කළමනාකාර නිලධාරී සේවාවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා 60000 පමන වු අයඳුම්කරුවන් අතර පැවති තරඟකාරී විභාගයකින් තෝරා ගන්නා ලද 1884 දෙනෙක් සඳහා වන පත්වීම් ලිපි ප්රදානය අද(29දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුනා.ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රදානත්වයෙන්.
2018 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද විශාලතම පිරිස මෙම කළමනාකරණ සේවා නිලධාරීන් පිරිස වන අතර 2020 වසරේ ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජන අනුපාතයන්ට සමානුපාතිකව මෙම බඳවා ගැනීම් සිදුකර තිබීමද විශේෂත්වයකි.
මෙම පත්වීම් ලිපි ප්රදානය සඳහා රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී , රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්දකීර්ති,පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එන්.යූ.නිශාන් මෙන්ඩිස් මහාතා ඇතුලු අමාත්‍යංශ නිලධාරිහු රැසක් සහභාගී වූහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා