රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමන් කියයි.
“අද වන විට මේ රට විශාල ආර්ථික අගාධයකට වැටී තියෙනවා.එදා සියයට 7 ක් 8 ක් වුන ආර්ථික වර්ධන වේගය අද වන විට සියයට 1 ක 2 ක වගේ පහත මට්ටමක තියෙන්නෙ.මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශාල උත්සාහයක් දරමින් ඉන්නව.අද රාජ්‍ය සේවයට එක්වන තරුණ ඔබගේ ජවය, කැපවීම මේ රට නැන්වීමට ගන්නා උත්සාහයට පූර්ණ වශයෙන් ලබා දෙන්න” යැයි රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය සඳහා අලුතින් බඳවා ගන්නා ලද නිලධාරින් 75 දෙනෙකු සඳහා පත්විම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
2018 වසරේ පැවති ක්‍රම සම්පාදන සේවා විවෘත තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගත් 75 දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූ අතර මාස 6ක පුහුණුවක් මොවුන් වෙත ලබා දෙන ලදි.ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම පුහුණු වැඩසටහන දියත් කල අතර න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් මෙම පාඨමාලව මගින් ලබා දීමට පියවර ගෙන ඇත.
මෙහිදී තවදුරටත් අදහස් පළ කල අමාත්‍යවරයා “ මධ්‍යම රජය සැලසුම් කරන සහ ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන ව්‍යාපෘතින් ග්‍රාමීය මට්ටමින් දියත් කිරීමේ වගකීම පැවරෙන්නෙ ඔබට.මේ කටයුත්තේදී වඩා විනිවිද භාවයකින්, දූෂණයෙන් , තොරව රාජකාරී ඉටුකිරීම අපි බලාපොරොත්තු වනවා.ලංකාවේ කොතැනට ඔබගේ පත්වීම ලැබුනත් අදාල තැන ඔබේ රාජකාරිය නිසි අයුරින් ඉටුකිරීමයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ.මේ රට තවදුරටත් දිළිඳුකමින් පෙළෙන රටක් ලෙස පවත්වාගෙන යන්න අපේ රජයට පුළුවන් කමක් නෑ.රටේ ජනතාව අලුත් නායකයෙක් පත්කරල අපේක්ෂා කලේ මේ සංවර්ධනීය ප්‍රවේශය.මේ වෙනුවෙන් අපි සියල්ලන්ම එකාවන්ව කටයුතු කල යුතු වෙනවා.එහිදී තීන්දු තීරණ ගන්න බිය වෙන්න එපා.ඔබ ගන්නා සෑම ජනතාවාදී තීන්දුවකදීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා” යැයිද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් බී.කේ.එස්.රවීන්ද්‍ර යන මහත්වරුන් ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.