රාජ්‍ය සේවයේ විශ්‍රාමික ප්‍රජාවට හිමිව තිබෙන නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර පහසුකම ලබා ගැනීමේදී මෙතෙක් කලක් අවශ්‍යව තිබු ග්‍රාම නිලධාරී සහතික ක්‍රමය හා ප්‍රාදේශීය ලේකම් අනුමැතිය අහෝසි කොට පරිගණක ගත ක්‍රමයකට පහසුකම ලබා ගැනීමට දැන් පහසුකම් සපයා ඇත.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම සේවාව සපයනු ලබයි.මෙම සේවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙදී සිදුවිය.අදාල විශ්රාමිකයගේ ජාතික හැදුනුම් පත් අංකය දුම්රිය ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් මෙම ආසන වෙන්කිරීමේ කටයුත්ත මින් ඉදිරියට සිදුකිරීමට අපේක්ෂා කෙරේ.