"පුනරුදයේ පුරවර" - සමාරම්භක ජාතික උත්සවය බදුල්ලේදී.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" තේමාව යටතේ, ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වෙන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම උදෙසා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් මෙහෙයවනු ලබන අඛණ්ඩ වැඩසටහන, “පුනරුදයේ පුරවර” - 2025 පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීම සැප්තැම්බර් 15 දා සමස්ත දිවයිනේ පළාත් පාලන ආයතන 341 ආවරණය වන පරිද්දෙන් ඇරඹිණි.
මෙහි සමාරම්භක ජාතික උත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් 15 දා මෙරට සමස්ත පළාත් පාලන ආයතන 341 අතුරින් අඩුම ආදායමක් සහිත පළාත් පාලන ආයතනය වන බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මීගහකිවුල සති පොළ පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණි.
සැප්තැම්බර් 15 - සමාරම්භය සහ ජංගම සේවා දිනය
සැප්තැම්බර් 16 - පරිසර සහ රුක් රෝපණ දිනය (ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව)
සැප්තැම්බර් 17 - සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය (ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව)
සැප්තැම්බර් 18 - ආදායම් ප්‍රවර්ධන දිනය
සැප්තැම්බර් 19 - සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය (සාහිත්‍ය මාසයට සමගාමීව)
සැප්තැම්බර් 20 - මහජන උපයෝගීතා සහ ක්‍රීඩා දිනය (ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව)
සැප්තැම්බර් 21 - සහතික පත්‍ර ප්රදානය සහ සමාප්ති උළෙල
ලෙසින් මෙම සතිය තුළ වැඩසටහන් සකස් වී ඇති අතර ජනාධිපති කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා සහයෝගය දක්වයි. ඊට අමතරව එම ආයතන මට්ටමින් ද පළාත් පාලන සතියට සමගාමීව වැඩසටහන් විශාල ප්‍රමාණයක් සැලසුම් කොට ඇත.







ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


එස්.ජී. විජයබන්දු මහතා
බි.එම්.එම්.එම්. බස්නායක මිය
Productivity
මහින්ද සමරසිංහ මහතා
ලසන්ත අලගියවන්න මහතා