ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ,ජීවත්වන වටාපිටාව සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක මෙවර පළාත් පාලන සතිය 2025 සැප්තැම්බර් මස 15 දා සිට 21 දින දක්වා සමස්ථ ලංකාවම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා.
සැප්තැම්බර් 15 දිනය ජංගම දිනය වන අතර දෙවන දිනය වන 16 වනදා පරිසර සහ රුක් රෝපණ දිනය වෙනුවෙන් වෙන්ව තිබෙනවා.තුන්වන දිනය සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය වන අතර සැප්තැම්බර් 18 වෙනිදා ආදායම් ප්‍රවර්ධන දිනය වෙනුවෙන් වෙන්වී තිබෙනවා.සැප්තැම්බර් 19 දිනය වෙන්ව ඇත්තේ සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධනය වෙනුවෙනි.සැප්තැම්බර් 20 දා මහජන උපයෝගීතා දිනය ලෙසින් නම්වී ඇති අතර අවසන් දිනය වෙන්ව ඇත්තේ සහතික පත්‍ර ප්රදානය උදෙසායි.
රාජ්‍ය පරපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එචි.එම්.එච් .අබේරත්න , පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් සහ අමාත්‍යංශ ලේකම් එස් .ආලෝකබණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වූ ප්රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (08දා) පැවැත්විණි.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා