කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 1,252 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ නිල රාජ්‍ය උත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් අද (ජූලි 07) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2025 ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල 2026 අප්‍රේල් 10 දින නිකුත් කෙරිණි. ඉන් අනතුරුව 2026 මැයි මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කර ගනිමින් දක්ෂතාවය මත ම මෙම පිරිස තෝරාගෙන තිබේ.
මෙම බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම උසස් පෙළ වුව ද, මේ සඳහා උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් ද සුදුසුකම් ලබා ඇත. සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන් ම වයස අවුරුදු 18-29 ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් නිලධාරීන් 1,252 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
මෙම පත්වීම් 2026 ජූලි 15 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශය මඟින් මෙම උත්සවය සංවිධානය කරනු ලබයි. සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.pubad.gov.lk) පළ කර ඇත.







ගරු මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා