Tසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ආංශික සංසදය හා සමගාමීව ජනමාධ්‍ය අංශයේ උප ආංශික සංසදයක් පිහිටුවීම හා එම සංසදයේ සාමාජිකයින් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන 2026.08.14 වන දින කොළඹ NH COLLECTION HOTEL පරිශ්‍රයේදී පැවැත්විණි.
වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා සැලසුම් අංශයේ අතිරේක ලේකම් ශාන්ති විරසිංහ මහතා ඇතුළු එම අංශයේ නිලධාරීන් විසින්. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ආංශික සංසද සංවිධානය වී ඇත්තේ කෙසේද ?
පාලන ව්‍යුහය සහ වගකීම් පැහැදිලි කිරීම, සමාජ සංවාද පද්ධතිය තුළ පාලන ව්‍යුහය, සාමාජික භූමිකා සහ ඵලදායි සම්බන්ධීකරණය ,
සාකච්ඡා සහ සාමූහික කේවල් කිරීමේ ක්‍රියාවලිය, සහයෝගිතාවය හා ආරවුල් වැළැක්වීමේ කුසලතා, සහ
සහයෝගී ගැටලු විසඳීම පැමිණිලි වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය යන මාතෘකා පිළිබඳව මෙහිදී රාජ්‍ය නිලධාරීන් සඳහා දේශන පැවැත්විණි.
සමාජ සංවාදය, සේවා ස්ථාන සහයෝගීතාව සහ ආරවුල් වැළැක්වීම තුළින් ඵලදායිතාව ඉහල නංවා විශිෂ්ඨ තත්ත්වයේ රාජ්‍ය සේවයක් බිහි කිරීම එම වැඩසටහනේ අරමුණයි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අංශයේ අතිරේක ලේකම් ( රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා සැලසුම්) ශාන්ත වීරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දීපා ලියනගේ, තැපැල්පති රුවන් සත්කුමාර, රජයේ මුද්‍රණාලාධිපති ආර්.ඒ.පී.කේ ජයරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම සම්පත්දායකයින් ලෙස උපාලි අතුකෝරළ, ආචාර්ය මාරින්ග සුමනදාස, පර්ලි විරසිංහ, මහාචාර්ය එම්. තිලකසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.







ගරු මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා