මෙරට ග්‍රාමීය රෝහල් සංවර්ධනය , ප්‍රාථමික සෞඛ්‍ය අංශයේ වැඩිදියුණු කිරීමට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනයට අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුවේ මෙරට හා මාලදිවයින් භාර කළමනාකර චියෝ කන්ඩා මහත්මිය පැවසීය.ඒ් මහත්මිය මේ බව සදහන් කලේ අද (09දා) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා ඒම අමාත්‍යංශයේදී මුනගැසුන අවස්ථාවේදීය.
දැනටමත් දිවයිනේ ප්‍රාදේශීය රෝහල් විශාල ප්‍රමානයක් සංවර්ධනය කිරිම වෙනුවෙන් ලෝක බැංකුව ප්‍රතිපාදන ලබා ඇති අතර ඉදිරියේදී දඹුල්ල, දේවහූව,ගලේවෙල ආදී ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා හා පැවසීය.ඉදිරියේදී රටේ ජනතාවට සෞඛ්‍ය කාඩ්පත් ක්‍රමයක් හදුන්වා දීම කෙරේ තම සංවිධානය අවධානය යොමුකර ඇතිබව මෙහිදි ලෝක බැංකු නියෝජිතයින් අමාත්‍යවරයා හා පැවසීය.ඒමගින් ජනතාවට තම සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවද පැවසීය.ඒමෙන්ම ග්‍රාමීය අධ්‍යාපන මට්ටම ඉහළ නැන්වීම කෙරේ අවධානය යොමු කර ඇති බවද ඒහිදි රූපවාහිනී මාධ්‍ය මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය උපයෝගී කර ගැනීමට ලෝක බැංකුව අපේක්ෂා කරන බවද ලෝක බැංකු නිලධාරීන් අමාත්‍යවරයා හා පැවසීය.තවදුරටත් අදහස් දැක්වූ ලෝක බැංකු නියෝජිතයින් සදහන් කර සිටියේ වැඩි වශයෙන් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරණ පාසල් තෝරා බලා ඒම පාසල් ඉලක්ක කොට ඉංග්‍රීසී අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්වරුන්ද ඒක්ව සිටියහ.