2021 පවත්වන ලද ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවයට නවක නිලධාරීන් බඳවා ගැනීම සඳහා වූ සීමිත තරඟ විභාගයෙන් සමත් තවත් දස දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය පසුගියදා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය. මෙලෙස බඳවා ගන්නා ලද නවක නිලධාරීන් පළාත් රාජ්‍ය සේවාවන් සඳහා අනුයුක්ත කෙරෙණු ඇත. මෙම පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්තාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, විද්‍යාත්මක සේවයේ අධ්යක්ෂ ජී.අයි.ඩී.සී. විජේසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.