730,000 ඉක්මවූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් පසුගිය 08දා ජාතික විශ්‍රාමික දිනය උත්කර්ශවත් අයුරින් සැමරුවා.මෙහි ජාතික උත්සවය පැවැත්වුනේ කැළණිය වෙදමුල්ල පිහිටි විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී.ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් මෙම උත්සවය සංවිධානය කොට තිබුනා.උත්සව සභාව අමතමින් අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා සඳහන් කර සිටියේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් නූතන රට ගොඩනැගීම උදෙසා කල මෙහෙවර දිනකින් කතා කල හැකි දෙයක් නොවන බවයි.එමෙන්ම ඔවුන් එදා රාජ්‍ය සේවකයින් ලෙස කල මෙහෙවර නොවන්නට මේ මොහොතේ අප ජීවත්වන රට අපට උරුම නොවන්නට ඉඩ තිබෙනු ඇතැයිද පෙන්වා දෙන ලදි.එසේම විශ්‍රාමික ප්‍රජාව මුහුණ දෙන්නාවු ගැටලු නිරාකරණය කිරීමට ඉදිරියේදී රජයක් ලෙස කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා 2025 අයවැයෙන් වැටුප් වැඩි නොවු විශ්‍රාමික ප්‍රජාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන් 2026 වසරේ අයවැයේදී සලකා බැලිමට පියවර ගන්නා බවද පැවසීය.
මෙම අවස්තාවට පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර , විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි, අමාත්‍යංශ ජෞෂ්ඨ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා