Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Public Admin News

News Head Line

You are here:  Home News headline
News

International Vesak Festival 2017

 

To commemorate the International Vesak Festival – 2017 announced by the United Nations, Vesak cards have been created by the Buddhist Association of the Ministry of Public Administration and Management. The launching of Vesak cards has been done under the auspicious of Hon. Ranjith Madduma Bandara, Minister of Public Administration and management.

To download the Vesak cards please click on the below link.

http://www.pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=243&Itemid=288&lang=en

Last Updated on Thursday, 20 April 2017 07:03
 

රටක් සංවර්ධනය කීරීමේ කාර්යය පැවරෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට.

රටක් සංවර්ධනය කීරීමේ කාර්යය පැවරෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ට අධිශ්‍රේණියේ පත්වීම් ලිපි බෙදා දෙමින් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

“නිදහස දිනාගෙන වසර 68 ක් ගතවුනත් තවමත් අපිට අපේ ආර්ථිකයට නිවැරදි දැක්මක් දීමට හැකිවෙලා නෑ. අනෙක් අතට අපේ ගම්වල බහුල වශයෙන් තියෙන ඉඩම් ගැටළු ටික විසඳගන්න පුළුවන් වෙලා නෑ. රටක් සංවර්ධනය කිරීමේ වගකීම රටේ ජනතාව රජයකට දීල තිබුනත් මේ වගකීම ක්‍රියාත්මක කිරීමේ කාර්ය පැවරෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට. අපි රජයක් විදියට රාජ්‍ය සේවය කෙරේ පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන රජයක්. මේ නිසයි අපි රාජ්‍ය සේවකයාගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා පියවර ගණනාවක් අරගෙන තියෙන්නේ. අද අපි රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීමට අවශ්‍ය තීන්දු අරගෙන එහි මුල් අදියර ක්‍රියාත්මක කරල ඉන්නේ. අදියර හතරකින් මේ මුළු මුදලම මූලික වැටුපට එකතු වෙනවා. අනෙක් අතට විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාව අපි ඉවත් කලා විතරක් නොවෙයි මේ අයගේ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභත් ඉහල දමන්නට කටයුතු කලා. ඒ විතරක් නොවෙයි ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්‍රාමිකයින්ටත් මේ රක්ෂණාවරණය ලබා දීම සඳහා වුන චක්‍රලේඛය අපි නිකුත් කලා. මේ සියල්ල තුල අපි අපේක්ෂා කරන්නේ ඉහළ ජනතා සේවයක්. තවමත් ගම්වල ජනතාව අතර රාජ්‍ය ආයතන ගැන තියෙන්නේ ප්‍රසාදයක් නොවෙයි. මේ හැඟීම ඉවත්කිරීමේ වගකීම තියෙන්නේ අද මේ පත්වීම් ගන්න ඔබ අතේ. තමන් ගන්න පත්වීමට ගෞරවයක් ඇතිවෙන විදියට කටයුතු කිරීමයි අපි රජයක් විදියට ඔබගෙන් අපේක්ෂා කරන්නේ. මෙහිදී කැපවිම, අවංකභාවය, සහ මිත්‍රශීලිභාවය රාජ්‍ය සේවකයෙකු සතුවිය යුතුම ගුණාංගයන්. අද රටේ ඕනෑම තැනක සේවය කිරීමට හිතකර වටපිටාවක් ඇතිවෙල තියෙනවා. ඒ නිසා මේ පත්වීම් ලබන අළුත් නිලධාරීන් හැමෝම තමන්ට පෙර රට කියන තේමාවෙන් කටයුතු කලොත් මේ රට ගොඩනංවන එක අපහසු දෙයක් නොවෙයි” යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.  අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කලේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් 90 දෙනෙකු අධිශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම උත්සවය(18දා) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විනි. මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.දඩල්ලගේ මහතා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ.වී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යංශ නිලධාරිහු රැසක් එක්ව සිටියහ.

Last Updated on Friday, 20 May 2016 10:00
 

අනෙක් සේවාවන් සමග සසඳන විට තාක්ෂණික සේවාවන් සඳහා ගෙවන වැටුප ප්‍රමානවත් නෑ, නව වැටුප් ව්‍යුහයක් සැකසීමේදී විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා....

අනෙක් සේවාවන් සමග සසඳන විට තාක්ෂණික සේවාවන් සඳහා ගෙවන වැටුප ප්‍රමානවත් නෑ, නව වැටුප් ව්‍යුහයක් සැකසීමේදී විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා.... තාක්ෂණික නිලධාරීන් ඉංජිනේරු සේවයට බඳවා ගනිමින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා පවසයි.වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න

Last Updated on Wednesday, 09 March 2016 10:55
 

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරන්න

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරන්න. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න...

 

ලොව දියුණුවූ හැම රටක්ම දියුණු වුණේ යහපත් නායකයෙකු රට පාළනය කරන විටයි.....

ලොව දියුණුවූ හැම රටක්ම දියුණු වුණේ යහපත් නායකයෙකු රට පාළනය කරන විටයි..... රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර. වැඩි විස්තර සඳහා විශේෂ නිවේදන වෙත පිවිසෙන්න...

Last Updated on Tuesday, 23 February 2016 08:20
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  Next 
  •  End 
  • »


Page 1 of 2

Last Update: 19-09-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter