Public Administration
විශ්‍රාම වැටුප් අංශය
හැඳින්වීම
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ රාජ්‍ය පරිපාලන ලේකම් වෙත බලතල පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම, විශ්‍රාම වැටුප් සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු සම්පාදනය කිරීම, විශ්‍රාමිකයන්ගේ හා විශ්‍රාමික සංගම්වලින් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ආයතන කටයුතු සම්බන්ධීකරණය කිරීම විශ්‍රාම වැටුප් අංශය මඟින් සිදු කෙරේ.
මෙම අංශය අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන)ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර ආසන්නතම අධීක්ෂණ නිලධාරියා ලෙස සහකාර ලේකම් (විශ්‍රාම වැටුප්) කටයුතු කරයි. මීට අමතරව පරිපාලන නිලධාරී තනතුරක් ද පවතී.
දැක්ම
"තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක්"
මෙහෙවර
"විශ්‍රාමිකයන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, පවත්නා ප්‍රතිපත්ති ප්‍රතිශෝධනය කිරීම හා නව ප්‍රතිපත්ති සම්පාදනය තහවුරු කිරීම"
අභිමතාර්ථ
- විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ලේකම්තුමාගේ නියෝග නිකුත් කිරීම අවශ්‍ය වන අවස්ථාවන්හි දී එම කටයුතු කඩිනමින් ඉටු කිරීම.
- විශ්‍රාමිකයන්ගේ ජීවන තත්වය වඩා යහපත් කිරීමේ අරමුණින්, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ උපදෙස් නිකුත් කිරීම.
- අවශ්‍ය පරිදි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා සහය වීම.
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කටයුතු අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කිරීම.
- විශ්‍රාම වැටුප් ගෙවීම සාධාරණ ආකාරයෙන් සිදුවන බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති සංශෝධනය සහ යාවත්කාලීන කිරීම.
ක්‍රියාකාරකම්
- විශ්‍රාමිකයන් හා ඔවුන්ගේ සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන දුක්ගැනවිලි හා පැමිණිලි විමර්ශනය කිරීම හා අවශ්‍ය පරිදි අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය වී ගැටළු විසදීමට කටයුතු කිරීම.
- හිඟ විශ්‍රාම වැටුප්, විශ්‍රාම වැටුප් පැවරීම, හිමිකම් ඉල්ලා නොමැති විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළුවලට පිළිතුරු යැවීම.
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ 12 හා 15 වගන්ති යටතේ විශ්‍රාම යවනු ලැබූ රාජ්‍ය නිලධාරීන් හට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ලේකම්තුමාගේ තීරණ අදාළ ආයතන වෙත දැනුම් දීම.
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය මගින් රාජ්‍ය පරිපාලන ලේකම් වෙත පවරා ඇති වෙනත් කාර්යයන් ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරකම්.
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය හා විශ්‍රාම වැටුප් හා සම්බන්ධ නොයෙකුත් අණ පනත් සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
- විශ්‍රාම වැටුප් සම්බන්ධ කටයුතුවලදී අදාළ වන සියලු ආයතන හා නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීම.
සංවිධාන ව්‍යුහය
විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනට පවතින පනත් හා චක්‍රලේඛ
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය හා එහි සංශෝධන
- 1989 අංක 01 දරණ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනත හා එහි සංශෝධන
- 1983 අංක 24 දරණ වැන්දඹු පුරුෂ අනත්දරු පනත හා එහි සංශෝධන
- රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහය
- ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ 33 හා 36 වගන්ති
- සියලුම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ
- විශ්‍රාම වැටුප් සම්බන්ධ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
- 1970 අංක 18 දරණ සන්නද්ධ හමුදා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනත
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් පනත
විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මෙම වෙබ් අඩවියේ චක්‍රලේඛ අඩංගු කොටසින් ද, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවියෙන් ද ලබා ගත හැක.
ඇමතුම් තොරතුරු
ඒ.ඒ.ඩී.එස්. අතපත්තු මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
|
පී.ඒ.එම්.එන්. රත්නායක මෙය සහකාර ලේකම්
|
||||||||||||||||||
ඒකාබද්ධ සේවා අංශය
සේවක සංඛ්‍යා අවශ්‍යතා, බඳවා ගැනීම්, ස්ථාපනය කිරීම් සහ අදාල සේවා ව්‍යවස්ථා ප්‍රකාරව එම සේවක සංඛ්‍යා කළමනාකරණය ඇතුළුව රාජ්‍ය සේවයේ පිරිස් අවශ්‍යතා සපුරාලීම පිණිස පහත දැක්වෙන සේවාවන්හි නිලධාරීන් පාලනය කරන්නා වූ සියලු ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවට නැංවීම ඒකාබද්ධ සේවා අංශය සිදුකරයි.
දැක්ම
“ජාතික සංවර්ධන ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා මානව සම්පත් සැපයීම”
අරමුණු
“ජාතික ප්‍රතිපත්තියට අනුරූපව කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණය තුළින් ඵලදායි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සහ සමාජීය සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම සඳහා සක්‍රිය දායකත්වය සැපයීම”
ඒකාබද්ධ සේවාවන්
- භාෂා පරිවර්තක සේවය
- ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය
- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය
- සංවර්ධන නිලධාරි සේවය
- කළමනාකරණ සේවා නිලධාරී සේවය
- ඒකාබද්ධ රියැදුරු සේවය
- කාර්යාල සේවක සේවය
ශ්‍රී ලංකා පරිපාලන සේවය දීප ව්‍යාප්ත සේවාවක් වුවද, ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ බඳවා ගැනීම් හා විනය පාලනය පිළිබඳ කටයුතු සිදුකෙරෙන්නේ ඒකාබද්ධ සේවා අංශය යටතේ පවතින බදවා ගැනීම් හා විනය අංශ මගිනි.
ඒකාබද්ධ සේවයේ නිලධරයන්ගේ පත්වීම ස්ථීර කිරීම සඳහා අවශ්‍ය ලේඛන
- ඒකාබද්ධ සේවයේ නිලධරයන්ගේ පත්වීම ස්ථිර කිරීම - පොදු උපදෙස් පත්‍රිකාව
- CSC - I ආකෘති පත්‍රය
- රජයේ භාෂා පරිවර්තක සේවය [CS-II / TS]
- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය [CS-II / ICTS]
- සංවර්ධන නිලධාරී සේවය [CS-II / DOS]
- ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය [CS-II / LS]
- කළමනාකරණ සේවා නිලධාරී සේවය [CS-II / MSO]
- කාර්යාල සේවක සේවය [CS-II / OES]
- ඒකාබද්ධ රියැදුරු සේවය [CS-II / DS]
ඒකාබද්ධ සේවා අංශය මගින් නිකුත් කරන ලද නිවේදන / ලිපි
ඒකාබද්ධ සේවා අංශය මගින් නිකුත් කරන ලද නිවේදන / ලිපි සඳහා යොමුව >>
ඒකාබද්ධ සේවයේ මානව සම්පත් කර්තව්‍ය
- අදාල සේවා ව්‍යවස්ථා ප්‍රකාරව සේවයට බඳවා ගැනීම සම්බන්ධ කටයුතු
- කාර්යක්ෂමතා කඩඉම් විභාගයන්හි විභාග ප්‍රතිඵල නිකුත් කිරීම / විෂයන් නිදහස් කිරීම
- භාණ්ඩාගාර චක්‍රලේඛ 394 ප්‍රකාරව නම් වෙනස් කිරීම සදහා අනුමැතිය ලබා දීම
- සේවයේ ස්ථිර කිරීම සදහා අනුමැතිය ලබා දීම
- උසස්වීම් සදහා අනුමැතිය ලබා දීම
- ද්විතීයික පදනම මත මුදාහැරීම සදහා අනුමැතිය ලබා දීම
- විදේශීය නිවාඩු සදහා අනුමැතිය ලබා දීම
- ස්ථාන මාරුවීම් සදහා අනුමැතිය ලබා දීම
- විනය පරිපාලනය
- සේවයෙන් විශ්‍රාම ගැන්වීම සදහා අනුමැතිය ලබා දීම
- ඒකාබද්ධ සේවයේ ප්‍රතිපත්ති තීරණ සම්පාදනය
සංවිධාන ව්‍යුහය
ඉ-මානව සම්පත් ව්‍යාපෘතිය
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශයේ මානව සම්පත් ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ඉ-මානව සම්පත් ව්‍යාපෘතියට අරමුදල් සපයනුයේ “ප්‍රතිනිර්මාණය සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර බැංකුව (ලෝක බැංකුව)” විසිනි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ආයතනය (ICTA) ව්‍යාපෘති උපද්ශක ලෙස කටයුතු කරයි.
ඉ-මානව සම්පත් ව්‍යාපෘතිය පිලිබද අදාල චක්‍රලේඛ
- රා.ප.ච 07/2006 - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඵ්කාබඳ්ධ සේවා අංශයේ රාජකාරී කටයුතු පරීගණකගත කීරීම මානව සම්පත් කළමනාකරණය
- දත්ත පත්‍රිකාව [ PDF 108 KB ]
- උපදෙස් පත්‍රිකාව [ PDF 57 KB ]
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
එස්. ආලෝකබණ්ඩාර මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
|
|||||||||
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ මණ්ඩලය
බුද්ධි එන්. ලියනගේ මිය ඒකාබද්ධ සේවා අධ්යක්ෂ I
|
ඒ.එම්.එම්.එන්. අමරසිංහ මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ II
|
||||||||||||||||||
ආර්.එම්.එස්. ප්‍රසාදනී අමරසිංහ මිය ඒකාබද්ධ සේවා අධ්යක්ෂ III
|
එල්.ඩී.වී. තිලකරත්න මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ IV
|
||||||||||||||||||
ඒකාබද්ධ සේවා නියෝජ්‍ය / සහකාර අධ්යක්ෂ මණ්ඩලය
පුරප්පාඩු ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (I ශාඛාව - ක.සේ.නි.සේ. I ශ්‍රේණිය)
|
ටී.කේ. වන්නිආරච්චි මිය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (II ශාඛාව - ක.සේ.නි.සේ. II ශ්‍රේණිය)
|
||||||||||||||||||
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (III ශාඛාව - ක.සේ.නි.සේ. III ශ්‍රේණිය)
|
කේ.එම්.කේ.කේ. කුලතුංග මිය ඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (IV ශාඛාව - ක.සේ.නි.සේ. ස්ථානමාරු, අධිශ්‍රේණිය හා ප්‍රතිපත්ති ශාඛාව)
|
||||||||||||||||||
පුරප්පාඩු ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (V ශාඛාව - කාර්යාල සේවක සේවාව)
|
කේ.එම්.එන්. දිල්හාරි මිය(වැ.බ.) ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VI ශාඛාව - රජයේ භාෂා පරිවර්තක සේවය , ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවය , ඒකාබද්ධ රියදුරු සේවය)
|
||||||||||||||||||
කේ.එම්.එන්. දිල්හාරි මිය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VII ශාඛාව - ශ්‍රී.ලං.තො.ස.තා.සේ)
|
පී.කේ. පත්බේරිය මෙය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
||||||||||||||||||
එස්. ශිෆ්කා මෙය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
යූ.එම්.එස්.එස්. මධුශංක මයා ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
||||||||||||||||||
ඩබ්ලිව්. එච්..ඒ.එන්.ටී. ජයසිංහ මිය ඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
දිනූෂා එන්. කරුණාතිලක මිය ඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
||||||||||||||||||
ජී.එච්.එච්. ගමගේ මෙය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය)
|
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (බඳවාගැනීම් සහ විභාග ශාඛාව)
|
||||||||||||||||||
ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.අයි.කේ. විජයතුංග මිය ඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (විනය ශාඛාව)
|
|||||||||||||||||||
පරිපාලන නිලධාරි
එස්.එස්. සුරියබණ්ඩාර මයා පරිපාලන නිලධාරි (පාලන ශාඛාව)
|
||||||||||
ශාඛාව | දිගුව | |
1. | I ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය I ශ්‍රේණිය හා III ශ්‍රේණියේ A,B,H,I,L,M,U, අක්ෂර | 511 |
2. | II ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය II ශ්‍රේණිය හා III ශ්‍රේණියේ S,T අක්ෂර | 299 |
3. | III ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය IIIශ්‍රේණිය A,B,H,I,L,M,S,T,U අක්ෂර හැර | 509 |
4. | IV ශාඛාව - කළමනාකරණ සේවා නිලධාරී සේවය (ස්ථාන මාරුවීම්) | 507 |
5. | V ශාඛාව - කාර්යාල සේවක සේවාව | 608 |
6. | VI ශාඛාව - රජයේ භාෂා පරිවර්තක සේවය, ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවය, ඒකාබද්ධ රියදුරු සේවය | 610 |
7. | VII ශාඛාව - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය | 611 |
8. | VIII ශාඛාව - සංවර්ධන නිලධාරි සේවය | 156 759 |
9. | අධිශ්‍රේණිය සහ ප්‍රතිපත්ති ශාඛාව | 286 |
10. | බඳවාගැනීම් සහ විභාග ශාඛාව | 606 |
11. | විනය ශාඛාව | 604 |
12. | පාලන ශාඛාව | 602 |
ආයතන අංශය
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස සැලකෙන ආයතන අංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වන්නේ ආයතන අධ්යක්ෂ ජනරාල් ය. ආයතන අංශය ඒකක හතකින් සමන්විත වන අතර එම ඒකක අතරින් I, II, IV සහ VII යන ඒකක ආයතන අධ්යක්ෂ (I) ගේ ද, III, V සහ VI යන ඒකක ආයතන අධ්යක්ෂ (II) ගේ ද අධීක්ෂණයට ලක් වේ. මෙම සෑම ඒකකයක්ම සහකාර ආයතන අධ්යක්ෂවරයෙක් යටතේ පවතී.
රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවයේ යහපැවැත්ම සහතික වන අයුරින් ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා රජයට සහය වීම, ආයතන සංග්‍රහයේ විධිවිධාන මෙන්ම රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්රලේඛයන්හි විධිවිධාන අර්ථ නිරූපණය කිරීම ආයතන අංශය මඟින් සිදු කරනු ලබයි.
දැක්ම
"නිවැරදි ප්‍රතිපත්ති තුළින් ගුණාත්මක රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"කාර්යක්ෂම හා තෘප්තිමත් රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා සාධාරණත්වය, සමරූපීතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින් පරිපාලන විධිවිධාන හා රෙගුලාසි නිසි පරිදි හැසිරවීම"
අරමුණු
- රාජ්‍ය සේවය සඳහා සරළ සංවර්ධනාත්මක යොමුවක් සහිත රාජ්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති ප්‍රතිනිර්මාණය කිරීම සහ කළමනාකරණය
- රාජ්‍ය සේවාවේ යහපාලන මූලධර්ම පාදක කරගත් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
සංවිධාන ව්‍යුහය
ආයතන අධ්යක්ෂ ජනරාල්
එච්.ඒ. චන්දන කුමාරසිංහ මයා
දුරකතන | : | +94 11 2688330 (දිගුව - 300) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය අමාත්‍යාංශ/දෙපාර්තමේන්තුවලට රජයේ ආයතනවලට රාජ්‍ය සේවය සම්බන්ධ උනන්දුවක් දක්වන අයට සහ පිළිගත් වෘත්තිය සමිතිවලට ආයතන කටයුතු සම්බන්ධයෙන් සේවාවන් සැපයීම
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන කටයුතු වලට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පත් සකස් කිරීම සහ අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් ඉදිරි පියවරවල් ගැනීම, අමාත්‍ය මණ්ඩල සංදේශ සම්බන්ධ නිරීක්ෂණ සැපයීම
- පරිපාලන කටයුතුවලදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු අනුකාරක සභා සහ අනෙකුත් අමාත්‍යාංශ සමග එක්ව කටයුතු කිරීම
- ආයතන සංග්‍රහය හා අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා දීම
- රාජ්‍ය සේවයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම
- එම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නිලධාරීන්ට මාර්ගෝපදේශ සැපයීම
- ආයතන කටයුතු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා අර්ථකථනය කිරීම
ආයතන අධ්යක්ෂ I
ආර්.පී.කේ.එන්. අලගල්ල මයා
දුරකතන | : | +94 11 2693374 (දිගුව - 302) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- ආයතන අධ්යක්ෂ ජනරාල් වරයාගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය සේවයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම
- එම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නිලධාරීන්ට මාර්ගෝපදේශ සැපයීම
- ආයතන අංශයේ පොදු පරිපාලන කටයුතු
- කාර්යය මණ්ඩලයේ සම්පූර්ණ සහාය ලබා ගනිමින් අංශය කළමනාකරණය කිරීම සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල්වරයාට සහාය දීම
- 1, 2, 4 සහ 7 ඒකකයන්හි රාජකාරි කටයුතු අධීක්ෂණය
ආයතන අධ්යක්ෂ II
එච්.එම්.ටී.පී. හේරත් මිය
දුරකතන | : | +94 11 2682521 (දිගුව - 301) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- ආයතන කටයුතු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා අර්ථකථනය කිරීම
- එම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නිලධාරීන්ට මාර්ගෝපදේශ සැපයීම
- කාර්යය මණ්ඩලයේ සම්පූර්ණ සහාය ලබා ගනිමින් අංශය කළමනාකරණය කිරීම සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල් වරයාට සහාය දීම
- 3, 5, සහ 6 ඒකකයන්හි රාජකාරි කටයුතු අධීක්ෂණය
සහකාර ආයතන අධ්යක්ෂ (I ඒකකය)
එස්.ඒ. නිල්වක්ක මෙය
දුරකතන | : | +94 11 2662340 (දිගුව - 284) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- ආයතන අංශයේ පරිපාලන කටයුතු
- ඒකකයට අයත් නොවන අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ පිළියෙළ කිරීම
- නිවාඩු නිකේතන නඩත්තුව හා වෙන්කර දීම
- පර්යේෂණ පුහුණු හා සංවර්ධන කටයුතු
- වෘත්තීය සමිති සම්බන්ධීකරණය
- ආයතන සංග්‍රහයේ සංශෝධන සම්බන්ධීකරණය
- වසා දැමූ දෙපාර්තමේන්තු සම්බන්ධ කටයුතු
- රාජ්‍ය සේවය පිළිබඳ සමීක්ෂණ හා දත්ත රැස් කිරීම
- ඵලදායිතා සංවර්ධන වැඩ සටහන මෙහෙයවීම
සහකාර ආයතන අධ්යක්ෂ (II ඒකකය)
පී.එම්.ජේ.ඩබ්. ප්‍රනාන්දු මෙය
දුරකතන | : | +94 11 2693886 (දිගුව - 305) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ/ උසස් කිරීමේ ප්‍රතිපත්ති
- බඳවා ගැනීමේ පරිපාටි/ උසස් කිරීමේ පරිපාටි/ සංශෝධිත බඳවා ගැනීමේ පරිපාටි/ තාක්ෂණ සේවයේ හා විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීමේ පරිපාටි සඳහා නිර්දේශ ලබාදීම
- තනතුරු විශ්‍රාම වැටුප් තනතුරු ලෙස උපලේඛනගත කිරීම සම්බන්ධ විමසීම්
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
- සහතික සමාන කිරීම සම්බන්ධ කටයුතු
- 1962- v සැසි වාර්තාව අනුව අනුමත කරන බඳවා ගැනීම් පරිපාටිය සම්බන්ධ කටයුතු
සහකාර ආයතන අධ්යක්ෂ (III ඒකකය)
ආර්.එම්.ටී.කේ. රණතුංග මිය
දුරකතන | : | +94 11 2692159 (දිගුව - 307) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- රජයේ නිලධරයන්ගේ සාමාන්‍ය හැසිරීම හා විනය කටයුතු
- අසාධු ලේඛනය පවත්වාගෙන යාම
- විනය පරීක්ෂණ නිලධාරි ලේඛනය පවත්වාගෙන යාම
- රජයේ නිලධරයන් රාජ්‍ය සේවයෙන් පරිබාහිර සේවාවන්හි යෙදීම පිළිබඳ ප්‍රතිපත්ති
- විශ්‍රාම ගැන්වීම් පිළිබඳ ගැටලු
- සේවය අත්හැර යාම
- සේවයෙන් ඉල්ලා අස්වීම
- සේවය දීර්ඝ කිරීම පිළිබඳ ගැටලු
- භාෂා දිරි දීමනා
- දේශපාලන අයිතිවාසිකම්
- වෘත්තීය ආරවුල් (දේශපාලන පළිගැනීම්)
සහකාර ආයතන අධ්යක්ෂ (IV ඒකකය)
ඒ.කේ.ඩී.ඊ. ගුණසේන මිය
දුරකතන | : | +94 11 2696478 (දිගුව - 309) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- සේවා ව්‍යවස්ථා සම්පාදනය, සංශෝධනය හා අර්ථ දැක්වීම
- ගරු කැබිනට් ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය සම්බන්ධ කටයුතු
- ලේකම්වරුන්ගේ ව්‍යවස්ථාව
- අනියම්/ ආදේශක සේවකයන් ස්ථිර කිරීම පිළිබඳ ප්‍රතිපත්ති හා ආශ්රිත ගැටලු
- පුහුණු කම්කරු ශ්‍රේණි (V සැසි වාර්තාව) සම්බන්ධ කටයුතු
- විශ්‍රාමිකයන් නැවත සේවයේ යෙදවීම
- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන සහකාර ලේකම්වරු
සහකාර ආයතන අධ්යක්ෂ (V ඒකකය)
එච්.ආර්. ගුණතිලක මයා
දුරකතන | : | +94 11 2673330 (දිගුව - 311) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- වැටුප් ප්‍රතිපත්ති සම්පාදනය
- පොදු වැටුප් ප්රතිශෝධන
- වැටුප් ව්‍යුහයන් සකස් කිරීම
- වැටුප් විෂමතා පිළිබඳ කටයුතු
- ජීවන වියදම් දීමනාව
- වැඩ බැලීමේ හා රාජකාරි ඉටුකිරීමේ දීමනා
- කාර්යක්ෂමතා කඩඉම්
- පත්වීම්/ උසස් කිරීම්/ පෙරදාතම් කිරීම්
- ජ්‍යෙෂ්ඨත්වය තීරණය කිරීම
- ඌන සේවා උපාධිධරයන් පිළිබද ගැටලු
- සේවය ස්ථිර කිරීම / පරිවාස කාලය ඉල්ලීම් හා ආශ්රිත ගැටලු
නියෝජ්‍ය ආයතන අධ්යක්ෂ (VI ඒකකය)
එල්.ඩී.එස්.වයි. ජයසේකර මිය
දුරකතන | : | +94 11 2699399 (දිගුව - 315) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- නිවාඩු
- ගමන් වියදම්
- නිල වාහන ප්‍රතිපත්ති
- දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර
- රාජකාරි කාල වේලාවන්
- ගිවිසුම් හා බැඳුම්කර
- අග්‍රහාර රක්ෂණ ප්‍රතිපත්ති
- රාජ්‍ය සේවක ණය යෝජනා ක්‍රම
- රජයේ නිල නිවාස සහ නිවාඩු නිකේතන
- රාජකාරි දුරකථන/ ජංගම දුරකථන
- ස්ථාන මාරු ප්‍රතිපත්ති
- වෛද්‍ය මණ්ඩල ප්‍රතිපත්ති
- වෘත්තීය සමිති සඳහා මුදාහැරීම සම්බන්ධ කටයුතු
- රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරු සඳහා මුදා හැරීම
සහකාර ආයතන අධ්යක්ෂ (VII ඒකකය)
එස්.ඩී. ජයවීර මිය
දුරකතන | : | +94 11 2697233 (දිගුව - 317) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- රජයේ නිලධරයන් ආණ්ඩුවට අමතර සේවා ඉටුකිරීම වෙනුවෙන් වන දීමනා සම්බන්ධ කටයුතු
- අතිකාල දීමනා සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති
- නිවාඩු දින වැටුප් පිළිබඳ ප්‍රතිපත්ති
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 අනුව හදිසි අනතුරු වන්දි සම්බන්ධයෙන් වන කටයුතු
- නිල ඇඳුම් පිළිබඳ ප්‍රතිපත්ති
- විවිධ ගෙවීම් සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති
පරිපාලන නිලධාරි
පුරප්පාඩු
දුරකතන | : | +94 11 2693316 (දිගුව - 303) |
ෆැක්ස් | : | +94 11 2692158 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාර්ය භාරය
- ආයතන අංශයේ සාමාන්‍ය පරිපාලන කටයුතු
- දෛනික තැපෑල විධිමත්ව බෙදා හැරීම
- ආයතන අංශයේ ඉන්වෙන්ට්‍රි පාලනය
- අංශයට වෙන්කර ඇති සංචිත වාහනයේ අධීක්ෂණය
- කාර්යාල උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ලබාගැනීම අනුමත කිරීම
- අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ යැවීම සම්බන්ධීකරණය කිරීම
- ඵලදායිතා සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය