2024 වර්ෂයේ පවත්වන ලද විවෘත තරඟ විභාගයන්ගෙන් ඉහළම දක්ෂතා දැක්වීමේ පදනම මත තෝරා ගන්නා ලද නවක පරිපාලන සේවා, සැලසුම් සේවා හා ගණකාධිකාරී සේවා නිලධාරීන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා පසුගියදා(01දා) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ආරම්භ කෙරුණි.
අදාල තරඟ විභාගයන් ගෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා නිලධාරීන් 155 දෙනෙක්, සැලසුම් සේවය සඳහා නිලධාරීන් 105 දෙනෙක් හා ගණකාධිකාරී සේවාව සඳහා නිලධාරීන් 121 දෙනෙක් තේරී පත්විය.සැලසුම් සේවයේ හා ගණකාධිකාරී සේවයේ අභිනව නිලධාරීන් සඳහා මාස 6 ක පුහුණුවක් ලැබෙන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරීන් සඳහා වසරක පුහුණුවක් ලබා දෙණු ඇත.රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නාවූ දැණුම ,කුසලතා හා ආකල්ප සංවර්ධනය ඉලක්ක කොට මෙම පුහුණුව ලබා දේ.රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය වන්නාවූ න්‍යායාත්මක දැණුම හා මහජන සේවාව වඩා ඵලදායීව ලබා දීම සම්බන්ධයෙන් වන ප්‍රායෝගික භාවිතාවන්ගෙන් මෙම පුහුණුව සමන්විත වේ.
මෙම පුහුණු වැඩමුළුව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් ඇරඹි අතර මෙම අවස්ථාවට, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඒ.වී.ජනාදර යන මහත්වරු ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා