All Island Services
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය අධ්යක්ෂ
|
නවාංජනී ළමාහේවා මිය සහකාර අධ්යක්ෂ
|
වාස්තු විද්‍යාත්මක සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
ප්‍රකාශන
ඇමතුම් තොරතුරු
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය අධ්යක්ෂ
|
නවාංජනී ළමාහේවා මිය සහකාර අධ්යක්ෂ
|
විද්‍යාත්මක සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය
දැක්ම
"කාර්යක්ෂම හා ඵලදායී මූල්‍ය කළමනාකරණයක් සදහා ස්වයංපාලිත ගණකාධිකාරී සේවාවක්"
අරමුණ
මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය උපරිමව පවත්වා ගනිමින් වගකීම් හා වගවීම් සුරක්ෂිත කිරීම පිණිස නෛසර්ගික පෙළඹවීමක් සහිතව කටයුතු කරන පරිපූර්ණ වෘත්තීයවේදියෙකු බිහි කිරීම.
ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ ඉතිහාසය
දෙවන ලෝක යුද සමයේ රාජ්‍ය අංශයේ සිදු වූ රාජකාරී වපසරිය පුළුල් වීම, අත්තිකාරම් ගිණුම් කටයුතු ඉහළයාම හා ගිණුම් ක්‍රමවේද තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත 1946 වසරේ දී ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය ආරම්භ වී ඇති බව ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයයි. අනතුරු ව රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන වෙනස්කම්වලට උරදෙමින් ගණකාධිකාරී සේවාව ද පරිණාමය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇත. එම ගමන් මගෙහි විවධ අවස්ථාවල සේවාවේ පරිපාලන මධ්‍යස්ථානය වරින් වර වෙනස් වී ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ගණකාධිකාරී සේවා අංශය 2015.06.18 දින සිට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතට පත් කළ බැවින් වර්තමානයේ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පරිපාලනය වේ.
දීප ව්‍යාප්ත සේවාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාවේ නිලධාරීන් දිවයින පුරාම සේවයේ නිරතව සිටියි. එම නිලධාරීන් ස්වයං පාලිත විචක්ෂණශීලී හා වෘත්තීය නිපුණතා සපිරි නිලධාරීන්ගෙන් සමන්විත කරලීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ, ගණකාධිකාරී සේවා අංශයේ වගකීම වේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී පහත සදහන් පරිදි සංවර්ධන හා පුහුණු කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂිත ය.
- ගණකාධිකාරීවරුන් මුල්‍යය කළමනාකරණයේ නිරතවන්නන් වන බැවින් ස්වයං පාලනයක් (self governance) වෙත වැඩි අවධානය යොමු කරවමින් ඊට අදාළ ආකල්පමය සංවර්ධනයක් ගොඩනැගීම (SLIDA හෝ වෙන ආයතනයක් යටතේ).
- විනය ගැටළු අවම වන පරිදි අභිමානවත්ව රාජකාරී ඉටුකිරීම උදෙසා අවශ්‍ය දැනුම හා ආකල්ප නිලධාරීන් තුළ ගොඩනැංවීම.
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියකු සමන්විය යුතු නිපුනතාවයන් හඳුනාගෙන එම නිපුණතා සාක්ෂාත් කරගනුවස් විධිමත් දෙස් විදෙස් පුහුණුව කරා ඔවුන් යොමු කිරීම.
- කාලීන අවශ්‍යතා හදුනාගනිමින් ගණකාධිකාරීවරුන් ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට (Capacity Building) සහභාගී කරවීම.
- සංවර්ධන කාර්යයන්හි සාර්ථකත්වය උදෙසා නිවරැදි මූල්‍ය පුරෝකථනයන් ඉතා වැදගත් වන බැවින් ඒ ආශ්රිත පර්යේෂණ සිදු කිරීම පිණිස නිලධාරීන් අභිප්‍රේරණය කිරීම, පර්යේෂණ පසුබිමක් ගොඩනැගීම හා ඒවායේ ප්‍රතිඵල භාවිතයට ගැනීම.
- ගණකාධිකාරීවරුන් වෘත්තීයවේදින් දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය උපායමාර්ග සකස් කිරීම.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
අයි.යූ.පී. ගුණවර්ධන මිය අධ්යක්ෂ
|
ඒ. ඒ. කේ. පෙරේරා මිය නියෝජ්‍ය අධ්යක්ෂ
|
පී.පී.එච්. ලියනගේ මිය සහකාර අධ්යක්ෂ
|
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය
මෙහෙවර
"පරිපාලන විධිවිධාන හා රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කීරිම සහ නව ප්‍රතිපත්ති හඳුන්වා දීම, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මගින් ඵලදායී ක්‍රමසම්පාදන සේවයක් රටට ලබා දීම"
අරමුණු
- ක්‍රමසම්පාදන සේවයේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරිම
- මහජනතාවගේ අවශ්‍යතා සැපිරිම සඳහා, කාර්යක්ෂම ක්‍රමසම්පාදන සේවයක් ස්ථාපිත කිරිම
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
විශේෂ නිවේදන
ඇමතුම් තොරතුරු
යු.පි.ඒ.ටි.ඩි. කරුණානායක මිය අධ්යක්ෂ
|
ක්‍රමසම්පාදන සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය
සේවක සංඛ්‍යාව
- 2024.07.01 දිනට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ තත්‍ය නිලධාරී සංඛ්‍යාව 1125කි.
බඳවා ගැනීම
- අංක 1836/6 හා 2013.11.11 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා නව ව්‍යවස්ථාව හා එහි සංශෝධනයන් අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම් ආකාර 02කි.
- විවෘත බඳවා ගැනීම (වෘත්තීය සුදුසුකම් ලත් ඉංජිනේරුවන් සඳහා පමණි) - පවත්නා පුරප්පාඩු වලින් 75%ක ප්‍රමාණයක්
- සීමිත බඳවා ගැනීම - පවත්නා පුරප්පාඩු වලින් 25%ක ප්‍රමාණයක්
විවෘත බඳවා ගැනීම
අධ්‍යාපන සුදුසුකම්
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක එම කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති වසර 04ක පූර්ණකාලීන විද්‍යාවේදී ඉංජිනේරු උපාධි පාඨමාලාවට බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සාර්ථකව සම්පූර්ණ කර උපාධිය ලබා තිබීම.
හෝ
- ඉහත දැක්වෙන උපාධි පාඨමාලාවට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබූ අධ්‍යයන සහ අනිකුත් සියළු අවශ්‍යතා බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සම්පූර්ණ කර ඊට අදාල වලංගු සහතිකය ලබා තිබීම.
වෘත්තීය සුදුසුකම්
- 2017 අංක 04 දරන පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ, අදාළ සේවා කාණ්ඩය යටතේ ආශ්රිත ඉංජිනේරුවරයෙකු හෝ වරලත් ඉංජිනේරුවරයෙකු ලෙස ලියාපදිංචි වී තිබීම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආශ්රිත සාමාජිකත්වය හෝ පූර්ණ සාමාජිකත්වය (වරලත් ඉංජිනේරු තත්ත්වය) ලබා තිබීම
සීමිත බඳවා ගැනීම
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියේ උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කාර්මික විභාගය සම්පූර්ණයෙන්ම සමත්වීම.
- දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු, එම දෙපාර්තමේන්තුවේ වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම.
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන රජයේ කාර්මික නිළධාරින් සඳහා වන තුන්වන විභාගය (1979 ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන් සමත්වීම.
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරියෙකු හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු ලෙස වසර 21 කට නොඅඩු සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සහිතව එම සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කර තිබීම.
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරියෙකු හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම සහ
(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක, එම කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති බඳවා ගනු ලබන විෂය ධාරාව යටතේ වසර 04 ක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර උපාධිය ලබා තිබීම.
හෝ
(ආ) ඉහත දැක්වෙන උපාධි පාඨමාලාවට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබූ, අධ්‍යාපන හා අනෙකුත් සියළු අවශ්‍යතා බඳවාගනු ලබන විෂය ධාරාව යටතේ සම්පූර්ණ කර ඊට අදාළ වලංගු සහතිකයක් ලබා තිබීම.
- ඉහත සඳහන් සුදුසුකම් වලින් එකක් සමග 2017 අංක 04 දරන පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ, සංස්ථාගත හෝ ආශ්රිත ඉංජිනේරුවරයෙකු ලෙස ලියාපදිංචි වි තිබීම
නව ඒකාබද්ධ වැටුප් පරිමාණයන්
එක් එක් පන්තියට /ශ්‍රේණියට අදාළ සංශෝධිත වැටුප් පරිමාණ පහත දැක්වේ.
- විශේෂ ශ්‍රේණිය (SL-3 – 2016) - රු.88,000.00 (1 පියවර)
- I ශ්‍රේණිය (SL-1 – 2016) - රු.76,175.00 (20 පියවර)
- II ශ්‍රේණිය (SL-1 – 2016) - රු.62,595.00 (12 පියවර)
- III ශ්‍රේණිය (SL-1 – 2016) - රු.47,615.00 (1 පියවර)
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට බඳවා ගනු ලබන අවස්ථාවේ පූර්ණ වෘත්තීය සුදුසුකම (වරලත් ඉංජිනේරු තත්ත්වය) ලබා තිබෙන විට හෝ බඳවා ගැනීමෙන් පසු ඉංජිනේරුවකු පූර්ණ වෘත්තීය සුදුසුකම ලබා ගත් විට නිලධාරියා සේවයේ III ශ්‍රේණියේ 6වන වැටුප් පියවරේ පිහිටවනු ලැබේ.
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
- පරිපාලනය පිළිබඳ ලිඛිත පරික්ෂණය
- මූල්‍ය ක්‍රම පිළිබඳ ලිඛිත පරික්ෂණය
- දෙපාර්තමේන්තු / ආයතන ක්‍රමවේදයන් පිළිබඳ ලිඛිත පරික්ෂණය
උසස්වීම්
- ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස වසර 06ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සපුරා ඇත්නම්, කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් සමත්ව ඇත්නම් හා අනෙක් රාජ්‍ය භාෂා අවශ්‍යතාවය සම්පූර්ණ කර ඇත්නම් සියළු සුදුසුකම් සපුරන දිනයේ සිට II ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
- ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ II ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස වසර 06ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සපුරා ඇත්නම්, හා නියමිත වැටුප් වර්ධක 06ක් උපයාගෙන තිබීම ද, පූර්ණ වෘත්තීය සුදුසුකම (වරලත් ඉංජිනේරු තත්ත්වය) ලබා තිබීම හා එම වරලත් ඉංජිනේරු තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ඇති විට, සියළු සුදුසුකම් සම්පූර්ණ කල දිනයේ සිට I ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
- • ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ I ශ්‍රේණියේ වසර 05ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් හා මුළු සේවා කාලය වසර 18කට නොඅඩු සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අධි සාමාජිකත්වය හෝ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගත් වෙනත් ඉංජිනේරුමය ආයතනයකින් ඊට සමාන අධි සාමාජිකත්වය ලබා තිබීම හෝ මාස 09කට නොඅඩු පාඨමාලා කාලයක් සහිත ඉංජිනේරු ක්ෂේත්රයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා/ පශ්චාත් උපාධිය හෝ කළමනාකරණ/ ව්‍යාපාර පරිපාලනය හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පශ්චාත් උපාධි සහතිකය ලබා ඇති නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක නිර්දේශ අනුව විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
Background of Sri Lanka Engineering Service (SLES)
Before the Sri Lanka Engineering Service was centrally established on 01.10.1971, Engineers required for the Public Service were recruited by the respective Departments according to their needs. Engineers so recruited found themselves subject to varying conditions of employment, and as a result, around 1970 there was a considerable agitation among Engineers in the four Engineering disciplines of Civil, Mechanical, Electrical and Electronics Engineering that promotional prospects were limited, facilities for postgraduates training and practical experience required for Engineers to obtain full professional qualifications were restricted and that the disciplinary procedures in the different Departments were not uniform. As such, the Public Service Engineers suggested the formation of a separate service for Engineers.
The minute on the Ceylon Engineering Service was published in the Ceylon Government Gazette (Extra Ordinary) No. 15001/8 of March 14, 1972 (By the Secretary, Public Service Commission) and the Ceylon Engineering Service was established on 1st October 1971. This minute was replaced by the Minute published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 327/1 dated 25-07-1978.
The Sri Lanka Engineering Service minute was further revised to incorporate certain administrative procedures adopted after the promulgation of the new Constitution and revised Minute was published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 296/2 dated 7-5-1984.
All amendments inclusive of the new salary scales for Engineers have been incorporated in the service Minute published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 509/7 dated 07-06-1988.
As a result of Public Administration Circular No.06/2006, the Minutes of Sri Lanka Engineering Services was revised and published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 1836/6 dated 11-11-2013 and No 1840/2 dated 09-12-2013.
ඇමතුම් තොරතුරු
ඉංජි. පී.ඒ.ටී.එන්. පොන්නම්පෙරුම අධ්යක්ෂ
|
ඩබ්.එන්. ප්‍රියදර්ශනී මෙය සහකාර අධ්යක්ෂ
|
ශාඛා ප්‍රධානි කේ.බී.සී.ජේ. ද සිල්වා මයා
|
|||||||