රාජ්‍ය ආයතන තුළ රාජකාරී ඉටුකරණ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදයසේ ඉටුකිරීම සඳහා වූ සුවදායී පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම වඩා සුවදායී පරිසරයක් තුල තම සේවාවන් ලබා ගැනීම සඳහා වූ සේවාලාභීන්ගේ අයිතිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ සෙයිරී සතිය රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 01 දා රාජ්‍ය පරිපාලන, පළත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී ඇරඹිණි.
මේ සතිය පුරා සමස්ථ රටම ආවරණය වන පරිදි සියලු රාජ්‍ය ආයතනයන්හි භාහිර පරිසරය මෙන්ම කාර්යාල පරිශ්‍රයන් තුල අනවශ්‍ය දෑ ඉවත් කරමින් අවශ්‍යදෑ මනා කළමනාකරණයක් සහිතව පවත්වාගෙන යාම සඳහා වන ආකල්පය ඇතිකරලීම සඳහා වන පෙළඹුමක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.
මෙම සමාරම්භක අවස්ථාවට රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් .අබයරත්න මහතා, රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී.සුගීෂ්වර මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරින් සහභාගී වී සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා