Main Menus
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත 8වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කළ යුතු අර්ධ වාර්ෂික වාර්තාව
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
පණත | : | 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පණත |
නියෝග | : | 2017 පෙබරවාරි 3 දිනැති අංක 2004/66 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය |
රාජ්‍ය බලධාරියා | : | රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය |
පණත සහ නියෝග | : | පහත සබැඳියෙන් බා ගතකළ හැකිය www.documents.gov.lk |
උක්ත පණත යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයට අදාල තොරතුරු ලබාගැනීම පිණිස පණතේ සඳහන් තොරතුරු නිලධාරියා හට අංක ආර්ටී අයි1 දරණ අයදුම්පත භාවිතා කරමින් තොරතුරු ලබාගැනීම පිණිස වන ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් මේ අයදුම් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය නැත.
තොරතුරු නිලධාරී
නම | : | හිරන්සා කළුතන්ත්රී මිය |
තනතුර | : | අතිරේක ලේකම් අභ්‍යන්තර පාලන |
ලිපිනය | : | රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය |
දුරකථන | : | +94 112695150 (දිගුව - 200) |
ෆැක්ස් අංකය | : | +94 112689407 |
වි. තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තොරතුරු ලබාගැනීම පිණිස අයදුම් කිරීම
- අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා අංක ආර්ටී අයි1 දරණ අයදුම්පත, ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරී හට ඉදිරිපත් කර ඒ ලද බවට පිලිතුරක් ලබාගන්න.
- ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු ලබාදිය හැකි/නොහැකි බව හැකි තරම් ඉක්මනින් නැතිනම් දින දහහතරක් තුළ එසේ ඔබට දැනුම් දෙනු ඇත.
- ඉල්ලා ඇති තොරතුරු නිකුත් කිරීමට තීරණය කරනු ලබනා අවස්ථාවලදී යම් ගාස්තුවක් ගෙවිය යුතු වන්නේ නම් කොමිසම විසින් නියම කර ඇති අදාල ගාස්තුව ඔබට දැනුම් දෙනු ඇත. නියම කර ඇති ගාස්තු ගෙවීම මත හෝ එවන් ගාස්තුවක් නැති නම් නොමිලේ දින දහහතරක් තුළ ඔබට ඉල්ලා ඇති තොරතුරු සපයනු ඇති අතර යම් හෙයකින් ගෙවීම් කල පසුව අදාල තොරතුරු දින දහහතරක් තුළ ලබාදීම අසීරු නම් තොරතුරු නිලධාරී ඔබට කාලය දීර්ඝ කිරීමට හේතු දන්වමින් අතිරේක දින 21ක් නොඉක්මවන කාලයක් තුළ ඔබට තොරතුරු ලබාදෙනු ඇත.
- ඉල්ලා ඇති තොරතුරු කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ පුද්ගලිකත්වයට සම්බන්ධ වන කල්හී ඉල්ලීම සිදුකර පැය හතලිස් අටක් තුළ ඊට ප්‍රතිචාර දැක්විය යුතුය.
- ඔබ විසින් ඉල්ලන ලද තොරතුරු සම්බන්ධයෙන් ඔබට ලැබෙනා පහත ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් නොවන්නේ නම් දින දහහතරක් තුළ පහත නම් කර ඇති නිලධාරී හට අභයාචනයක් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
- තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම
- 5 වන වගන්තිය යටතේ ලබාදීමෙන් වැලකී සිටිය හැකි තොරතුරක් යන පදනම මත තොරතුරු සඳහා ප්‍රවේශය ප්රත්ක්ෂේප කිරීම.
- පණත මගින් දක්වා ඇති කාල රාමුවට අනුගත නොවීම.
- අසම්පූර්ණ, නොමගයවනසුළු හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම.
- අධික ගාස්තු අයකිරීම.
- ඉල්ලා ඇති ආකාරයෙන් තොරතුරු සැපයීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම .
- තමන් විසින් ඉල්ලා සිටින ලද තොරතුරු වෙත පිවිසුම වලක්වාලනු පිණිස ඒවා විකෘති කර, විනාශ කර, හෝ අස්ථානගත කර ඇතැයි ඉල්ලීම ඉදිරිපත් කරනා පුරවැසියා හට විශ්වාස කිරීමට සාධාරණ පදනමක් ඇති අවස්ථාවලදී.
නම් කරන ලබනා නිලධාරී
නම | : | එස්. ආලෝකබණ්ඩාර මහතා |
තනතුර | : | ලේකම් |
ලිපිනය | : | රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය |
දුරකථන අංක | : | +94 11 2695738 , +94 11 2696211-13 (Ext - 120) |
ෆැක්ස් | : | +94 11 2695279 |
වි. තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
: | නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර |
ආකෘතිපත්‍ර සහ ප්‍රකාශන
ආකෘතිපත්‍ර
පුහුණු / ශිෂ්‍යත්ව ආකෘති පත්‍ර
- චීන රජයේ ශිෂ්‍යත්ව සඳහා අයදුම් පත්‍රය -
[ PDF - 1.4 MB ] - පීකිං විශ්ව විද්‍යාලයේ, රාජ්‍ය ප්‍රතිපත්ති උපාධි වැඩසටහන සඳහා අයදුම් පත්‍රය -
[ PDF - 2.43 MB ] - සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබන නිලධරයන් අත්සන් කළ යුතු ගිවිසුමේ ආකෘතිය (8 වැනි පරිශිෂ්ටය) -
[ PDF - 985 KB ] - සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබන නිලධරයන් අත්සන් කළ යුතු බැඳුම්කරයේ ආකෘතිය (15 වැනි පරිශිෂ්ටය) - [ PDF - 1.7 MB ]
- සම්පූර්ණ පඩි සහිතව එහෙත් එක දිගට අධ්‍යයන නිවාඩු නොලබා මෙරටදී රජයේ වියදමින් අධ්‍යයන කටයුතු / පාඨමාලා සඳහා සහභාගී වන නිලධාරීන් විසින් අත්සන් කල යුතු ගිවිසුම -
[ PDF - 1.26 MB ] - විදේශ ගමන් සඳහා රාජ්‍ය නිලධාරීන් විසින් ලබා ගත යුතු පූර්ව අනුමැතිය සඳහා අයදුම් පත්‍රය - 1 වන කොටස (16 වන උපග්‍රන්ථය) -
[ PDF - 110 KB ] - විදේශ පුහුණු පිළිබඳ දත්ත සමුදාය සඳහා නිලධාරීන් තොරතුරු රැස්කිරීමේ අයදුම් පත්‍රය -
[ PDF - 1.1 MB ] - පශ්චාත් උපාධි/පශ්චාත් උපාධි ඩිප්ලෝමා/උසස් ඩිප්ලෝමා/ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම (පළමු වාරිකය) - ආකෘතිපත්‍ර 1
[ PDF - 546 KB ] - පශ්චාත් උපාධි/පශ්චාත් උපාධි ඩිප්ලෝමා/උසස් ඩිප්ලෝමා/ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට ප්‍රතිපාදන නිදහස් කිරීම සඳහා නිලධාරියාගේ තොරතුරු වාර්ථා කිරීම - ආකෘතිපත්‍ර 2
[ PDF - 737 KB ] - පශ්චාත් උපාධි/පශ්චාත් උපාධි ඩිප්ලෝමා/උසස් ඩිප්ලෝමා/ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම (පසු වාරික) - ආකෘතිපත්‍ර 3
[ PDF - 489 KB ]
කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
- 2023 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 5.62 MB ] - 2022 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 6.81 MB ] - 2021 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 51 MB ] - 2020 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 6.4 MB ] - 2019 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 192 MB ] - 2018 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 52.2 MB ] - 2017 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 32.4 MB ] - 2016 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 19.2 MB ] - 2015 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 74.8 MB ] - 2014 කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික ගිණුම් වාර්තා
[ PDF - 28.8 MB ]
ප්‍රගතිය සහ ක්‍රියාකාරී සැලැස්ම
- ප්‍රගතිය - 2022 සහ ක්‍රියාකාරී සැලැස්ම 2023
[ PDF - 8.32 MB ] - ප්‍රගතිය - 2021 සහ ක්‍රියාකාරී සැලැස්ම 2022
[ PDF - 20.7 MB ] - 2020 ප්‍රගතිය
[ PDF - 31.8 MB ] - 2019 ප්‍රගතිය
[ PDF - 14.1 MB ] - 2018 ප්‍රගතිය
[ PDF - 10.0 MB ] - ප්‍රගතිය - 2017 සහ ක්‍රියාකාරී සැලැස්ම 2018
[ PDF - 10.5 MB ] - ප්‍රගතිය - 2016 සහ ක්‍රියාකාරී සැලැස්ම 2017
[ PDF - 9.1 MB ] - ප්‍රගතිය - 2014 සහ ක්‍රියාකාරී සැලැස්ම 2015
[ PDF - 3.5 MB ]
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම / අභ්‍යන්තර කටයුතු ඒකකය
අභ්‍යන්තර කටයුතු ඒකකය
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
සෑම ආයතනයකම අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් පහත සඳහන් අරමුණු සාක්සාත් කර ගැනීම අපේක්ෂා කෙරේ:
I. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
II. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
III. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
IV. විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
V. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
ආයතනික සුපිළිපන්නභාවයේ ප්‍රධාන අංග ඉලක්ක කර ගනිමින් ක්‍රියාශීලී, පැහැදිලි සහ කේන්ද්‍රගත දූෂණ විරෝධී ප්රයත්නයන් තහවුරු කිරීම සඳහා පහත සඳහන් නිශ්චිත වගකීම් සහ කාර්යයන් අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පැවරී ඇත.
I. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියා පටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
II. දුෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
III. ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිෂ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
IV. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
V. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දුෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකුලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හදුනාගැනීම.
VI. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
VII. ආයතනය තුළ දුෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශ්වකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දුෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
VIII. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
IX. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව. සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
X. දුෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
XI. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලින් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දුෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම (National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
XII. ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
XIII. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
XIV. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන
- සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීමේදී නියමිත මාසයට අදාල වෙන්කිරීම ඊට පෙර මාසයෙහි පළමු වැඩ කරන දින සිට ආරම්භ වේ.
උදා : අප්‍රේල් මාසයේ 01 වෙනිදා සිට 30 වෙනිදා දක්වා අවශ්‍ය වෙන්කර ගැනීම් මාර්තු 01 වෙනිදායින් ආරම්භ වේ.
- සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම් කටයුතු සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පමණක් සිදුකරනු ලැබේ.
- විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් විසින් සංචාරක බංගලා වෙන්කිරීමේදී අවශ්‍ය වන දිනයට දින 14 කට පෙර පමණක් වෙන්කිරීම සිදුකල හැකි වන අතර අයඳුම්පත්‍රය විශ්‍රාම වැටුප ලබා ගන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සහතික කරවාගත යුතු වේ.
- රාජකාරි වෙන්කිරීමකදී අදාල සේවා ස්ථානයෙහි ලිපි ශීර්ෂය සහිත ලිපියක් මඟින් රාජකාරි කටයුත්ත සහ ඊට සහභාගි වන නිලධාරීන්ගේ නාමලේඛනය ඉදිරිපත් කල යුතුය.
- සියලුම සංචාරක බංගලා හා නිවාඩු නිකේතන සඳහා පැමිණීම ප.ව. 1.00 සිට වන අතර පිටවීම පෙ.ව.10.00 වේ.
- අප අමතන්න
වෙන්කිරීම සඳහා : 011 2697316
පොදු අංකය : 011 2696211 (දිගුව : 216)
ෆැක්ස් : 011 2697299
- අයදුම්පත් යොමුකළ යුතු
අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
බැංකුව :මහජන බැංකුව
බැංකු ශාඛාව :බම්බලපිටිය ශාඛාව
ගිණුම් අංකය :310100119027430
ගිණුම් හිමියාගේ නම :ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
නිවාඩු නිකේතනයේ නම | පිහිටීම | දුරකතන අංකය | අයකරන ගාස්තුව (රු.) | කාමර සංඛ්‍යාව | උපරිම නේවාසික සංඛ්‍යාව |
නුවරඑළිය (පැරණි) | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 10 |
නුවරඑළිය (නව) A1 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) A2 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) B | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 750 | 02 | 04 |
දියතලාව - A | දුම්රිය ස්ථානය අසල | +94 57 2229068 | 1,000 | 04 | 11 |
දියතලාව - B | දුම්රිය ස්ථානය අසල | +94 57 2229069 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 01 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 02 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
**2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත
*කොන්දේසි අදාළ වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
- යාපනය, කතරගම,මොණරාගල, මහියංගනය, මිහින්තලය, මුලතිවු සහ පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා : 011 2697316
- අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- බැංකුව හා ශාඛාව : මහජන බැංකුව, බම්බලපිටිය ශාඛාව
ගිණුම් හිමියාගේ නම : ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ගිණුම් අංකය : 310100119027430
![]() |
![]() |
යාපනය | කතරගම |
![]() |
![]() |
මහියංගනය | මිහින්තලය |
![]() |
![]() |
මුලතිවු | පොලොන්නරුව |
![]() |
|
මොණරාගල |
නිවාඩු නිකේතනයේ නම | පිහිටීම | දුරකතන අංකය | කාමර සංඛ්‍යාව |
යාපනය | නාගදීප පාර, වේලනෙයි, යාපනය | +94 21 3004353 / 0774979252 | 25 |
කතරගම | කාවන්තිස්සපුර, තිස්සමහාරාමය | +94 47 3220999 / 0764666127 | 27 |
මහියංගනය | රජමහා විහාර භූමිය, මහියංගනය | +94 55 2258699 / 0743281331 | 25 |
මිහින්තලය | අනුරාධපුර පාර, මිහින්තලය | +94 25 2266502 / 0775299913 | 25 |
මුලතිවු | වෙරළ පාර, මුලතිවු | +94 21 2290339 / 0706965354 | 25 |
පොලොන්නරුව | නිස්සංකමල්ලපුර, නව නගරය, පොලොන්නරුව | +94 27 2055522 / 0717442356 | 25 |
මොණරාගල | කුඹුක්කන හන්දිය, කුඹුක්කන, මොණරාගල | +94 552270701 / 0702817576 | 8 |
කාමර ගාස්තු
කාමර වර්ගය | රාජ්‍ය අංශය (රු.) |
අර්ධ රාජ්‍ය/ පුද්ගලික හා ත්‍රිවිධ හමුදාව (රු.) |
විදේශික (රු.) |
ප්‍රභූ කාමර | 4000 / | 6500/ | 9750/ |
වායුසමනය කල | 2000 / | 4500/ | 6750/ |
වායුසමනය නොකල | 1500/ | 2500/ | 5250/ |
*කොන්දේසි අදාළ වේ.