අභිනව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා කොළඹ 07,නිදහස් චතුරශ්‍රයේ පිහිටි එම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු(19දා) භාර ගන්නා ලදි.
අමාත්‍යංශයේ ජෞෂ්ඨ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව රජය බලයට පත් වීමත් සමග රටේ ගමන් මගේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ බවයි.මේ නව පරිච්ඡේදය මනා කොට හසුරුවා ගනිමින් ජනතා හිතවාදී ගමනක් යාමට සියලු රාජ්‍ය නිලධාරීන් සාමුහිකව කටයුතු කල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේදි රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ සේවය කිරීමට හැකි වටාපිටාවක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් කල අමාත්‍යවරයා එහිදි නිලධාරීන්ට මතුවන අවහිරතා සේම එම සේවාව ලබා ගැනීමේදී රටේ ජනතාවට වන අවහිරතාද ඉවත් කිරීම තම අපේක්ෂාව බවද මෙහිදී පැවසීය.
කැලණි විශ්ව විද්‍යාලයේ උපාධිධරියකු වන චන්දන අබේරත්න මහතා එම විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර ඇත
මෙම අවස්තාවට අමාත්‍යංශ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා ඇතුලු අමාත්‍යංශ ජෞෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා