පරිපාලන අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි
රාජ්‍ය සේවයට අලුතින් එකතු වන ඔබට මේ රට වෙනුවෙන් පැවරුණ විශාල වගකීමක් පවතිනවා.එය නම් පිරිසිදු මහජන සේවාවක් ලබා දීමයි.මෙහිදී නවක රාජ්‍ය නිලධාරීන් ලෙස මෙම සේවයේ දී තමන්ට හිමි දෙය පමනක් ලබා ගන්නත් තමන්ට අහිමි දෙය අත්හරින්නත් පුරුදු විය යුතු යැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චී මහතා පවසනවා.ලේකම්වරයා මේ අදහස් පළකලේ පරිපාලන සේවය සඳහා බඳවා ගන්නා ලද නවක පරිපාලන නිලධාරීන් 175 දෙනෙකු වෙත පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිප ප්රදානය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්විණි.