ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවාව සිය දෙවන වාර්ෂික සමුළුව මෙවරත් උත්කර්ෂවත් ලෙස කොළඹ නිල මැදුරු ශ්‍රවණාගාරයේදී පසුගිය දා (25දා) පවත්වන්නට යෙදුනි.දින දෙකක් පුරා පැවති මෙම සමුළුවේ තේමාව වූයේ ඒකාබද්ධ පර්යේෂණ ඔස්සේ ජාතිය ගොඩනැගීම යන්නයි.රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ විද්‍යාත්මක සේවා අංශය මගින් සංවිධානය කල මෙම සමුළුවට දීප ව්‍යාප්ත මට්ටමින් විද්‍යාත්මක සේවාව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
මෙම දෙදින සම්මේලනයට පෙරාතුව පුරා මාස 6 ක් මුළුල්ලේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන් උදෙසා පර්යේෂණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වැඩමුලු සංවිධානය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි. ඊට සමගාමීව අදාල නිලධාරීන් ස්වකීය රැකියාස්ථානය මුල් කොටගෙන පර්යේෂණ නිබන්ධන සැකසීම සිදුකල යුතුවිය.තමන් සේවය කරන ආයතනයන්හි දත්ත පදනම් කරගනිමින් මෙම පර්යේෂණ සිදුකිරීමද විශේෂත්වයකි. මේ වර්ෂයේ පර්යේෂන කාර්ය සඳහා විද්‍යාත්මක සේවවේ නිලධාරීන් 55 දෙනෙකු ඉදිරිපත් වූ අතර මෙසේ සිදුකරණ ලද පර්යේෂණයන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවාවේ ජ්‍යේෂඨ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් මණ්ඩලයක් මගින් ඇගයිමට ලක්කරණ ලදි.එම ඇගයීමෙන් තෝරා ගන්නා ලදා පර්යේෂණ 37 ක් පමන මෙවර සම්මේලනයේදී ඉදිරිපත් කෙරුණු අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශීය වෙබ් අඩවියේ ඒවා පළකර ඇත.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා