• CRVS කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට
• මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා UNDP සහය
• බලශක්තිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්රවල ආරවුල් විසඳීමට විශේෂිත සංසද (Sectoral Forums) 4ක්
• ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර 336ක යටිතල පහසුකම්
ශ්‍රී ලංකාවේ සිවිල් ලියාපදිංචි කිරීම් සහ වැදගත් සංඛ්‍යාලේඛන (CRVS) පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ‘OneRegistry’ ඒකාබද්ධ වැඩසටහන, ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම මෙන් ම මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (18) දින පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator) මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ඇතුළු නියෝජිත පිරිස අතර මෙම නිල හමුව කොළඹ 07, නිදහස් චතුරස්රයේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.
CRVS ඩිජිටල්කරණය සහ කැබිනට් අනුමැතිය කඩිනම් කිරීම
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පෙන්වා දුන්නේ UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙහෙයවන මෙම ‘ඒකාබද්ධ සිවිල් ලියාපදිංචි කිරීමේ’ වැඩසටහන ආරම්භ කර දැනට ක්‍රියාත්මකව ඇති බවයි. පද්ධති සිතියම්ගත කිරීම, ධාරිතා වර්ධනය සහ මූලික සමීක්ෂණ දැනටමත් සාර්ථකව නිම කර ඇත. විශේෂයෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහය වෙමින් UNDP ක්‍රියාවට නැංවූ ‘ජංගම සායන’ (mobile clinics) වැඩසටහන නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පවා ඉහළ ඇගයීමකට ලක්ව ඇත.
ව්‍යාපෘතිය 2027 නොවැම්බර් මාසයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා දන්වා සිටියේ ය.
රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේදී රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා ‘One Chip Fellowship’ වැඩසටහන යටතේ ලේඛකාධිකාරී මට්ටමේ සිට ඉහළ කළමනාකාරිත්වය දක්වා පුහුණු කටයුතු සිදුවන බව මෙහිදී රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලපදීන් මහත්මිය සඳහන් කළා ය. එහි පළමු කාර්තුවේ මොඩියුලයන් අවසන්ව ඇති අතර දෙවන කාර්තුව ක්‍රියාත්මකය. එමෙන්ම ඩිජිටල් වේදිකාවලට අදාළ රෙගුලාසි සමාලෝචනයට විශේෂඥ කමිටුවක් ද පත් කර ඇත. යටිතල පහසුකම් යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 336 සඳහා ඉල්ලා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ සඳහා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ලබාදීමට එකඟ වී ඇත.
ප්‍රාදේශීය පරිපාලනය, ආපදා සහ අපද්‍රව්‍ය කළමනාකරණය
එසේ ම ප්‍රතිසාධන ක්‍රියාවලියේදී සහ සහනාධාර බෙදාහැරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් වන බැවින් ආපදා කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රාදේශීය පරිපාලනය සවිබල ගැන්වීමට පියවර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. එක්සත් ජාතීන්ගේ සහය දක්වන ප්‍රතිසාධන රාමුව යටතේ ප්‍රාදේශීය මට්ටමේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සහය ඉල්ලා ඇත. මෙහිදී කඩුවෙල මහ නගර සභාව ස්වකීය සම්පත් සහ UNDP තාක්ෂණික සහය මත ස්වභාවික විපත්වලට ඔරොත්තු දෙන අයුරින් ‘අපද්‍රව්‍යවලින් බලශක්තිය නිපදවීමේ මධ්‍යස්ථානයක්’ පිහිටුවීම හොඳම උදාහරණයක් ලෙස ඇගයීමට ලක්විය. පසුගිය වසරේ අවසන් වූ CDLG ව්‍යාපෘතිය යටතේ බදු එකතු කිරීම සහ මහජන පැමිණිලි සඳහා ඩිජිටල් විසඳුම් හඳුන්වා දී ඇති අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් ද රට පුරා ව්‍යාප්ත කිරීමට අපේත්ෂිත යොදවුම් සඳහා ද වඩාත් තිරසාර සහ පිරිවැයදායී විසඳුම් දීමට UNDP සූදානම් වේ.
ක්ෂේත්‍ර ගණනාවක ආරවුල් වැළැක්වීම සහ විසඳීම සඳහා වන යාන්ත්රණයකට කැබිනට් අනුමැතිය ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙහිදී සාකච්ඡා විය. පෙර පැවති රජයේ ප්‍රතිපත්තිමය අනුමැතිය මත පදනම්ව නව රජය ද මෙය ඉදිරියට ගෙන යන අතර, මේ යටතේ බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය වැනි ප්රමුඛ ක්ෂේත්‍ර වෙනුවෙන් විශේෂිත අංශ මට්ටමේ සංසද (Sectoral Forums) පිහිටුවීමට නියමිතය.
UNDP ආයතනය ප්‍රථම වතාවට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වීමට මෙහිදී ඉදිරිපත් වී තිබේ. මැතිවරණ ඡන්ද ගණනය කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වගකීම අමාත්‍යාංශය වෙත පැවරේ. මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ පළමු රැස්වීම ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා