මෙතෙක් කලක් රාජගිරියේ පවත්වාගෙන යන ලද ජාතික භාෂා අංශය අද සිට කොළඹ 07 පිහිටි රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.මෙතෙක් කලක් මෙම අංශය පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී පදනම මත පවත්වාගෙන යන ලදි.එලෙස ගෙන එන ලද ජාතික භාෂා අංශය අද (02දා) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් විවෘත විය. මෙම අවස්තාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමන් සඳහන් කර සිටියේ භාෂා පරිවර්තකයන්ගේ හිඟය නිසා රට පුරා විවිධ ගැටළු ඇති වී තිබෙනෙ බවයි .විශේෂයෙන් අධිකරණ ක්ෂේත්රය තුළ භාෂා පරිවර්තකයන්ගේ හිඟයක් පැවතීම හේතුවෙන් විශ්‍රාමික භාෂා පරිවර්තකයන්ගේ සේවය දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගැනීමට සිදුව තිබෙනවා.මෙම තත්ත්වය අවම කිරීම සඳහා භාෂා අධ්‍යාපන ක්ෂේත්රයෙන් සියලු ආයතන එක්ව වැඩ කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීම සඳහා ද විශේෂ අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙනු ලැබීය.එමෙන්ම උසස් මට්ටමේ අධ්‍යාපනයක් මෙම නිලධාරීන් වෙත ලබාදීම සඳහා භාෂා පරිවර්තන ක්ෂේත්රය විශ්වවිද්‍යාල හා සම්බන්ධ කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය . ඒ සඳහා කැනඩාව ආදී රටවල් ලබාදෙන විදේශ සහය අප ඉතා අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය.
ජාතික භාෂා ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම,රාජ්‍ය භාෂා කොමිසම සමග එක්ව භාෂා ගැටලු නිරාකරණය සඳහා කටයුතු කිරීම, භාෂා ප්‍රතිපත්තින් සම්බන්ධ චක්‍රලේඛ නිකුත් කිරීම මෙන්ම රාජ්‍ය භාෂා විභාග පැවැත්වීමද මෙම අංශය මගින් සිදුකරණු ලබයි.එසේම භාෂාමය කරුණක් සම්බන්ධයෙන් වන ඕනෑම ගැටලුවක් 1956 ක්ෂණික දුරකථන මාර්ගය ඔස්සේ ලබා ගෙන ඒ සඳහා වන විසඳුම් ක්ෂණිකව ලබා දීමද මෙම අංශය විසින් සිදුකරණු ලබයි. මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
බුද්ධික රූපසිංහ
මාධ්‍ය ලේකම්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය