රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 20/2022 (රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ පොදු සේවා නිල නිවාස ලබා දීමට සුදුසු මාණ්ඩලික නිලධාරීන් තෝරාගැනීම පිලිබඳ මාර්ගෝපදේශ) අනුව නිල නිවාස සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර, එම අයදුම්පත්‍රයේ දෘඩ පිටපත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නිවාස හා සංවර්ධන අංශය වෙත භාර දීම සිදුකළ සියලුම අයදුම්කරුවන්ගේ "තාවකාලික ලකුණු ලේඛනය - 2023" මෙම අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන ලදී.
02. ඉන් පසු, අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සහ අනිකුත් ලිපි ලේඛන පරික්ෂා කිරීමෙන් අනතුරුව වැඩිම ලකුණු ලබා ගනු ලබන අයදුම්කරුවන්ගෙන්, හිස්ව පවතින නිල නිවාස සංඛ්‍යාව මෙන් දෙගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් 2022.12.20 සහ 2022.12.21 යන දෙදින තුලදී සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලදී.
03. අනතුරුව, "සමුළු නිවාස හිමිකම ලැබෙන අයදුම්කරුවන්ගේ ලේඛනය - 2023 – පළමු අදියර” රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශ ලේකම්තුමා විසින් අනුමත කිරීමෙන් පසු, මෙම අමාත්‍යාංශ වෙබ් අඩවියේ නිල නිවාස සංවර්ධන අංශ යොමුවේ කොළඹ 05, කැප්පෙටිපොළ මාවත සමුළු නිවාස යටතේ ප්‍රකාශයට පත් කරන ලදී. (වෙබ් සබැඳීය : 2023 වසර තුළදී නිල නිවාස හිමිකම ලැබීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය )
04. “සමුළු නිවාස හිමිකම ලැබෙන අයදුම්කරුවන්ගේ ලේඛනය - 2023 – පළමු අදියරයේ” නම් සඳහන් අයදුම්කරුවන් හට 2023.02.23 සහ 2023.02.24 යන දෙදින තුළදී පමණක් තමාට පදිංචියට වෙන්කිරීමට නියමිත සමුළු නිවස පරික්ෂා කිරීමට අවස්ථාව ලබා දීමට හැකියාවක් ඇත. එලෙස නිල නිවාස පරික්ෂා කිරීමෙන් අනතුරුව අයදුම්කරු තමාට වෙන්කිරීමට නියමිත සමුළු නිවසේ පදිංචි වීමට එකඟ නොවන්නේ නම් පමණක් ඒ පිළිබඳව ඉහත දිනයන් (2023.02.23 සහ 2023.02.24) තුළදීම මෙම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන), නිවාස හා සංවර්ධන අංශය වෙත ඔබ විසින් ලිඛිතව දැනුම්දිය යුතු වේ. එලෙස තමාට වෙන්කිරීමට නියමිත සමුළු නිවසේ පදිංචි වීමට එකඟ නොවන අයදුම්කරුවන් හැර "සමුළු නිවාස හිමිකම ලැබෙන අයදුම්කරුවන්ගේ ලේඛනය - 2023 – පළමු අදියරයේ" නම් සඳහන් අනිකුත් අයදුම්කරුවන් හට 2023.03.01දින සිට පදිංචි විය හැකි ලෙස විධිමත් පරිදි නිල නිවාස වෙන් කර දීමට කටයුතු කරනු ලැබේ.