සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට බලපාන ගැටලු කීපයක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂන නිලධාරී සංගම් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් 2023.01.23 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදී රජයට ගෙවිය යුතු අර්ථ සාධක අරමුදලේ සියයට 60 දායකත්වය විශ්‍රාම ගිය පසු සම්පූර්ණයෙන් විශ්‍රාම පාරිතෝෂිකයෙන් ගෙවීමට අවස්තාව සැලසීම, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ගෙවිය යුතු හිඟ වැනදඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල විශ්‍රාම පාරිතෝෂිතයෙන් අයකර ගැනීම, රජය මගින් නියම කරන ලද අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ටද අදාල කරගැනීම, වැඩිහිටි හා ආබාධිත දීමනා නැවතත් සමෘද්ධි බැංකු හරහා ගෙවීමට ගෙන ඇති තීරණය ආදී වූ ඉල්ලීම් ගණනාවක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කරන ලදි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල අග්‍රාමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දෙමින් සඳහන් කර සිටියේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සලකා බලා අදාල නිලධාරීන් මුහුණ දෙන්නාවු ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කර දෙන ලෙසයි.
මෙම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අම්යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, කාන්තා සහ ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.