මැයි මස 30 වන දිනට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනය අද (27) දින පෙරවරුවේ අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සුමධුර ධර්ම දේශනය පවත්වනු ලැබූයේ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විද්‍යායතනයේ ධර්මාචාර්ය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය රාජාංගනේ පියදස්සි ස්වාමීන් වහන්සේ විසිනි.
මෙම පින්කම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා