසීම.

අරමුණු

  • විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම.
  • මහජනයාගේ අවශ්‍යතාව සැපිරීම සඳහා, කාර්යක්ෂම විද්‍යාත්මක සේවයක් ස්ථාපිත කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • බඳවා ගැනීම්.
  • සේවයේ ස්ථිර කිරීම.
  • උසස්වීම් ලබාදීම.
  • කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.
  • සේවය දීර්ඝ කිරීම් හා විශ්‍රාම ගැනීම්.

බඳවා ගැනීම්

  • තනතුර හා ආයතනය පදනම් කොටගෙන පුරප්පාඩු හඳුනා ගැනීම.
  • කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා ජාතික අයවැය දෙපාර්තමේන්තුව සඳහා අනුමැතිය ලබා ගැනීම.
  • බඳවා ගැනීමේ ගැසට් නිවේදන පල කිරීම.
  • තෝරා ගැනීමේ පරීක්ෂණ පැවැත්වීම.
  • සම්මුඛ සාකච්ඡා‍වක් මගින් අයදුම්කරුවන්ගේ සුදුසුකම් තහවුරු කර ගැනීම.
  • පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම හා පත්වීම් ලිපි නිකුත් කිරීම.

සේවයේ ස්ථිර කිරීම

  • සේව්‍යයාගේ සේවා ආයතනයෙන් නිර්දේශය ලබාගැනීම.
  • රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබාදීම.

උසස් වීම්

  • සේව්‍යයාගේ සේවා ආයතනයෙන් නිර්දේශය ලබාගැනීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබා දීම.

කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.

  • කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම.
  • උසස්වීම් ලබා දීම.

සේවය දීර්ඝ කිරීම හා විශ්‍රාම ගැනීම

  • සේව්‍යයාගේ සේවා ස්ථානයෙන් නිර්දේශය ලබා ගැනීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබා දීම.

අධ්‍යක්ෂ

ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මිය
දුරකතනය : +94 11-2695187 (දිගුව - 161)
ෆැක්ස් : +94 11-2695187
ඉ-තැපැ : dss[at]pubad.gov.lk

 

 

 

සහකාර අධ්‍යක්ෂ

එම්.ආර්.එෆ්. සෆ්රා මෙය
දුරකතනය :
ෆැක්ස් :
ඉ-තැපැ : ad-ss[at]pubad.gov.lk

.

.

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 19 වෙනි ඉරිදා, 11:40  

යාවත්කාලීනය : 24-03-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter