අභිනවයෙන් මෙරටට පත්කරන ලද කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා හා රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා අතර සුහද හමුවක් පසුගිය දා එම අමාත්‍යංශයේදී පැවුත්විණි.
අමාත්‍යංශයක් ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙදී කැනේඩියාණු රජය දක්වන සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය අතර කරුණු සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් කැනේඩියාණු රජය දක්වන උනන්දුව පිළිබඳව රජය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී මහ කොමසාරිස්වරයාට සිය ස්තූතිය පිරිනැමීය.
ජාතීන් අතර සහයෝගීතාවය ගොඩනැන්වීමෙහිලා භාෂාවට විශාල කාර්යභාරයක් කල හැකි බව එරික් වොල්ෂ් මහතා මෙහිදී අවධාරණය කල අතර ඒ වෙනුවෙන් තවදුරටත් තම රජයේ සහය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට කැමති බවද පැවසීය.
මෙම අවස්තාවට කැනේඩියාණු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගීතා හා සංවර්ධන ප්‍රධානී ලින්ඩා එරික්ස් මෙනවිය,අමාත්‍යංශ අතිරේක ලේකම් රංජිත් අශෝක, ජාතික භාෂා අංශයේ ජෞෂ්ඨ සහකාර ලේකම් එස්.සත්‍යශීලන්, සහ තාක්ෂණික කමිටු ප්‍රධානී ජී.එස්.වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මාධ්‍ය අංශය