Divisions
රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ අංශය
හැඳින්වීම
ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථික හා සමාජ අවශ්‍යතාවන්ට අනුකූල රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මෙම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම හා කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන අංශයේ ප්‍රධානතම වගකීමක් වන රාජ්‍ය සේවයේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, මානව සම්පත් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතීන් සහ මාර්ගගත වේදිකා (Online Platform) සකස් කිරීම, දැනට ක්‍රියාත්මක කරනු ලබන යල් පැනගිය ක්‍රමවේදයන් වෙනුවට අනවශ්‍ය වැඩ පියවර සහ ප්‍රමාදවීම් හැකිතාක් අවම වන ආකාරයෙන් ක්‍රියාවලින් ප්‍රතිනිර්මාණය කිරීම (Process Reengineering), ඩිජිටල්කරණය තුළින් අනාගත පරපුරෙහි සහ නවීන ලෝක ප්රවණතාවලට මෙන්ම අවශ්‍යතාවන්ට සරිලන රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නවීකරණයන් සහ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම වෙනුවෙන් මෙම අංශය පිහිටුවන ලදි.
මෙහිදී රාජ්‍ය මානව සම්පත් කළමනාකරණයේ කාලීන අභියෝගයන්ට මුහුණ දීමට හැකි පරිදි කාර්යක්ෂමතාව, ඵලදායීතාව, විනිවිදභාවය, වගවීම මෙන්ම මහජන කේන්ද්‍රීය තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කිරීම අපේක්ෂා කරයි. ඒ සඳහා නව රාජ්‍ය කළමනාකරණ ක්‍රමවේද (New Public Management) සහ ඩිජිටල් - රාජ්‍ය පරිපාලන ක්‍රමවේද (Digital – Government) භාවිතා කිරීම මඟින් ඉහත ඉලක්ක ළඟා කර ගැනීම අපේක්ෂා කරයි.
දැක්ම
“නව්‍යකරණය මඟින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම”
මෙහෙවර
“රාජ්‍ය සේවය නවීකරණය කිරීම මඟින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා සේවාවන් ඩිජිටල්කරණය, අථත්‍යකරණය හා තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතා කර මෙම අමාත්‍යාංශයේ ක්‍රියාවලීන් නවීකරණය කිරීමත්, නවීන කළමනාකරණ ක්‍රමවේදයන් හඳුන්වා දීම හා ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් අරමුණු ළඟා කර ගැනීමත් සිදු කරනු ලබයි.”
අභිමතාර්ථ
- රාජ්‍ය සේවාව කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබා දීම සඳහා අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දීම.
- සේවා තෘප්තිය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නවීකරණ කටයුතු සිදු කිරීම.
- අවම පිරිවැයක් දරමින් විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම.
- මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් තුළින් රාජ්‍ය සේවයෙහි කාර්යන් පහසු කිරීම.
- ඩිජිටල්කරණය හා තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිතය තුළින් රාජ්‍ය සේවය තුළ විනිවිදභාවය වැඩි කිරීම.
- ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය තුළින් රාජ්‍ය සේවයේ වැඩපියවර පහසු කිරීම.
- නවීකරණය තුළින් අනාගත පරපුරෙහි සහ නවීන ලෝකයෙහි අවශ්‍යතාවයන්ට ගැළපෙන රාජ්‍ය සේවාවක් ඇති කිරීම.
ක්‍රියාකාරකම්
- අමාත්‍යාංශයීය කාර්යයන් ඩිජිටල්කරණය හා අථත්‍යකරණය සඳහා වන උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම.
- රාජ්‍ය අංශයේ මානව සම්පත් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීම.
- අමාත්‍යාංශ ලේඛන සහ තොරතුරු ලබා ගැනීමට පහසු වන ආකාරයට ලේඛන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම.
- අමාත්‍යාංශ ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන සකස් කිරීම.
ඇමතුම් තොරතුරු
ආර්.එම්.ජේ.සී.රාමනායක මෙය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ)
|
ආර්.ඩී.යු.සී.වීරරත්න මිය සහකාර ලේකම් (රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ)
|
||||||||||||||||||
ක්‍රම සම්පාදන අංශය
හැඳින්වීම
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය වෙත පැවරෙන ක්‍රමසම්පාදන කාර්යභාරයට අයත් වන්නා වූ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මාර්ගෝපදේශයන් හා ක්රමෝපායන් සකස් කිරීම, වැඩසටහන්, ව්‍යාපෘති, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, ඇගයීම මෙන්ම ඒ හා සම්බන්ධ වන්නා වූ සේවාවන් ඉටු කිරීම සඳහා ක්‍රමසම්පාදන අංශය ස්ථාපිත කොට ඇත.
දැක්ම
"මානව සම්පත ඵලදායි ලෙස යොදා ගැනීම තුළින් පිරිසිදු කාර්යක්ෂම හා විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම."
මෙහෙවර
" අමාත්‍යංශය වෙත පැවරෙන ක්‍රම සම්පාදන විෂය ක්ෂේත්රයට අයත් වන්නා වූ කාර්යයන් හා කර්තව්‍යයන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම හා ඇගයීම."
" අමාත්‍යංශයේ අරමුණු ප්රත්යක්ෂ කරගැනීමට අවශ්‍ය උපාය මාර්ග, ප්‍රතිපත්ති, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම."
අරමුණු
- “දැයට විශිෂ්ඨ රාජ්‍ය සේවයක්” සලසා දීමේ ඉලක්කය සපුරා ගැනීමට උචිත ක්‍රම සම්පාදන මාර්ගෝපදේශයන් හා ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීම.”.
- රජයේ සමාජ ආර්ථික සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට සමපාත වන අයුරින් අමාත්‍යංශයේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම.
කාර්යයන්
- අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්ය සාධන වාර්තා සකස් කිරීම.
- අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධ කටයුතු.
- උගත් පාඩම් හා ප්රතිසංවිධාන සැලැස්ම, ප්‍රගති වාර්තා ,වාර්ෂික වාර්තා හා වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු අධික්ෂණය කිරීම හා නියමිත වේලාවට පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම
- අමාත්‍යංශයට අවශ්‍ය දත්ත පද්ධතියක් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.
- අමාත්‍යංශයේ අනෙකුත් අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දීම
- අතිරේක ලේකම්( මානව සම්පත් සංවර්ධන) යටතේ අධීක්ෂණය වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය පරිදි සහ ලේකම්තුමාගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණය සිදු කිරීම.
- අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන විදේශ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ පසුවිපරම් සිදු කිරීම.
සංවිධාන ව්‍යූහය
ඇමතුම් තොරතුරු
එස්.කේ. දයානන්ද මියඅධ්යක්ෂ ( ක්‍රම සම්පාදන)රාජකාරි ආවරණය
|
ඊ.ඒ.සී.යු. එදිරිසිංහ මියනියෝජ්‍ය/සහකාර අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන)
|
එස්.එම්.පී.කේ. සේනානායක මයානියෝජ්ය/සහකාර අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන)
|
| දුරකථන | : | (දිගුව- 118) |
| ෆැක්ස් | : | +94 0112662301 |
| විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා සැළසුම් අංශය
ඇමතුම් තොරතුරු
එස්. වීරසිංහ මයාඅතිරේක ලේකම් (රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා සැළසුම් අංශය)
|
ජාතික භාෂා අංශය
ව්‍යවස්ථා විධිවිධාන
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ 1978 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1Vවන පරිච්ඡේදය තුළ අන්තර්ගත කර ඇත. මෙය VI වන පරිච්ඡේදයේ 27 (05,06,10) වගන්තියේද දක්වා ඇත. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය 1987 දී 13 වන සංශෝදනයෙන්ද 1988 දී 16 වන සංශෝදනයෙන්ද භාෂා අයිතියේ වැදගත්කම අවධාරණය කර ඇත.
භාෂා අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරන ලද තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන පරිච්ඡේදයේ 12(2) හා 12 (3) වගන්තිවලින් පහත පරිදි පිළිබිඹු වේ.
“මෙම පරිච්ඡේදයේ භාෂා භාවිතය සඳහා ප්‍රමාණවත් පහසුකම් රජය විසින් සැපයිය යුතු බව දක්වා ඇත.(25 වන වගන්තිය)”
පරිපාලන විධිවිධාන
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය විධිමත් කිරීම සඳහා රජයේ ගැසට් නිවේදන හා චක්‍රෙල්ක සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කර ඇත.
රාජ්‍ය භාෂාව
සිංහල භාෂාව හා දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වේ.-13 වන ව්‍යවස්ථා සංශෝධිත 18 (1) හා 18 (2) ව්‍යවස්ථා
ජාතික භාෂා
සිංහල භාෂාව හා දෙමළ භාෂාව ශ්‍රී ලංකායේ ජාතික භාෂාවන් වන්නේය. -19 ව්‍යවස්ථාව
සන්ධාන භාෂාව
ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය.( 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 18(3) ව්‍යවස්ථාව
1978 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධෙයන් වන මූලික නීතිය ආණ්ඩුක්‍රමIV පරිච්ජේදයෙහි දක්වා ඇත. එහි ඇති විධිවිධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. මෙම පරිච්ජේදයෙහි අඩංගු වන කරුණු අතර භාෂා අයිතීන් ප්‍රධාන වේ.
භාෂා අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස සුරැකෙන අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ජේදයේ 12(2) ව්‍යවස්ථාවෙහි දැකිය හැකිය. එනම් “ කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රි පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය” යන්නෙනි. නමුත්, මෙම අයිතිය එම ව්‍යවස්ථාවේ ම ඉන් පසුව දැක්වෙන විශේෂ නියමයන්ට යටත්ව ක්‍රියාත්මක වේ.
- “එසේ වුවද , රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටු කිරිම සඳහා යම් තැනැත්තෙකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනිමක් ඇතිව සිටිම සාධාරණව අවශ්‍යවන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳව එසේ ප්‍රමාණවත් දැනිමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ලද යුතු යැයි එවැනි තැනැත්තෙකුට නියම කිරිම නීත්‍යානුකූල වන්නේ ය.
- “එසේම තවදුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබඳ දැනිම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්ථාවල දී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනිමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනිමක් තිබිය යුතු යැයි නියම කිරිම නීත්‍යානුකූල වන්නේ ය.”
තවද, 12(3) ව්‍යවස්ථාවට අනුව “වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රි පුරුෂ භේදය යන හේතූ මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට , බැඳීමකට, සීමා කිරිමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය. ”
පසුබිම
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය (MNLSI) 2010 වසරේ අප්‍රේල් 30 වන දින අංක 1651/20 අති විශේෂ ගැසට් නිවේදනය යටතේ නිර්මාණය කරන ලදී. 2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/40 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය භාෂා විෂය ජාතික සහජීවන ,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය යටතට පත් විය. 2018 මැයි 12 වන දින අංක 2070/56 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පිහිටුවන ලද ජාතික ඒකාබද්ධතා, ප්රතිසන්ධාන හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය යටතට පත් වූ අතර පසුව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා අමාත්‍යංශය ලෙස සංශෝධනය විය. 2018 දෙසැම්බර් 28 දින අංක 2103/33 දරන විශේෂ ගැසට් නිවේදනය මඟින් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය ලෙස නැවත සංශෝධනය විය. 2019 වර්ෂයේ නොවැම්බර් මස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත පවරන ලදී. 2020 සැප්තැම්බර් මස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2020 අගෝස්තු 09 දින අංක 2187/27 අති විශේෂ ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් විය. 2022 මැයි 27 දිනැති අංක 2281/41 27 අති විශේෂ ගැසට් නිවේදනය අනුව රාජ්‍ය භාෂා විෂය රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත පවරන ලදී.
ජාතික භාෂා අංශය (NLD) ප්‍රජාව අතර සංහිඳියාව ඇති කිරීම සඳහා සහාය වීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අමාත්‍යාංශයේ එක් අංශයක් ලෙස ක්‍රියා කරයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් විවිධ ස්ථරවලින් සහ විවිධ යාන්ත්‍රණයන් මඟින් බෙදා හරිනු ලැබේ.
ජාතික භාෂා අංශය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL), රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) සහ භාෂා අධ්‍යාපනය සහ පුහුණු කිරීම සඳහා වූ ජාතික ආයතනය (NILET) යන භාෂා ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරයි. භාෂා ධාරිතා ගොඩනැගීමේ සේවා සැපයීම සහ ද්විභාෂා/ත්‍රෛභාෂා සේවා සැපයීම සහ ඉල්ලුම් කිරීමේ හැකියාව සාක්ෂාත් කර ගැනීම සඳහා සේවා සපයන්නන් සහ පුරවැසියන් සවිබල ගැන්වීම සඳහා ඔවුන් වගකිව යුතුය.
1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය හා භාෂා මධ්‍යස්ථාන මඟින් ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය නිලධාරින්ට හා මහජනතාවට භාෂා වැඩසටහන් පැවැත්වීම සඳහා පහසුකම් සලසනු ලබයි. භාණ්ඩාගාර අරමුදල් වලට අමතරව කැනඩා රජය සහ යුරෝපාහවුලේ (EU) ආධාර යටතේ, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සහ ප්රතිසන්ධානය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SRP) මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
දැක්ම
“ශ්‍රී ලංකාවේ පුරවැසියාට සතුටුදායක සේවාවක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළින් ලබා දීම”
මෙහෙවර
“රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අදාලව පුරවැසියන් තෘප්තිමත් කිරීම සඳහා සේවා සැපයීමේදී ද්වි භාෂා සේවාවක් ලබා දීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම”
ජාතික භාෂා අංශයෙහි අරමුණු
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම.
- රාජ්‍ය ආයතනවල ද්විභාෂා පරිසරයක් නිර්මාණය කිරීමට සුදුසු වටපිටාවක් ගොඩනැගීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව මහජනතාව බලාත්මක කිරීම.
ජාතික භාෂා අංශයෙහි ක්‍රියාකාරකම්
- රාජ්‍ය ආයතන තුල ද්විභාෂා පරිසරය ශක්තිමත් කිරීම.
- ද්විභාෂා සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරින් බල ගැන්වීම.
- ජනතාව අතර, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම.
- රාජ්‍ය ආයතන තුල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පිළිගැනීමක් ඇති කිරීම.
- රාජ්‍ය ආයතන තුල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාලව අධීක්ෂණය හා නියාමනය.
භාෂා ඇමතුම් මධ්‍යස්ථානය
Call Centre 1956
2022.11.28 දින රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ලබා ගැනීමටත් ත්‍රෛභාෂා පරිවර්තන කරදීම හා භාෂාවන් හා සම්බන්ධ වෙනත් කරුණු සඳහා සහය ලබා දීම සඳහා භාෂා ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලදී. (භාෂා පන්ති, පාඨමාලා, පුහුණු වැඩසටහන්, විභාග, පද වල තේරුම, නිවැරදි ලිපි වචන) භාෂා ඇමතුම් මධ්‍යස්ථානයට භාෂා ගැටළු හා පැමිණිලි යැවීම සඳහා වයිබර්, වට්ස්ඇප්, ෆේස්බුක් සහ ඉමෝ සඳහා අංකය 0702001956 ද ක්ෂණික ඇමතුම් අංකය 1956 ලබා දී ඇත. මේ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සම්බන්ධීකරණයෙන් සහය වේ.
භාෂා මධ්‍යස්ථාන කිලිනොච්චිය හා මඩකලපුව
උතුරු පළාත් මධ්‍යස්ථානය (කිළිතොච්චිය) සහ නැගෙනහිර පළාත් මධ්‍යස්ථානය (මඩකලපුව) ස්ථාපිත කිරීම මඟින් රාජ්‍ය අංශයේ නිළධාරීන්ට මෙම මධ්‍යස්ථානවලින් දෙවන භාෂාව ඉගෙන ගැනීමටත් අවස්ථාව ලබා දී තිබේ. මේ මඟින් රාජ්‍ය ආයතන තුළ දෙවන භාෂාවන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ක්‍රියාපිළිවෙත හා ක්‍රියා පටිපාටිය ප්‍රවර්ධනය කිරීමට සිදු වේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා බිම් මට්ටමේ සිට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් හෙයින් එහිදී පළාත් මට්ටමින් කටයුතු කිරීම මෙම ව්‍යවස්ථාව මඟින් ඉටු කරනු ලබයි.
| ඇමතුම් තොරතුරු (කිලිනොච්චිය) | : | 021 228 3656 |
| විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| ඇමතුම් තොරතුරු (මඩකලපුව) | : | 065 205 0140 |
සංවිධාන ව්‍යුහය
භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අනුබද්ධ ආයතන
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
සිංහල හා දෙමළ ස්වභාෂා වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්බාදනය සඳහා මුදල් අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස පවත්වාගෙන ගිය රාජ්‍ය භාෂා කාර්යාංශය 1955 ඔක්තෝබර් 01 වන දින සිට මුදල් අමාත්‍යංශය යටතේම ස්ථිර වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස පත් කරන ලද අතර එතැන් පටන් එය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වා ඇත.පසුව 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත සම්මත වීමත් සමඟ රජය මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ පරිපාලන කටයුතු සිංහලෙන් සිදු කරන්නේ කෙසේද යන්නයි.මෙහි ප්‍රතිපලයක් ලෙස 1956 ඔක්තෝබර් 1 දින සිට විශේෂ කොමසාරිස්වරයකුගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කටයුතු ප්‍රතිසංවිධානය කළ අතර එතැන් පටන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් වශයෙන් භාවිතා කිරීමට හැකි වන පරිදි හැමතින්ම සූදානම් කිරීමේ වගකීම පැවරුණු රාජ්‍ය ආයතනය බවට පත් වන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවයි.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- සිංහල,දෙමළ,ඉංග්‍රීසි සහ විදේශ භාෂා අධ්‍යයන පාඨමාලා පැවත්වීම
- රාජ්‍ය සේවකයන් සඳහා භාෂා ප්‍රවීණතා විභාග පැවත්වීම
- භාෂා හැකියාවෙන් යුතු සමාජයක් ගොඩනැගීම සඳහා භාෂා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- භාෂා පෙළපොත්, අධාර ග්රන්ථ හා ශබ්දකෝෂ සම්පාදනය
රා.භා.දෙ වෙබ් අඩවිය : https://www.languagesdept.gov.lk/
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC)
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මඟින් 1991 ස්ථාපනය කර ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලයකි.මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත වේ.මෙයින් එන් සාමාජිකයෙකු සභාපති වශයෙන් නම් කරනු ලබයි.නිල බලයෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා වන්නේ රාජ්‍ය භාෂා කොමසාරිස්ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1V වන පරිච්ඡේදයේ ඇතුළත් ප්රතිපාදනයන් නියාමනය හා අධීක්ෂණය කිරීම කොමිෂන් සභාවේ කාර්යභාර්යයි.ස්වකීය කටයුතු නිසි පරිදි කාර්යක්ෂමව ඉටුකරගෙන යාමට කොමිෂන් සභාව සඳහා අනුමත කාර්යමණ්ඩලයක් ඇත.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- රාජ්‍ය පැමිණිලි විමර්ශනය කිරීම
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම
- පාසල් වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- මහජනතාව දැනුවත් කරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රා.භා.කො.ස වෙබ් අඩවිය : https://www.olc.gov.lk/
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන (NILET)
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ වඩා යහපත් යාන්ත්‍රණයක් උදෙසා ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, 2007 අංක 26 දරණ පනතින් විධිමත්ව පිහිටුවන ලදී. ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ ප්‍රධාන අරමුණු ලෙ සිංහල හා දෙමළ හා ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, පරිවර්තකයන්ගේ ධාරිතාව ගොඩ නැංවීම හා භාෂා ඉගැන්වීම පිළිබඳ ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කිරීම සහ ද්වි භාෂා/ත්‍රෛභාෂා නිපුණතා ගොඩනැගීම සඳහා සාමාන්‍ය ජනතාව වෙත ද්වි භාෂා/ත්‍රෛභාෂා සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම.
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- සිංහල , දෙමළ, ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ තැනැත්තන් බිහි කිරීම සදහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පිළිබද දීර්ඝ පුහුණුවක් ලබා දීම
- සුදුසු තැනැත්තන්ට භාෂා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම සහ ඒ පුහුණුවීම් සහ අධ්‍යාපනය සම්පූර්ණ කරන සාර්ථක අපේක්ෂකයන්ට සහතිකපත් සහ ඩිප්ලෝමා ප්රදානය කිරීම
- භාෂා ඉගැන්වීම කරගෙන යාමට පුහුණු පුද්ගලයන්ගෙන් සමන්ව්ත මණ්ඩලයක් පිහිටුවීම
- භාෂාවන්ට අදාළ කාරණා පිළිබද වූ තොරතුරු තැන්පත් කර තබන ස්ථානයක් පිහිටුවීම
ජා.භා.අ.පු.ආ වෙබ් අඩවිය : https://www.nilet.gov.lk/
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP)
ශ්‍රී ලංකා රජය විසින් (GOSL) 2016 වසරේ සිට වසර 4.5 කාලයක් සඳහා කැනේඩියානු ඩොලර් මි.10.85 ප්රදානය කරමින් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ජාතික සහජීවන ,සංවාද රාජ්‍ය අමාත්‍යංශයේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.මෙය රාජ්‍ය අංශය විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා කැනඩාව (GAC) විසින් අරමුදල් සපයනු ලබන Alinea International විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘතියකි.රජයේ ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇත, NLEAP සඳහා අවබෝධතා ගිවිසුමක් (MOU) 2016 වර්ෂයේදී GOSL සහ GOC අතර අත්සන් කරන ලද අතර එය 2023 වන විට ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට නියමිතය.
ප්‍රාථමික ව්‍යාපෘති පාර්ශවකරුවන් වන්නේ :
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු අමාත්‍යාංශය (රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය වේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම , සම්බන්ධීකරණය කිරීමට සහ සහාය දැක්වීමට නියම කර ඇති ඊට අනුබද්ධ ආයතන වන්නේ;
- ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET),
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) සහ
- රාජ්‍ය භාෂා කොමිෂන් සභා (OLC)
- යාපනය, කැලණිය, සබරගමුව සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය ආවරණය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ
- ජාතික භාෂා අරමුදල (NLF) හරහා සිවිල් සමාජ සංවිධාන
NLEAP වෙබ් අඩවිය : https://www.nleap.lk/
ඇමතුම් තොරතුරු
අනුරාධ විජේකෝන් මයා අතිරේක ලේකම් (ජාතික භාෂා)
|
|||||||||
එස්. සත්යසීලම් මයා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ජාතික භාෂා)
|
පුරප්පාඩු සහකාර ලේකම් (ජාතික භාෂා)
|
පරිපාලන නිලධාරි
ඒ.ඒ.එෆ්. නතිමියා මිය පරිපාලන නිලධාරි (ජාතික භාෂා)
|
||||||||||
අංශය
|
|||||||
අභ්‍යන්තර විගණන අංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ, රාජ්‍ය පරිපාලන අංශයට අයත් අභ්‍යන්තර විගණන අංශය, මු.රෙ. 133 ප්‍රකාර, අමාත්‍යාංශ ලේකම්වරයාට සෘජුවම වගකීමට බැඳී සිටින ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයකු යටතේ ක්‍රියාත්මක වේ. එය ශාඛා ප්‍රධානී ඇතුළු අභ්‍යන්තර විගණන නිලධාරීන් 12 දෙනකු, කාර්යාල කාර්ය සහායකය නිලධාරියෙකු සහ රියදුරකුගෙන් යුත් අනුමත කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
දැක්ම
“ජාතියේ උන්නතිය සඳහා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා ඵලදායී මානව සම්පතකින් යුත් රාජ්‍ය සේවයක් ඇති කිරීම”
මෙහෙවර
"අමාත්‍යංශය හා අමාත්‍යංශය යටතේ පාලනය වන දෙපාර්තමේන්තු හා ආයතනවල මූල්‍ය කටයුතු පිළිබඳව පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගී වී, එම කටයුතුවල වැරදි හා වංචා වැළැක්වීම සහ ඒවා නිවාරණය කරගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියන්ගේ විධිමත්භාවය හා ප්රමාණාත්මකභාවය පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගයීමක් සිදු කර ඵලදායී මානව සම්පත තුළින් රාජ්‍ය සම්පත්වල මනා කළමනාකරණයක් ඇති කිරීමට කටයුතු කිරීම"
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන අංශය යටතේ පවතින අංශ,දෙපාර්තමේන්තු හා ආයතන.
අංශයන්
- රාජ්‍ය පරිපාලන අංශය අභ්‍යන්තරයේ පවතින සියලු අංශ
දෙපාර්තමේන්තු
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
ආයතනයන්
- ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනය.
- දුරස්ථ අධ්‍යන මධ්‍යස්ථානය.
- මානව සම්පත් සංවර්ධනය කිරිමේ ජාතික සභාව.
- රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල.
අභ්‍යන්තර විගණන අංශයේ කාර්යයන්
- ජාතික විගණන පනතේ 38 (ආ) සහ (ඊ) හි දක්වා ඇති පරිදි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ වගකීම ඉටු වන බවට සහතික කිරීම සඳහා එම පනතේ 40 වන වගන්තිය ප්‍රකාරව සිදු කර ඇති පත් කිරීම හා මු.රෙ. 133 හා 134 යන වගන්ති ප්‍රකාරව අභ්‍යන්තර විගණන අංශයට ලැබී ඇති බලතල හා කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අංක 01/2025 හා 2025.04.28 දිනැති චක්‍රලේඛයේ නියමයන් පරිදි අමාත්‍යාංශයෙහි හා අමාත්‍යාංශය යටතේ අධීක්ෂණයවන ආයතනවල පහත දැක්වෙන ආකාරයට අභ්‍යන්තර විගණන කටයුතු සිදු කරනු ලැබේ.
- වැරදි හා වංචා වැලැක්වීම සඳහා දෙපාර්තමේන්තුව/ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය, සැළැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථකදැයි සොයා බැලීම.
- ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සහ යොදා ගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයෙන්නේදැයි සොයා බැලීම.
- ආයතනයේ කාර්ය මණ්ඩලයට පවරාදී ඇති වගකීම් ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකභාවය ඇගයීම.
- දෙපාර්තමේන්තුව/ආයතනය සතු වත්කම්, සියළුම ආකාරයේ අලාභහානිවලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.
- රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යංශය විසින් සහ මහා භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ හා වෙනත් පරිපූරක උපදෙස්ද, පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
- නාස්තිය, නිෂ්කාර්ය සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම, ඒවා අනාවරණය කර ගැනීමට යොදාගනු ලබන අභ්‍යන්තර පාලන ක්රමයේ ප්‍රමාණාත්මක භාවය සොයා බැලීම.
- දෙපාර්තමේන්තුවේ ගිණුම් පරිපාටිය සහ කිසියම් මුදල් වැය වීමකට තුඩු දෙන එකී මෙහෙයුම් පරීක්ෂා කිරීම සහ දෙපාර්තමේන්තුවේ දේපළ හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේදැයි සොයා බැලීම.
- අවශ්‍ය අවස්ථාවන්වලදී විශේෂ විමර්ශන පැවැත්වීම.
- ඵලදායී කාර්ය සාධනයක් සඳහා පද්ධති විශ්ලේෂණය හා කාර්ය සාධන විශ්ලේෂණය කිරීම.
- කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් වරින්වර නිකුත් කරනු ලබන උපදෙස් හා මගපෙන්වීම් අනුව ක්රියාකිරීමත්, ඒ ඒ වර්ෂයේ සෑම කාර්තුවකටම වරක් අමාත්‍යාංශයේ විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමත්, එම රැස්වීම්වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කිරීමත් මෙම අංශයට පැවරී ඇති තවත් කාර්යයකි.
- විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම මඟින් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සිදු වී ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳ අවධානය යොමුකිරීමත්, විශ්‍රාම වැටුප් ගෙවීම් දත්ත පද්ධතියේ හා විශ්‍රාම වැටුප් ලිපිගොනුවල ඇති ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කිරීම.
අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීමේදී තීරණ ගැනීමේදි යොදා ගන්නා ලේඛන
- ආයතන සංග්‍රහය
- මුදල් රෙගුලාසි
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
- කළමනාකරණ විගණන චක්‍රලේඛ
- අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශය
ඇමතුම් තොරතුරු
![]() ප්‍රධාන අභ්‍යන්තර විගණක
|
||||||||||
අභ්‍යන්තර විගණන අංශය
|
|||||||
|
කොළඹ 07, නිදහස් චතුරස්රයේ, පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධාන ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටා ඇත. |
|||||||







ගරු මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 
ආර්.එම්.ජේ.සී.රාමනායක මෙය
ආර්.ඩී.යු.සී.වීරරත්න මිය 
එස්.කේ. දයානන්ද මිය
එස්.එම්.පී.කේ. සේනානායක මයා
එස්. වීරසිංහ මයා
අනුරාධ විජේකෝන් මයා
එස්. සත්යසීලම් මයා
ඒ.ඒ.එෆ්. නතිමියා මිය 




දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා