දකුණු කොරියාවේ රජයේ අනුබද්ධ සෙමවුල් උන්ඩොං සංවිධානය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර නැවත ආරම්භ කිරීමට එකඟවී ඇති අතර, ජාත්‍යන්තර සහකාරත්වය තුළ මූලික මට්ටමේ ප්‍රගතියට තම කැපවීම නැවතත් තහවුරු කර තිබේ.
මෙම නිවේදනය සිදු කරන ලද්දේ පසුගිය දා (19) දකුණු කොරියාවේ දී පැවැති සෙමවුල් උන්ඩොං සමුළුවේදී ය.
මෙම සමුළුව ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව ලෝක රාජ්‍ය නායකයින්, අමාත්‍යවරු, නිලධාරීන් හා නියෝජිතයින් එක් කෙරෙන ජාත්‍යන්තර වේදිකාවක් වන අතර මෙවර ඒ සඳහා ලෝකයේ රටවල් 46 ක නියෝජිතයින් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මන්ත්‍රණයට සහභාගී වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න සහ අමාත්‍යාංශ ලේකම් එස්. අලෝකබණ්ඩාර යන මහත්වරුන් ය.
දකුණු කොරියාවේ 1970 දශකයේ ආරම්භ වූ සැමුවෙල් උන්ඩොං (saemual Undong) මගින් දකුණු කොරියාව දරිද්‍රතාවයෙන් මුදවා ගෙන සංවර්ධනය කරා ගෙන ගිය ආකාරය පිළිබඳව වෙනත් රටවල් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරයි.
2025 සමුළුව ඇමතූ අමාත්‍ය චන්දන අබේරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා සහ වර්තමාන රජයේ අනාගත දර්ශනය පිළිබඳව පෙන්වා දුන් අතර කොරියානු සැමුවෙල් උන්ඩොං ආයතනය සමඟ සහ විවිධ රටවල අමාත්‍යවරු හා නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා නව අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථා කීපයකට ද සහභාගී විය.
මෙම සමුළුවේදී ශ්‍රීලංකාව වෙනුවෙන් මූල්‍ය සහාය ලබාදීමට එකඟ වූ අතර එකී මූල්‍ය ප්‍රදාන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමටත් පළාත් මට්ටමේ කුඩා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහාත් වෙන් කළ හැකි බවටත් සඳහන් කෙරුණි. මෙම මූල්‍ය සහාය ලබාදීම සමඟ දැනට නතර වී ඇති කොරියානු මූල්‍ය සහාය නැවත ආරම්භ වීමක් ලෙස සැලකිය හැකි වෙයි.
මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍ර වූයේ ග්‍රාමීය පද්ධති නවීකරණය, ජනතා සහභාගිත්වය මත පදනම් වූ සංවර්ධන ක්‍රමවේද, තරුණ හා කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම, ආර්ථික හා සංස්කෘතික ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සමඟ තිරසර සංවර්ධනයයි.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා