Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව News headline
News

තවදුරටත් පමා නොකර දේශපාලන පළිගැනීම් සම්බන්ධ කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන්න ඇමතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්.....

තවදුරටත් පමා නොකර දේශපාලන පළිගැනීම් සම්බන්ධ කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන්න ඇමතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්.....

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සැමට කැබිනට් තීරණ මත පදනම්ව සහන සැලසීමට වහා කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන , කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.මේ පිළිබඳව වන ලිඛිත උපදෙස් ඉදිරි දින කීපය තුල නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.අමාත්‍යවරයා මේ අදහස් පල කලේ පරිපාලන අමාත්‍යංශයේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් පිළබඳ විමසීමට රාජ්‍ය පරිපාලන ,කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ නිලධාරීන් (12දා) හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කලේ මෙකී කරුණ පිළිබඳ වගකීම පවරා ඇත්තේ තම අමාත්‍යංශයට බැවින් දේශපාලන පළිගැනීම් සම්බන්ධ ගැටලුවට වහා විසඳුම් ලබා දිය යුතුව ඇති බවයි.මෙහිදී රාජ්‍ය පරිපලන හා කළමනාකරණ අමාත්‍යංශයට අදාලව දේශපාලන පළිගැනීම් සම්බන්ධ විමර්ශන කෙරී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ පැමිනිලි 562 ක් පිළිබඳ කැබිනට් අනුමැතිය ලැබී ඇත.මෙකී තීරණ ලද සිද්ධීන් වලට අදාල විසඳුම් කඩිනම් කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා තවදුරටත් මෙම තීන්දුව පමා කරමින් කල් නොමරණ ලෙසද උපදෙස් ලබා දෙන ලදි.මෙයට සමගාමීව අනෙක් අමාත්‍යංශයන්හි දේශපාලන පළිගැනීම් සම්බන්දව දී ඇති කැබිනට් තීන්දුවට අනුගත වෙමින් අදාල තීන්දු වහා ක්‍රියාවට නංවන්නැයි අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දෙන ලදි.මෙයට අදාල ලිඛිත උපදෙස් ඉදිරි දින කීපය තුල නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම අවස්තාවේදී පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූලි 10 වෙනි අඟහරුවාදා, 09:52
 

තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකිරීමට අපේ රජය කටයුතු කරනවා.....

තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකිරීමට අපේ රජය කටයුතු කරනවා.....

“නිල සෙවන” නිවාස යෝජනා ක්‍රමයට මුල් ගල් තබමින් අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා පවසයි.

“ මෙරට රාජ්‍ය සේවකයා වෙනුවෙන් වැඩිම වැඩකොටසක් කල රජය විදියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මේ රජය ඉතිහාසගත වෙනවා.මේ කාර්යභාරයන් අතර රාජ්‍ය සේවකයින්ගේ නිවාස ගැටළුවට පිළියමක් දීම වෙනුවෙන් අපි පියවර රැසක් අරගෙන තියෙනවා.ඒ කටයුත්තේම තවත් පියවරක් ලෙස තමයි අද මේ මහනුවර, කුණ්ඩසාලේ ඉදිවන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමය අපි අරඹන්න කටයුුතු කරන්නේත්.මේ වැඩ සටහන අපි පෞද්ගලික අංශයත් සමග එකතුව දියත් කරන වැඩසටහනක්.මෙහි පළමු නිවාස යෝජනා ක්‍රමය ගාල්ලෙ ක්‍රියාත්මක කලා.අද අපි අරඹන මේ නිල සෙවන නිවාස ව්‍යාපෘතිය මීට වසර දහයකට දොළහකට මත්තෙන් අරඹන්න යෝජනා වුන නමුත් කර ගන්න නොහැකි වුන වැඩසටහනක්.කොහොම වුනත් පැවති බාධා සියල්ල මග හරවා ගෙන අපි දැන් සූදානම් මේ භූමියේ නිවාස ඒකක 546 ක් ඉදිකිරීමේ කටයුතු අද අරම්භ කරනවා.මේ සියල්ල රජයේ නිලධාරීන්ට විශේෂ සහන පදනමක් යටතේ ලබා දීමටයි අපි බලාපොරොත්තු වන්නේ .මේ වැඩසටහනේදී ඉඩමේ වටිනාකම මුලුමනින්ම රජය දරලා නිවාසේ වටිනාකම පමනයි අයකරන්නෙ.අපි රජයක් විදියට තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් කලයුතු සෑම කාර්යයක්ම පමාවකින් තොරව සිදුකරනවා” යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මහනුවර , කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඉදිවන “නිල සෙවන” නිවාස යෝජනා ක්‍රමයට මුල් ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙම අවස්තාවටඋපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම , මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම , රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 14 වෙනි බ්‍රහස්පතින්දා, 08:33
 

කොළඹ නගරයේ රථ වාහන තදබදය කඩිනමින් විසඳීම පිළිබඳ කරුණු සොයා බැලේ.....

 

කොළඹ නගරයේ පවතින අධික රථ වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයා ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන , කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු රථ වාහන පොලිසියේ ජෞෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුනි.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ කොළඹ රථ වාහන පාලනය සඳහා තවත් රථ වාහන පොලිස් නිලධාරීන් 350 ක පමන හිඟයක් පවතින බවයි.දැනට සිටින රථ වාහන පොලිස් නිලධාරීන්ගේ හිඟය පිළිබඳ අවධානය ලක්කල අමාත්‍යවරයා සඳහන් කලේ වහාම මෙම හිඟය පියවීම සඳහා අවශ්‍ය වන්නාවූ පියවරයන් කඩිනමින් ගැනීමට තමන් පොලිස්පති වරයාට උපදෙස් ලබා දෙන බවයි.දිනකට කොළඹ නගරයට ටිපර් රථ පමනක් 2000 ක් පමන ප්‍රමානයක් ගමන් කරන අතර මේ තත්ත්වය හා කන්ටේනර් රථ විශාල වශයෙන් ඔරුගොඩවත්ත ප්‍රදේශය කේන්ද්‍රගත කොට ගෙන මෙහෙය වීම හේතුකොට ගෙන විශේෂයෙන් බේස්ලයින් මාර්ගය , ඉඟුරු කඩේ හන්දිය , මීගමු පාර මෙන්ම නුවර පාර කිරිබත්ගොඩ ප්‍රදේශයන්හි තද බදය අධික වන බව පැවසූ ජෞෂ්ඨ රථවාහන පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සහය ඉල්ලා සිටින ලදි.ඒ සඳහා වූ යෝජනා ඉල්ලූ විට පොලිසියේ ජෞෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ මීගමු පාරේ රථවාහන තදබදයට විකල්පයක් ලෙස ඇලකන්ද හරහා වැටී ඇති වත්තල බෝපිටිය පාරද නුවර පාරේ තදබදය අවම කරලීම සඳහා මාකොල ,බියගම මාර්ගයද නවීකරණයකට ලක් විය යුතුයි.මෙම යෝජනාව පිළිගත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව පැවසිය.එමෙන්ම විනයගරුක රියදුරන් පිරිසක් බිහි කරලීම වෙනුවෙන් යෝජනාවූ ලකුණු අඩු කරලීමේ ක්‍රමවේදය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අමාත්‍යවරයා පොලීසියෙන් කල විමසීමේදී අනාවරණය වූයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , උසාවිය හා පොලීසිය අතර පරිගනකගත සම්බන්ධය දුර්වල වීම බවයි.මෙකී දුර්වලතාව වහා නිවාරණය කොට අදාල ක්‍රමය බලාත්මක කිරීමට වහා ක්‍රියාත්මක වන්නැයි අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.කෙසේ වුවත් පොලීසිය සඳහන් කලේ ගෙවුණු වසර තුල රථ වාහන වැරදි සම්බන්ධයෙන් කොළඹ නගරයේදී පමනක් අයකල දඩමුදල් වල වටිනාකම රුපියල් මිලියන 278 ක් බවයි.එමෙන්ම සමස්ථ ලංකාවෙන්ම මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් මිලියන 2379 ක මුදලක් ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට ශ්‍රි ලංකා පොලීසියට හැකිවූ බවද මෙහිදී අනාවරණය විය.කෙසේ වුවද අවශ්‍ය වන්නේ දඩමුදල් එකතු කිරීම නොව විනය ගරුක රියදුරන් පිරිසක් හා ක්‍රමවත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇතිකිරීම බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වන මැදි කාලින හා දිගු කාලින යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස අදාල නිලධාරීන්ට පවසන ලදි.එසේම මෙම කටයුත්තෙදී මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන අතර ප්‍රවාහන අමාත්‍යතුමන් , මෙගා පොලිස් අමාත්‍යතුමන් සමග ඉක්මන් සාකච්ඡාවක් පවත්වන බවද පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 14 වෙනි බ්‍රහස්පතින්දා, 08:33
 

වෙල්ලස්සේ අභිමන් ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය හා නිල වෙබ් අඩවිය විවෘත කෙරේ...

 

1818 දී මෙරට නිදහස දිනාදීමට ක්‍රියාත්මක වූ වෙල්ලස්ස විමුක්ති අරගලයට වසර 200 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙණ “වෙල්ලස්සේ අභිමන් 200” ජාතික වැඩසටහටනේ ප්‍රගති සමාලෝචනයක් පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ලබන සැප්තැම්බර් මස 5 වනදා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙහි ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 8 වනදා අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සමාප්තියට පත්වේ.වෙල්ලස්සේ විරුවන් පිළිබඳ ජනතාවට යලි සිහිපත් කරලීම වෙනුවෙන් ගරු අමාත්‍යතුමන්ගේ සංකල්පයක් මත මෙම ජාතික වැඩසටහන සංවිධානය කෙරෙන අතර මේ සඳහා සියළු අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල සහභාගීත්වය ලබා ගැනීමට නියමිතයි.අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව වෙල්ලස්සේ අභිමන් 200 නිල වෙබ් අඩවිය වන WWW.Uwa Wellassa.lk වෙබ් අඩවියද අමාත්‍යතුමන් අතින් ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න , අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ,විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන්ද්‍ර බටගොඩ යන මහත්වරුන් මෙන්ම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් එක්ව සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 14 වෙනි බ්‍රහස්පතින්දා, 08:33
 

පොලීසිය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට හා ක්‍රමවත් මහජන ආරක්ෂාක පද්ධතියක් ඇතිකිරීමට ඔස්ට්‍රියා රජයේ සහය පලවේ...........

 

ශ්‍රී ලංකා පොලීසිය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම තුල වඩාත් ක්‍රමවත් මහජන ආරක්ෂක වැඩපිළිවෙලක් ඇති කරලීම වෙනුවෙන් ඔස්ට්‍රියා රජයේ සහාය පළවේ.මේ සහය පලවූයේ නවදිල්ලියේ ඕස්ට්‍රියා නියෝජ්‍ය කන්සියුලර් ක්‍රිස්ටෝප් මෙයන්බර්ග් මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගියදා (23දා) එම අමාත්‍යංශයේදී මුනගැසුන අවස්තාවේදීය.අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රියාවේ කල සංචාරයේදී මේ සම්බන්ධයෙන් එරට බලධාරීන්ට අවධාරණය කොට තිබුණි.එකී ඉල්ලීමට අනුව මෙම හමුව සිදුවිය.සහනදායි ණය යෝජනා ක්‍රමයක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර අධියර කීපයක් ඔස්සේ මෙම ණය මුදල ලබා දීමට ඕස්ට්‍රියා රජය බලාපොරොත්තු වන බව මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට අවධාරණය කරන ලදි.මෙහි පළමු අධියරේදී යූරෝ මිලියන 10 ක මුදලක් ලබා දීමට එම රජය කැමැත්ත පලකල අතර එමගින් සමස්ත බස්නාහිර පළාත ආවරණය වන පරිද්දෙන් සීසීටීවි කැමරා පද්ධති ස්ථාපනය කිරීමට යෝජන වී ඇත.මෙමගින් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට මහජන ආරක්ෂාව ලබා දීමේ ඉඩකඩ වඩාත් පුළුල් වනු ඇත.මෙහි දෙවන අධියරේදී තවත් යූරෝ මිලියන 10 ක මුදලක් ලබා දීමට බලාපොරොත්තු වන එම මුදලින් 119 හදිසි ඇමතුම් සේවාව දියුණු කිරීමට කටයුතු කෙරෙණු ඇත.

මෙයට අමතරව ඕස්ට්‍රියානු රජය හා එක්ව තවත් යුරෝ මිලියන 30ක සහණ ණයක් ස්පාඤ්ඤ රජය ලබා දීමට අපේක්ෂා කරන බවද ක්‍රිස්ටෝප් මෙයන්බර්ග් මහතා අමාත්‍යවරයා හා පැවසීය.එම මුදලින් පොලිස් සන්නිවේදන අංශය වැඩිදියුණු කිරීම ඕස්ට්‍රියිනු රජයේ අරමුණයි.

ජාත්‍යන්තර සන්නිවේදන ක්ෂේත්‍රෙය් ප්‍රබල රටක් ලෙස ඕස්ට්‍රියාව හඳුනා ගත හැකි අතර ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක ආරක්ෂක සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරන්නේද ඕස්ට්‍රියාවයි.මෙම සක්‍යතාව මත පදනම්ව මෙම සහන ණය යෝජනා ක්‍රමය මෙරටට ලබා දීමට කටයුතු කරන අතර දෙරටේ රජයන් අතර මෙම ගණුදෙණු සිදුවනු ඇත. මෙම අවස්ථාවට ඕස්ට්‍රියාවේ ග්ලෝබල් සේල්ස් ගෘෘප් හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය බර්න්ඩ් නොවැක් , අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුද සහභාගී වී සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 14 වෙනි බ්‍රහස්පතින්දා, 08:32
 


යාවත්කාලීනය : 18-07-2018.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter