මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා හා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් පසුගියදා අමාත්‍යංශයේදී සිදුවිය. මෙහිදී මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මක තත්ත්වය නගා සිටුවීම සඳහා ඉන්දියාවෙන් ලබා දිය හැකි සහයෝගය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.මෙම අවස්තාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා, අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහහේවා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.