නිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට, ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය. ඒ, නිදහසේ 75 වන සමරු උළෙල - 2023, කමිටු සාමාජිකයන්ගේ කාර්යභාරය පිළිබඳ 2022.09.14 දින, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාද එක්වූ මෙම සාකච්ඡාවේදී , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, වෙනදා මෙන් නිදහස් උත්සවයක් නොව, නිදහසේ 75 වන වසර යනු සුවිශේෂි අවස්ථාවක් බවය. එය තේරුම් ගෙන ජාතික උත්සවයේ සියලු කටයුතු, නිදහසේ ඉතිහාසයද සම්බන්ධ කරගනිමින්, අඩු වියදමින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ගෙන අලුතින් සිතා නිර්මාණාත්මක ආකාරයෙන් පවත්වන ලෙස උපදෙස් ලබාදුන්නේය
ජනාධිපතිතුමාද අපේක්ෂා කරන්නේ නව ආකාරයකින් මෙවර නිදහස සැමරීම බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සාකච්ඡාවට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මෙන්ම මීට අදාළ සියලු අමාත්‍යංශ, ආයතනවල ප්‍රධාන නිලධාරීහු සහභාගි වූහ.
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්.