අමාත්‍යංශ කාර්්‍යභාරයන් වඩාත් කාර්යක්ෂම හා කඩිනම් කිරීම උදෙසා උපදෙස් ලබා දීම පිනිස ඒ ඒ අමාත්‍යංශ සඳහා වෙන් වෙන් ලෙස උපදේශක කමිටු පත්කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා.ඒ අනුව රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශක කමිටුව වෙනුවෙන් තෝරා පත්කර ගන්නා ලද කමිටු සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න , පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් , අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24දා) අමාත්‍යංශයේදී සිදුකෙරුණා.
දසදෙනෙකුගෙන් සමන්විත මෙම ස්වේච්ඡා උපදේශක කමිටුවට මහාචාර්ය ධර්මා රාජපක්ෂ, මහාචාර්ය මන්සූර් මොහොමඩ් ෆාසිල්, මහාචාර්ය එම්.ජී.කුලරත්න, කාන්ති හේමමාලී විජේතුංග, නීතිඥ එස්.ඒ.විජයානන්ද, එච්.එම්.සුනිල් හේරත්, එල්.යූ .හෙට්ටිආරච්චි, එච්.තිලකවර්ධන, හා එන්.ඒ.ධර්මසිරි යන මහත්ම මහත්මීහු තෝරාගෙන තිබූ අතර ඔවුන් සඳහා පත්වීම් ලිප ප්රදානය මෙදින සිදුවිය.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා