මෙරට තුර්කි තානාපති ආචාර්ය සෙමි ලුට්ෆූ ටුර්ගුට් මහතා (Dr.Semih Lutfu Turgut හා රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා අතර හමුවක් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුනා.
දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් යලි ගොඩනැගීමේ කටයුතු සඳහා තුර්කි රජයේ සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යවරයා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ තානාපතිවරයා අදාල පාසල් ගොඩනැන්වීමේ කටයුත්තට තුර්කි රජයේ සහය පලකල අතර හානියටපත් පාසල් නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී අදාල ප්‍රදේශවලට යාමට තමන් අපේක්ෂා කරන බවද පැවසීය.එමෙන්ම පානීය ජල ගැටලුවට මුහුණදෙන ප්‍රදේශවල ජනතාවගේ අදාල ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් තුර්කි රජයේ සහයෝගය ලබා දීමට කැමැත්ත පලකරණ ලදි.
මීට අමතරව තුර්කිය හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික සහයෝගීතාව නන්වා ගැනීම සඳහා දෙරටේ අධ්‍යාපන ආයතන අතරවන ඒකාබද්ධ වැඩසටහනක් සම්බන්ධයෙනද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.එමෙන්ම දෙරටේ ආර්ථික ,සාමාජීය, සංස්කෘතික සංවර්ධනය උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වූ වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්තාවට තුර්කි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් රුමෙයිසා අක්චින් මෙනවියද (Rumeysa Akcin) එක්විය.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා