Other Services
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිපත්ති අංශය පමණක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවට අනුව, සේවාවේ විෂය කරුණු පිළිබඳ නිරීක්ෂණ ලබාදීම ද සිදුකෙරේ.
අනුමත සේවක සංඛ්‍යාව
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා නිලධරයන් බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ ඒ ඒ අමාත්‍යාංශ /දෙපාර්තමේන්තු සිය සේවා අවශ්‍යතාව අනුව වන බැවින් අනුමත සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව පැවතිය ද එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මට්ටමින් තත්‍ය ලෙස සේවයේ නියුතු සේවක සංඛ්‍යාවන් පිළිබඳ යවත්කාලීන වූ තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැති බව හා ඊට අදාළ තොරතුරු කැඳවමින් පවතින බව.
බඳවා ගැනීම
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීම, මෙම අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අංශය මඟින් සිදු නොකරන අතර, එම තනතුරු පුරප්පාඩු පවතින අමාත්‍යාංශ /දෙපාර්තමේන්තු විසින් පුවත් පත් ගැසට් නිවේදනයන් මඟින් අයදුම්පත් කැඳවන බව.
අයදුම් කිරීම
- උක්ත බඳවා ගැනීම ශීර්ෂය යටතේ දක්වා ඇති කරුණු අදාළ වන බව.
මූලික සුදුසුකම්
- අංක 1930/12 හා 2015.09.01 දිනැති ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවේ දක්වා ඇති මුලික සුදුසුකම් අනුව ඒ ඒ අමාත්‍යාංශ /දෙපාර්තමේන්තු පත්කිරීම් බලධරයන් විසින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ඒ ඒ තනතුරුවලට අදාළ සුදුසුකම් සේවා අවශ්‍යතාව අනුව දක්වන බව.
සේවා ව්‍යවස්ථාව
ඇමතුම් තොරතුරු
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය
අධ්යක්ෂ
දුරකථන | : | +94 11 2695187 (දිගුව - 161) |
ෆැක්ස් | : | +94 11 2695187 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
නවාංජනී ළමාහේවා මිය
සහකාර අධ්යක්ෂ
දුරකථන | : | +94 11 3169549 (දිගුව - 161) |
ෆැක්ස් | : | +94 11 2695187 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |