කළමනාකරණ සේවා නිලධාරී සේවය
බඳවා ගැනීම
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක් විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.
සේවය සඳහා අවම සුදුසුකම්
විවෘත පදනම මත
- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
- අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි විය යුතුය, යහපත් චරිතයකින් යුක්ත විය යුතුය.
- අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව එක් වරකදී විෂය හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම.
- අ.පො.ස. (උ.පෙළ) විභාගය සමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන්ගෙන් එකවර සමත්වීම.
සීමිත පදනම මත
- රජ්‍ය සේවයේ ස්ථිර කණිෂ්ඨ සේවකයකු විය යුතුය.
- නියමිත දිනට පුර්වාසන්නව ස්ථිර පත්වීමක් යටතේ අවුරුදු 5 ක් අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු බව අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සනාථ කර යුතුය.
- 2001.11.26 දිනට පසු සේවයේ ස්ථිර කර ඇති කණිෂ්ඨ සේවකයින්, භාෂාව / සාහිත්‍යය හා ගණිතය ඇතුඵව විෂයයන් හයක් ඇතිව අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම.
සේවා ව්‍යවස්ථාවන්
වර්තමාන සේවා ව්‍යවස්ථාව හා සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව හා සංශෝධන
චක්‍රලේඛ
සේවා ව්‍යවස්ථාව සම්බන්ධ චක්‍රලේඛ
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්බන්ධ චක්‍රලේඛ
අන්තර්ග්‍රහණ සම්බන්ධ චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
එස්. ආලෝකබණ්ඩාර මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
|
බුද්ධි එන්. ලියනගේ මිය ඒකාබද්ධ සේවා අධ්යක්ෂ I
|
||||||||||||||||||
පුරප්පාඩු ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (I ශාඛාව - ක.සේ.නි.සේ. I ශ්‍රේණිය)
|
ටී.කේ. වන්නිආරච්චි මිය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (II ශාඛාව - ක.සේ.නි.සේ. II ශ්‍රේණිය)
|
||||||||||||||||||
ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ (III ශාඛාව - ක.සේ.නි.සේ. III ශ්‍රේණිය)
|
කේ.එම්.කේ.කේ. කුලතුංග මිය ඒකාබද්ධ සේවා නියෝජ්‍ය අධ්යක්ෂ (IV ශාඛාව - ක.සේ.නි.සේ. ස්ථානමාරු, අධිශ්‍රේණිය හා ප්‍රතිපත්ති ශාඛාව)
|
||||||||||||||||||