Internal Administration
මූල්‍ය අංශය
දැක්ම
"රාජ්‍ය අංශයේ හොඳම රාජ්‍ය මූල්‍ය කළමණාකරුවා බවට පත්වීම"
මෙහෙවර
"රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගනිමින්, වඩාත් ඵලදායක හා විනිවිදභාවයකින් සම්පත් හැසිරවීම හා යහපත් මූල්‍ය වාර්තාකරණයක් තුලින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගවීම මඟින් ආයතනයේ කෙටිකාලීන හා දිගුකාලීන ඉලක්ක ළගාකරගැනීම තහවුරු කර ගැනීම"
මුල්‍ය අංශයේ තේමා පාඨය
ඵලදායී සේවාවක් තුලින් සේවාලාභී අභිනන්දනය
අරමුණු
- නියමිත දිනයන්ට පෙර මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
- ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කිරීම තුලින් ඒ සඳහා ගතවන කාලය අඩුකර ගැනීම
- වාර්ෂික අයවැය ප්රතිපාදනය 100% උපයෝජනය
- අමාත්‍යාංශයට ලැබෙන විගණන විමසුම් ගණන 50% අඩු කිරීම
- වැරදි හා අත්හැරීම් 100% අඩු කිරීම
- පරිගණකගත ක්‍රමවේදයක් තුලින් වත්කම්වල පැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීම
කාර්යයන්
- මූල්‍ය සැලසුම් සකස් කිරීම හා අයවැය පාලනය
- රාජ්‍ය මූල්‍ය නිතිරීති චක්‍රලේඛ විධිවිධාන අනුව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
- වත්කම් මිලදීගැනීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීමට අදාල කටයුතු සිදු කිරීම
- වාර්ෂික මූල්‍ය වාර්තා, කළමනාකරණ වාර්තා හා කාර්යසාධන වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම
- පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සම්බන්ධ ගෙවීම් කටයුතු සිදු කිරීම
- රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම අදාළ සීමාවන් තුළ පවත්වාගැනීම හා වාර්ෂික සැසඳුම් වාර්තා ඉදිරිපත් කිරීම
- මූල්‍ය කටයුතු වලට අදාල ක්‍රියාවලි විධිමත් කිරීම හා තීරණ ගැනීම පහසු කිරීමට කටයුතු කිරීම සඳහා දත්ත පද්ධති,වැඩ අත්පොත්, Checklist, සම්මත ආකෘතිපත්‍ර (Standard Formats) සකස් කිරීම
හර වටිනාකම්
- කාර්යක්ෂමතාවය + සඵලදායිතාව
- කණ්ඩායම් හැගීම
- පාරිභෝගිකයින්ට ගරු කිරීම
- විවෘත හා විනිවිදභාවය
- 100% නිරවද්‍යතාවය
සේවක සංයුතිය
තනතුර | අනුමත තනතුරු සංඛ්‍යාව | තත්‍ය සේවක සංඛ්‍යාව |
ප්‍රධාන මූල්‍ය නිලධාරී | 01 | 01 |
ප්‍රධාන ගණකාධිකාරි | 01 | 01 |
ගණකාධිකාරි | 02 | 02 |
පරිපාලන නිලධාරී | 01 | 01 |
සංවර්ධන නිලධාරි | 12 | 06 |
රාජ්‍ය කළමණාකරණ සහකාර | 40 | 37 |
කාර්යාල සේවක සේවය | 07 | 05 |
රියදුරු | 02 | 02 |
මුළු ගණන | 66 | 55 |
මූල්‍ය අංශයේ ප්‍රධාන අංශ
ප්‍රසම්පාදන ශාඛාව
වාර්ෂික අයවැය ඇස්තමේන්තුව මගින් භාණ්ඩ හා සේවා අත්පත් කරගැනීම සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන වඩාත් කාර්යක්ෂමව යොදා ප්‍රසම්පාදන සැලැස්මට අනුව වැඩ, භාණ්ඩ හා සේවා අත්පත් කරගැනීමට කටයුතු කිරීම.
ප්‍රසම්පාදන ශාඛාව ප්‍රධාන ගණකාධිකාරි (රාජ්‍ය පරිපාලන) ගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානි වරයකු හා විෂය රාජකාරි කිරීම සඳහා රාජ්‍ය කළමනාකරණ නිලධාරින් 06 දෙනෙකුගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම
- නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කරමින් මිලදී ගැනීම
- වාර්ෂික ප්‍රසම්පාදන කමිටු පත් කිරීම හා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම
- ගබඩා කළමනාකරණ කටයුතු කිරීම
- වත්කම් කළමනාකරණ කටයුතු කිරීම
- මූල්‍ය අංශයේ අධීක්ෂණ කටයුතු කිරීම
මූල්‍ය වාර්තාකරණ ශාඛාව
අමාත්‍යාංශය සම්බන්ධයෙන් වන වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම හා සියලුම මූල්‍ය වාර්තා සකස් කිරිමේ කටයුතු සිදු කිරීම.
මූල්‍ය වාර්තාකරණ ශාඛාව ගණකාධිකාරි මූල්‍ය වාර්තාකරණගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානීවරයා හා විෂය කටයුතු භාරව සංවර්ධන නිලධාරින් දෙදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් නම දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරිම
- විසර්ජන ගිණුම හා උපචිත පදනම මත ගිණුම පිළියෙල කිරීම
- අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් වාර්තාව සකස් කිරීම
- ආදායම් ශීර්ෂ 20.02.01.01 රජයේ ගොඩනැගිලි කුලී ආදායම් පිළිබඳ වාර්ෂික ගිණුම පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම, අර්ධ වාර්ෂිකව හිග ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම ආදායම් ඇස්තමේන්තු සැකසීම, නිවාස කුලී එකතු වීම් අධීක්ෂණය
- විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම හා රාජ්‍ය ගිණුම් කාරක සභා විමසිම් සම්බන්ධ කටයුතු කිරීම
- ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීනව පවත්වාගෙන යාම
- වි.වැ.දෙ හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මූල්‍ය කටයුතු අධීක්ෂණය
- හානි හා ලියා අස්කිරීම් ලේඛනය සම්බන්ධ කටයුතු
ආදායම් ශීර්ෂ අංක 20.02.01.01 රජයේ ගොඩනැගිලි කුලී ආදායම් ගණන් දීමේ නිලධාරී ලෙස 2015.01.01 දින සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කටයුතු කරන බැවින් රජයේ ගොඩනැගිලි කුලී ආදායම් සම්බන්ධයෙන් පහත කටයුතු මෙම අංශය මඟින් සිදු කරයි.
- ආදායම් ඇස්තමේන්තු සැකසීම
- ආදායම රැස් කිරීම
- ආදායම් ගිණුම පිළියෙල කිරීම
- ආදායම් කපාහැරීම් / ආපසු ගෙවීම් නිර්දේශ කිරීම
- හිග ආදායම රැස් කිරීම් සම්බන්ධ අධීක්ෂණ කටයුතු
- රජයේ ගොඩනැගිලි පිළිබඳ තොරතුරු රැස්කිරීම
මානව සම්පත් ගෙවීම් ශාඛාව
අමාත්‍යාංශයේ සියළුම නිළධාරින්ගේ වැටුප් සැකසීම අතිකාල හා වෙනත් දීමනා පිළියෙල කිරීම කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලබයි.
මානව සම්පත් ගෙවීම් ශාඛාව ගණකාධිකාරි ගෙවීම්ගේ අධීක්ෂණය යටතේ සහ ශාඛා ප්‍රධානිවරයකු හා විෂය භාර සේවයේ නියුතු සංවර්ධන නිළධාරින් දෙදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් පස්දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයට නියමිත වැටුප් සැකසීම
- කාර්යමණ්ඩලයට හිමි අතිකාල හා වෙනත් දීමනා ගණනය කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගෙවීමට ඉදිරිපත් කිරීම
- රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමට අදාළව නිලධාරින්ට ණය ගෙවීම
- මු.රෙ. 506 D ප්‍රකාරව රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් බී ගීණුමට සකස් කිරීම
- විශ්‍රාමික නිලධාරින්ගේ මාසික විශ්‍රාමික වැටුප හා පාරිතෝෂිකය ගණනය කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කිරීම
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට අදාල අයකිරීම් පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ඉදිරිපත් කිරීම
ගෙවීම් ශාඛාව
අමාත්‍යාංශයේ සියළුම පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් ගෙවීම් කටයුතු, ආදායම් ගිණුම්ගත කිරීම හා ආදායම් වියදම් සම්බන්ධ මාසික වාර්තා මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම අංශයේ ප්‍රධාන කාර්යය වේ. මෙයට අදාලව අමාත්‍යාංශයේ නිල බැංකු ගිණුම ක්‍රියාත්මක කිරීම, වැය ලෙජර, භාණ්ඩාගාර අග්‍රිම ගිණුම, තැන්පත් ගිණුම් නඩත්තු කිරීමද මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.
ගෙවීම් ශාඛාව ගණකාධිකාරි ගෙවීම්ගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානිවරයකු හා විෂය භාරව සේවයේ නියුතු සංවර්ධන නිළධාරින් තිදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් හත්දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශයේ මූලධන හා පුනරාවර්තන වියදම් සම්භන්ධව සියළු ගෙවීම් කටයුතු
- සිගාස් (CIGAS) පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා මාසික ගිණුම් සාරාංශය ඉදිරිපත් කිරීම
- මුදල් පොත පවත්වා ගැනීම
- වැය ලෙජරයන් පවත්වා ගැනීම
- ලැබීම් හා ගෙවීම් කටයුතු සඳහා සරප් අංශය පවත්වා ගැනීම
- පොදු තැන්පත් ගිණුම පවත්වාගෙන යාම.
- බැංකු සැසඳුම් වාර්තා හා මාසික ගිණුම් සැසඳුම් වාර්තා සකස් කිරීම
ඇමතුම් තොරතුරු
![]() ප්‍රධාන මූල්‍ය නිලධාරි
|
![]() ප්‍රධාන ගණකාධිකාරී (රාජ්‍ය පරිපාලන)
|
||||||||||||||||||
![]() ගණකාධිකාරී (මූල්‍ය වාර්තාකරණ)
|
![]() ගණකාධිකාරී (ගෙවීම්)
|
||||||||||||||||||
![]() පරිපාලන නිලධාරි
|
||||||||||
ඉංජිනේරු අංශය
නිවාස හා සංවර්ධන අංශය
දැක්ම
"නිල නිවාස පහසුකම් සැපයීම මඟින් ඵලදායී රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළුම රජයේ නිල නිවාස, සේවා අවශ්‍යතාවය අනුව රජයේ නිලධාරීන්ට ලබාදීම, ඒවායේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය මෙන්ම අමාත්‍යාංශය යටතේ සිදුකරන නිල පියස, නිල සෙවන නිවාස ව්‍යාපෘති සම්බන්ධ සියළු කාර්යයන් ක්‍රියාත්මක කිරීම මඟින් ඵලදායී රාජ්‍ය සේවයකට අවශ්‍ය පසුබිම සැකසීම""
අරමුණු
- රජයේ නිලධාරීන්ට නිල නිවාස වෙන්කර දීම, එම නිවාස නඩත්තු කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන නිවාස ව්‍යාපෘතිවලට සම්බන්ධ සියළු කළමනාකරණ හා පරිපාලනමය කටයුතු ඉටුකිරීම හා අදාල පාර්ශව සමඟ සම්බන්ධීකරණය.
- රජයේ නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාවය මත පදනම්ව තාවකාලික පදිංචිය සඳහා දෙන ලද රජයට අයත් ඕනෑම නිවසක් “ නිල නිවාස” යටතට ගැනෙන අතර රජයේ පොදු සේවා නිවාස පිළිබඳ කටයුතු කිරීම.
මෙම අංශය යටතේ සංවර්ධන හා නිවාස ලෙස ඒකක දෙකක් ක්‍රියාත්මක වන අතර එහි කාර්යයන් පහත පරිදි වේ.
සංවර්ධන අංශයේ කාර්යයන් | නිවාස අංශයේ කාර්යයන් |
රාජ්‍ය නිලධාරීන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිල නිවාස පහසුකම් සැපයීම සඳහා “නිල පියස” ඇතුළු අනෙකුත් ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම. | රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් සදහා නිල නිවාස වෙන්කිරීම. |
අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම. | රජයේ නිලධාරීන්ගේ පොරොත්තු ලේඛනයට අනුව නිල නිවාස වෙන්කිරීම සහ සුවිශේෂී අවස්ථාවල සේවා අවශ්‍යතාව මත ප්‍රමුඛතා පදනම මත නිවාස වෙන්කිරීම. |
ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය වෙත ව්‍යාපෘතිවල ප්‍රගතිය දක්වන වාර්තා පිළියෙල කිරීම. | නියමිත දිනට ගෙවල් කුලී එකතු කිරීම හා වෙනත් රාජ්‍ය ආයතන මගින් ගෙවල් කුලී එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම. |
තොරතුරු පනත සම්බන්ධයෙන් වන අර්ධ වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම. | රජයේ නිල නිවාස වල වාර්ෂික නඩත්තු හා අළුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීම හා ඒවා සුපරීක්ෂණය. |
රාජ්‍ය නිලධාරීන් සඳහා කාලීන නිවාස අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒ අනුව ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම. | රජයේ නිවාස නිත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කිරීම වැළැක්වීම සඳහා 1969 අංක 7 දරන සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීම. රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ සහයෝගීතාවයෙන් “නිල සෙවණ” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. මෙම අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතන හා සංචාරක බංගලා වෙන්කිරීම හා ඒවායේ පරිපාලන කටයුතු. |
අමාත්‍යාංශයට අයත් රජයේ නිල නිවාස පිහිටි ස්ථාන
- කොළඹ 04, ලෝරිස් පටුමග
- කොළඹ 05, මහගම සේකර මාවත
- කොළඹ 05, මැකන්සි පාර
- කොළඹ 05, ස්ටැන්මෝ ක්‍රෙසන්ට්
- කොළඹ 05, කැප්පෙටිපොල මාවත
- කොළඹ 05, ස්කෙල්ටන් පාර
- කොළඹ 07, බෞද්ධාලෝක මාවත
- කොළඹ 07, විජේරාම මාවත
- කොළඹ 07, ග්‍රෙගරි මාවත
- කොළඹ 07, මලලසේකර මාවත
- කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත
- කොළඹ 08, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මාවත
- බත්තරමුල්ල, ජයවඩනගම
රජයේ නිල නිවාස
රජයේ නිලධාරියෙකුට සේවා අවශ්‍යතාවය මත තාවකාලික පදිංචිය සඳහා දෙන ලද රජයට අයත් ඕනෑම නිවස්නයක් "රජයේ නිල නිවාස" ගණයට ඇතුලත් වේ. එවැනි සියළු නිවාස පහත සඳහන් පරිදි කාණ්ඩ 02 කට අයත් වේ.
- උප ලේඛණ ගත නිවාස - අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක යම් නිශ්චිත තනතුරකට හෝ ශ්‍රේණියකට වෙන් කර ඇති නිවාස.
- පොදු සේවා නිවාස - උප ලේඛණ ගත නිවාස හිමි තනතුරු වලට හෝ ශ්‍රේණි වලට අයත් නොවන සියළුම නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතාවය වෙනුවන් පවත්නා නිවාස.
ඒ අනුව රජයේ පොදු සේවා නිවාසයන්ට අදාළ කටයුතු සිදු කිරීම නිවාස ඒකකයේ කාර්ය වේ.
රජයේ නිලධාරීන් හට රජයේ නිවාස ලබා දීමේ දී සලකා බලන කරුණු
- රජයේ නිවාස ලබා දීම සඳහා සලකා බලනුයේ පොරොත්තු ලේඛනයේ ලියාපදිංචි වී ඇති නිලධාරීන් පමණි.
- පොරොත්තු ලේඛනයේ ලියාපදිංචි වී ඇති රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදයේ ඇති විධි විධානයන්හි දැක්වෙන අවශ්‍යතා සපුරා තිබිය යුතුය.
- රජයේ නිවාස සඳහා කුලිය පදිංචිකරුගේ මාසික වැටුපෙන් 12.5% කි
නිවාස නඩත්තුව
- ගරු. අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පදිංචිව සිටින නිවාස හැර, අනෙකුත් සියළුම රජයේ නිවාස වල නඩත්තු කටයුතු මෙම අමාත්‍යාංශයේ නිවාස හා සංවර්ධන අංශය මගින් සිදුකරනු ලබයි.
- ගරු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත වෙන් කර ඇති රජයේ නිවාස වල නඩත්තු කටයුතු මෙම අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියට යටත්ව රා.පරි චක්‍රලේඛ 27/2010ට අනුකූලවන සේ අදාළ අමාත්‍යාංශ මගින් සිදුකරනු ලබයි.
නිවාස සන්තකය ආපසු භාර ගැනීම
- නියමිත කාල සීමාව අවසානයේ දී, පදිංචිව සිටි කාල සීමාවට අදාළ ජල හා විදුලි බිල්පත්හි නිශ්කාශන වාර්තා ද සමඟ නිවාස විධිමත් පරිදි මෙම අමාත්‍යාංශය වෙත භාර දීම සියළුම පදිංචිකරුවන්ගේ වගකීම වේ.
- යම් පදිංචිකරුවෙකු නියමිත කාල සීමාව අවසානයේ දී විධිමත්ව නිවස ආපසු භාර නොදෙන්නේ නම්, ඔහු වෙත නිවස භාර දෙන ලෙස දන්වා නෛතික නිවේදනයක් නිකුත් කරනු ඇත.
- ඒ අනුව ද පදිංචිකරු කටයුතු නොකරන්නේ නම්, 1969 අංක 07 දරන සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ සිදුකරන්නා වූ නීතිමය ක්රියාමාර්ගයකින් පසු ඔහු /ඇය නිවසින් ඉවත් කිරීමට පියවර ගනු ඇත.
- නියමිත කාල සීමාව ඉක්මවා නිවාස වල පදිංචිව සිටින පදිංචිකරුවන් දණ්ඩන කුලියකට ද යටත් වේ. දණ්ඩන කුලිය යනු රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් කත්සේරු කරන ලද නිවසේ පවතින වෙළඳපොල කුලිය හා නිලධාරියාගේ වැටුපෙන් 8% ක මුදල යන දෙකෙහි එකතුවට සමාන මුදලකි
ගාල්ල - වැකුණගොඩ නිවාස සංකීර්ණය
- මෙම ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව හා වැකුණගොඩ නිවාස ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු දැනට අවසන් කර ඇත.
- නිවාස ඒකක : 572
වටිනාකම
නිවාස වර්ගය | විකුණුම් මිල (ඒකක 1) | |
රජයේ නිලධාරීන් සඳහා | පෞද්ගලික ගැණුම්කරුවන් සඳහා | |
මධ්‍යම පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 3,550,000.00 | Rs. 3,675,079.00 |
ඉහළ පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 4,300,000.00 | Rs. 4,451,828.00 |
හබරාදූව නිවාස සංකීර්ණය
- නිවාස ඒකක : 576
වටිනාකම
නිවාස වර්ගය | විකුණුම් මිල (ඒකක 1) | |
රජයේ නිලධාරීන් සඳහා | පෞද්ගලික ගැණුම්කරුවන් සඳහා | |
මධ්‍යම පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 1,980,000.00 | Rs. 2,102,787.00 |
ඉහළ පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 3,550,000.00 | Rs. 3,749,022.00 |
කොළඹ 05, කැප්පෙටිපොළ මාවත සමුළු නිවාස
රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යාංශය යටතේ කොළඹ 05, කැප්පෙටිපොළ මාවත සමුළු නිවාස සංකීර්ණයට අයත් නිල නිවාස පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලන රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ පරිදි පදිංචිය සඳහා වෙන් කරදීම සිදු කරනු ලැබේ.
මූලික සුදුසුකම් :
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කර ඇති පරිදි රාජ්‍ය නිලධාරියෙකු වීම. එසේම, එම රාජ්‍ය නිලධාරියා 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 (වැටුප් සංශෝධන) හි සඳහන් කර ඇති පරිදි විධායක ශ්‍රේණියේ තනතුරක් දරන සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරියෙකු විම.
- කොළඹ දිස්ත්‍රික්කය තුළ සේවා ස්ථානයක රාජකාරී කිරීම.
- සේවා ස්ථානයේ සිට ස්ථිර පදිංචි ස්ථානයට (ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු අනුව) ගූගල් සිතියම (Google map) ආශ්රයෙන් මැනීම් සිදුකර ලබා ගනු ලබන අහස් දුර 20kmට වඩා වැඩිවීම.
- ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයා මින් පෙර රජයේ සමුළු නිවාස හිමිකම භුක්තිවිඳ නොතිබීම.
- අයදුම්කරන දිනට ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ නමින් වෙන්කරන ලද රජයේ නිල නිවසක් නොතිබීම.
- ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයා යන දෙදෙනාම රජයේ සේවකයන් වන විට නිවාස ඉල්ලුම් කල හැක්කේ එක් අයෙකුට පමණි.
- නිවාස ඉල්ලුම් කරනු ලබන ඉල්ලුම්කරුගේ සේවා ස්ථානය අයත් දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය සතුව රජයේ නිල නිවාස යෝජනා ක්‍රම නොපැවතිය යුතුය.
අයදුම්පත්‍රය - 2024 | ![]() |
2024 වසර තුළදී නිල නිවාස හිමිකම ලැබීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය | ![]() |
නිල නිවාස අයදුම්කරුවන් හට හිමි අවසන් ලකුණු ලේඛනය - 2024 | ![]() |
ගම්පහ දිස්ත්‍රික් නිල පියස නිවාස සංකීර්ණය
රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික් නිල පියස නිවාස සංකීර්ණයට අයත් නිල නිවාස පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලන රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2023 පරිදි පදිංචිය සඳහා වෙන් කරදීම සිදු කරනු ලැබේ.
මූලික සුදුසුකම් :
- 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 ( වැටුප් සංශෝධන) හි සඳහන් කර ඇති පරිදි විධායක ශ්‍රේණියේ තනතුරක් දරන සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරියෙකු විම.
- කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවා ස්ථානයක රාජකාරි කිරීම.
- අයදුම්පත යොමු කරනු ලබන අවස්ථාවේදී උප ලේඛනගත නිල නිවාස හිමිකම දරන තනතුරක් නොදැරීම.
- සේවා ස්ථානයේ සිට ස්ථිර පදිංචි ස්ථානයට ගූගල් සිතියම (Google map) ආශ්රයෙන් මැනීම් සිදුකර ලබා ගනු ලබන අහස් දුර කි.මී.20ට වඩා වැඩිවීම.
අයදුම්පත්‍රය - 2023 | ![]() |
2024 වසර තුළදී නිල නිවාස හිමිකම ලැබීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය | ![]() |
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා
- නුවරඑළිය, දියතලාව, බණ්ඩාරවෙල නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා - 0112697316
පොදු අංකය: 011 2696211 – දිගුව - 216
ෆැක්ස්: 011 2697299 - සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම සෑම මසකම පළමු වැනිදා සිට සිදුකරනු ලබයි.
නිවාඩු නිකේතනයේ නම | පිහිටීම | දුරකතන අංකය | අයකරන ගාස්තුව (රු.) | කාමර සංඛ්‍යාව | උපරිම නේවාසික සංඛ්‍යාව |
නුවරඑළිය (පැරණි) | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 10 |
නුවරඑළිය (නව) A1 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) A2 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) B | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 750 | 02 | 04 |
දියතලාව - A | දුම්රිය ස්ථානය අසල | +94 57 2229068 | 1,000 | 04 | 11 |
දියතලාව - B | දුම්රිය ස්ථානය අසල | +94 57 2229069 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 01 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 02 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
**2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත
*කොන්දේසි අදාළ වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
- යාපනය, කතරගම, මොණරාගල, මහියංගනය, මිහින්තලය, මුලතිවු සහ පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා – 011 2697316
ප්‍රභූ කාමර (රු.) |
වායු සමනය කළ (රු.) |
වායු සමනය නොකළ (රු.) |
|
දැනට පවත්නා මිල ගණන් සාමාන්‍ය වෙන් කිරීම් සඳහා | 6,500 | 4,500 | 2,500 |
රාජ්‍ය සේවක පුද්ගලික සංචාර සඳහා රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල අයදුම්පත පුරවා ඔබගේ ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණි | 4,000 | 2,000 | 1,500 |
විදේශීය නවාතැන් කරුවන් සඳහා 50%ක් අතිරේකව අය කිරීම | 9,750 | 6,750 | 5,250 |
වැඩමුළු සඳහා පමණක් නිකේතන ආපනශාලාව යොදා ගන්නා අවස්ථාවලදී; පෙ.ව. 8.00 -12.00 දහවල් 12.00 දක්වා හෝ දහවල් ප.ව. 4.00 හෝ එක් වරුවක් සදහා(එක් වරුවක් සදහා) = Rs 7,500/= සම්පූර්ණ දිනයක් සදහා(පෙ.ව.8 - ප.ව. 4.00 දක්වා) = Rs.15,000/= |
“නිල පියස” රාජ්‍ය නිලධාරී නිල නිවාස ව්යාපෘතියරජයේ නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැපයීමේ අරමුණින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම එකක් බැගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතිය වසර පහකදී නිම කිරීමට යෝජිත අතර එක් වසරකදී දිස්ත්‍රික්ක පහක ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්කර ඇත. මෙහි ප්‍රථම අදියර යටතේ පහත දිස්ත්‍රික්කවල ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.
මොනරාගල දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අදාල කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය වෙත ප්රදානය කර ඇති අතර මේ සඳහා උපදේශන සේවා දායකත්වය ඌව පළාත් සභා ඉංජිනේරු සේවාව විසින් සපයයි.
යෝජිත නිවාස ඒකක ගණන - 32
ගම්පහ දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අදාල කොන්ත්‍රාත්තුව ලින්ක් ඉංජිනියරින් පුද්. සමාගම වෙත ප්රදානය කර ඇති අතර මේ සඳහා උපදේශන සේවා දායකත්වය බස්නාහිර පළාත් සභා ඉංජිනේරු සේවාව විසින් සපයයි.
යෝජිත නිවාස ඒකක ගණන - 32
මහනුවර දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සැලසුම් කාර්යයන් මේවන විට සිදුකෙරෙමින් පවතින අතර අදාල උපදේශන සේවා මධ්‍යම පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සපයයි.
දෙවන අදියර සඳහා නිවාස ඒකක 24ක් ඉදිකිරීමට යොජිතය.යෝජිත නිවාස ඒකක ගණන - 8
පොළොන්නරුව දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සැලසුම් කාර්යයන් මේවන විට සිදුකෙරෙමින් පවතින අතර අදාල උපදේශන සේවා උතුරු මැද පළාත් ඉංජිනේරු සේවාව විසින් සපයයි.
යෝජිත නිවාස ඒකක ගණන - 32
ඇමතුම් තොරතුරු
![]() අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන)
|
|||||||||
![]() ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන)
|
![]() සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන)
|
||||||||||||||||||
ඉංජිනේරු අංශය
![]() ප්‍රධාන ඉංජිනේරු
|
![]() සිවිල් ඉංජිනේරු
|
||||||||||||||||||
නිවාස හා සංවර්ධන අංශය
|
||||
සැලසුම් අංශය
අභ්‍යන්තර පාලන අංශය
හැඳින්වීම
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නම් වූ රාජ්‍ය සේවයේ මහගෙදර තුල කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකිරීමට පැවරී ඇති අංශයක් වන අභ්‍යන්තර පාලනය වෙතින් අමාත්‍යාංශ නිලධාරීන්ට හා කාර්ය මණ්ඩලය වෙත පහසුකම් සපයන්නාගේ භූමිකාව පැවරී ඇත. මෙහිදී ඒ ඒ අංශ අතර මනා සම්බනධතා ගොඩනගමින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය යටිතල පහසුකම් හා ආයතන පරිශ්‍රයේ යහපැවැත්ම ඇතිකරමින් අමාත්‍යාංශය වෙතින් මහජනතාවට හා සේවාවන් බලාපොරොත්තුවන් පැමිණෙන පාර්ශවයකට වුවද මඟපෙන්වීම හා සහයෝගය ලබා දීමට හැකි පරිසරයක් සකස් කිරීම මෙම අංශය වෙතින් ඉටු කරනු ලබයි.
අමාත්‍යාංශය භාර අමාත්‍යතුමන්ගේ මඟපෙන්වීම මඟින් ලේකම්තුමා වෙතින් ලැබෙන නායකත්වය මත අතිරේක ලේකම්වරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන අංශයට අදාළ කාර්යයන් ඉටු කිරීමට මනා පළපුරුද්දක් හා දැනුමකින් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඔවුන්ගේ කැපවීම මත අද දිනයේ මෙම අමාත්‍යංශය තුළ ඇතිකරන ආකල්පමය වෙනස රාජ්‍ය සේවය සඳහා ආදර්ශයක් සැපයීමට සමත්ව ඇත.
දැක්ම
"ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ ආදර්ශමත් හා විශිෂ්ඨතම පාලන ඒකකය බවට පත්වීම"
මෙහෙවර
"අමාත්‍යාංශයේ සමස්ථ කාර්ය සාධනය ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වා ගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩල හා යටිතල පහසුකම් උපරිම හා ඵලදායී ලෙස සැපයීමෙන්ද ඊට අවශ්‍ය සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය මනා ලෙස පවත්වා ගෙන යාම තුළින් පාලන අංශයේ සේවය ගුණාත්මක ලෙස සැපයෙන බවට වගවීම"
අරමුණු
- අමාත්‍යාංශයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිය හැකි භෞතික පරිසරයක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම.
- අමාත්‍යාංශය සම්බන්ධ අරමුණු හා කාර්යයන්ට ගැලපෙන උසස් හා ප්‍රශස්ථ කාර්යය මණ්ඩලයක් පවත්වා ගෙන යාම.
- උපයෝගී සේවාවන් (ආරක්ෂාව, සනීපාරක්ෂාව) අඛණ්ඩව හා ඵළදායී ලෙස සපයා ගැනීම හා පවත්වාගෙන යාම.
- අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ( ප්‍රවාහන, විදුලි. ජල සැපයුම,දුරකථන) කාර්යක්ෂම හා ඵලදායී ලෙස සැපයීම, නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
- ආයතන සමඟ ඉහළ සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
- කාර්යය මණ්ඩල සුභ සාධනය ඉහළ මට්ටමකට ගෙන ඒම.
- අමාත්‍යාංශයේ සමස්ථ පාලනය , මෙහෙයවීම හා ඇගයීම උසස් මට්ටමකට ගෙන ඒම.
කාර්යයන්
- අනුමත කාර්යය මණ්ඩලය යාවත්කාලීන කිරීම.
- අමාත්‍යාංශයේ සමස්ථ කාර්යය මණ්ඩල පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම ඇතුළු සියලුම ආයතන කටයුතු.
- නව තනතුරු ඇති කිරීම.
- උපයෝගී සේවාවන් ( ආරක්ෂක, සනීපාරක්ෂක) සපයා ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් හා ගිවිසුම් කටයුතු අධීක්ෂණය කිරීම.
- අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ( ගොඩනැගිලි, ජලය, විදුලිය, දුරකථන) සැපයීමට අදාළ ඇස්තමේන්තු සකස් කිරීම, මිළ ගණන් කැඳවීම, සපයා ගැනීම, නඩත්තු කටයුතු හා වියදම් පාලන කටයුතු.
- අමාත්‍යාංශයේ සියළුම වාහන වල ලියාපදිංචි කිරීම්, අනුයුක්ත කිරීම්, රක්ෂණය, නඩත්තුව, ඉන්ධන සම්බන්ධ කටයුතු හා සංචිත වාහන සැපයීමට අදාළ කටයුතු.
- ගරු අමාත්‍යතුමන්ලාගේ තාවකාලික කාර්යය මණ්ඩල හා උපදේශකවරුන් පත්කිරීමට අදාල කටයුතු.
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව, පෙත්සම් කාරක සභාව, මානව හිමිකම්, දේශපාලන පළිගැනීම් ආදී කටයුතු සම්බන්ධීකරණය.
- තැපෑල විධිමත්ව පවත්වාගෙන යාම.
- මාණ්ඩලික නිලධාරී රැස්වීම් පැවැත්වීම, පවත්වාගෙන යාම හා ශ්‍රවනාගාරය පාලනයට අදාළ කටයුතු.
- ලේඛනාගාරය පවත්වා ගැනීමට අදාළ කටයුතු.
- අමාත්‍යාංශ විමසීම් කවුන්ටරය සහ දුරකථන හුවමාරුව විධිමත්ව පවත්වාගෙන යාම.
- භාෂා පරිවර්තනයට අදාළ කටයුතු.
සංවිධාන ව්‍යුහය
ඇමතුම් තොරතුරු
![]() අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන)
|
|||||||||
![]() ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අභ්‍යන්තර පාලන)
|
|||||||||
සහකාර ලේකම්වරුන්
![]() සහකාර ලේකම්(වැ.බ.) (පාලන)
|
![]() සහකාර ලේකම් (ආයතන)
|
||||||||||||||||||
නීති නිලධාරි මාධ්‍ය ඒකකය
![]() නීති නිලධාරි
|
![]() සහකාර අධ්යක්ෂ - මාධ්‍ය
|
||||||||||||||||||
පරිපාලන නිලධාරි
![]() පරිපාලන නිලධාරි (පාලන)
|
![]() පරිපාලන නිලධාරි (ආයතන)
|
||||||||||||||||||
ශාඛා ප්‍රධානි ශාන්ති වීරසිංහ මිය
|
|||||||