රාජ්‍ය සේවයේ ආරවුල් විසඳීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක අවශ්‍යතාවය කලක සිට දැණුන කරුණකි.මෙකී අවශ්‍යතාවය ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේද අන්තර්ගතව ඇති අතර එය රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්රමුඛ කාර්ය භාරයක්වී ඇත.ඒ අනුව අදාල යාන්ත්‍රනය සකස් කිරීම සඳහා වන කැබිනට් සංදේශය විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් 2020/09/25 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.මෙම නව යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන තාක්ෂණික හා මූල්‍ය දායකත්වය ලබා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කැමැත්ත පලකර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාවක් රාජ්‍ය සේවා අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් කළාපයේ අධ්යක්ෂ සිම්රින් සිංග් මහත්මිය හා රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර පැවති අතර මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අමාත්‍යංශයේ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්වරුන්ද එක්වී සිටියහ.